අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

හොඳටම පරාදයි! ඉන්දියාවට ලකුණු 62ක ජයක්…

by editor
පෙබරවාරි 24, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

පළමුවෙනි තරගයෙන්ම අපි හොඳටෝම පරාදය. විස්සයි 20 තරගයක දී ලකුණු 62කින් පරාද වීම දරාගන්නට අසීරුය.  ලකුණු 199ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර 20 තුළ ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණි. කඩුළු 06ක් දැවී ගියේය.

එක පිට එක කඩුලු වැටුනේය. බලාපොරොත්තු සහගත ආරම්භක පිතිකාර පැතුම් නිශ්ශංක ලකුණු නොලබා පළමු පන්දුවේදීම දැවී ගියේය.  අත්හදා බැලූ නවකයන් දෙදෙනා අසමත්ය. කමිල් මෙන්ඩිස් ලකුණු 13කටත්, ජනිත් ලියනගේ ලකුණු 11කටත් දැවී ගියේය.

චන්දිමාල් ෆේල්ය. පන්දු 09ක දී ලකුණු 10ක් ලබාගෙන දැවී ගියේය. දසුන් ශානක ලබා ගත්තේ ලකුණු 03කි. ගෞරවය රැකදීම සඳහා චරිත් අසලංකගේ හුදකලා සටනින්වත් ගෞරවය රැකුණේ නැත. චරිත් ලකුණු 53ක් ලබා ගත්තේය. ඒ පන්දු 47කට මුහුණ දෙමිනි. දුෂ්මන්ත චමීර පන්දු 14ක දී ලකුණු 24ක් රැස් කළේය.  ඔවුන් දෙදෙනා ලකුණු 40ක සබඳතාවයක් හත්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුවේය.

ඉන්දීය පන්දු යවන්නෝ හොඳටම කළහ. හැම පන්දු යන්නෙක්ම ශ්‍රී ලංකා පිතිකරුවන්ට  කදිම පීඩනයක් එල්ල කළේය. හොඳින්ම පන්දු යැවූ  බුවනේෂ් කුමාර් යැව්වේත් පන්දු ඕවර දෙකක් පමණි.   ඔහු ලකුණු 9කට කඩුලු 02ක් දවා ගත්තේය. වෙන්කටේෂ් ලියර් පන්දු ඕවර 03ක් යවා ලකුණු 36ට කඩුලු 02ක් දවා ගත්තේය. යුස්වේනද්‍ර ෂව්ලා පන්දු ඕවර 03ක් යවා ලබා දුන්නේ ලකුණු 11කි. කඩුල්ලක් දවා ගත්තේය. රවීන්ද්‍ර ජඩේජා පමණක් පන්දු ඕවර 04ම යැව්වේය. ඔහු ලකුණු 28ට කඩුල්ලක් දවා ගත්තේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කාසියේ වාසිය ජයගෙන හඹා යෑමක් තීන්දු කිරීම මොන තරම් වැරදි තීන්දුවක් දැයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියානුවන් පෙන්වා දුන්නේය.

ජයග්‍රහණය සඳහා  ලකුණු 200ක් ලබා ගත යුතු විය. ඉන්දියාව ලකුණු 199ක් ලබා ගත්තේය. ඒ  කඩුලු දෙකක් පමණක් දැවී යාමෙනි.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අනුකම්පා රහිත ඉන්දීය ප්‍රහාරයකට ලක් වූහ.

ඉෂාන් ක්‍රිෂාන් ආරම්භක පිතිකරු සේ ලකුණු 89ක් රැස්කළේය. ඒ පන්දු 56ක දීය. හයේ පහර තුනක් සහ හතරේ පහර  දහයක් ඒ ලකුණු 89ට එක් විය. හයේ පහර සහ හතරේ පහර වලින් ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 58කි. නායක රෝහිත් ෂර්මා පන්දු 32ක දී ලකුණු 44ක් රැස් කළේය.  ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 111කි. ශ්‍රෙයාස් ලියර් පන්දු 28ක දී ලකුණු 57ක් රැස් කළේය.  හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙක්ක ඊට ඇතුළත් විය.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර සහ දසුන් ශානක කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

පළමු තරගයම ශ්‍රී ලංකාවේ අපේක්ෂා සුනු විසුනු කර ඇත. අප තරගකාරීත්වයේ අහලකවත් නැති බව පළමු තරගයෙන් පෙන්නුවේය. ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීහු විසල් පරිවර්තනයක් අපේක්ෂාවෙන් සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්දුල පද්මකුමාර නික්ම යයි….

Next Post

වසර 21ට පසු මාධ්‍යවේදී නිමල රාජන් ඝාතන සැකකරුවෙක් බ්‍රිතාන්‍යයේදී මෙට්‍රොපොලිටන් පොලිස් අත්අඩංගුවට…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.