සතොස ආයතනය ආනයනික සහල් කිලෝවකින් රුපියල් 18ක ලාභයක් උපයන බව අනාවරණය වේ.
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන සහල් කිලෝවක් රුපියල් 105ට මිලදී ගෙන සතොස ආයතනයට රුපියල් 110 බැගින් අලෙවි කරනු ලබයි.
පසුව එම සහල් කලෝවක් රුපියල් 128කට පාරිභෝගිකයාට අලෙවි වේ. මේ සම්බන්ධව ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී චමිල ඉද්දමල්ගොඩ පැවසුවේ එම මිල ගණන්වලට සතොසට සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ලබා දීමට ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවය.
මේ පිළිබඳව සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් පවසා ඇත්තේ ගිය වසරේ රුපියල් කෝටි 120ක් පාඩු ලැබූ සතොස ආයතනය ලාභ ලබන මට්ටමට පත් කරගත හැකි වූයේ මෙවැනි ලාභයක් සහිතව සහල් ප්රමුඛ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම නිසා බවය.
සහල්වලින් ලබා ගන්නා ලාභය ඒවා ප්‍රවාහනය, ගොබෑම, සේවක පඩිනඩි ඇතුළු කටයුතු සඳහා වැය වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ඉදිරි උත්සව සමයේ දී සහල් කිලෝව රුපියල් 125කට අලෙවි කිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා කීවේය.







