චීනය සමඟ සමීපව කටයුතු කිරීම හේතුවෙන් සිරියාවද මේවන විට දැඩි ආර්ථික පරිහානියකට හා දරුණු ණය උගුලකට හසුව ඇති බවට අනාවරණය වේ.
ඒ අනුව පසුගිය කාලය පුරා චීනය විසින් ක්‍රියාත්මක කළ එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ තවත් එක් ගොදුරක් ලෙස සිරියාව හඳුන්වා දීමටද හැකිය.
චීනය සිය අවදානය සිරියාව වෙත ප්‍රථමයෙන් 2011 වර්ෂයේදී යොමුකර අතර ඒ වනවිටත් යුද ගැටුම් වලට මැදිව සිටි සිරියාවට සිය ආර්ථිකය වර්ධනය කරගැනීමේ දැඩි අවශ්‍යතාවයක් පැවතිනි.
එහිදී චීනය විසින් සිරියාවට විශාල බලාපොරොත්තු ලබාදෙමින් සිය මිත්රත්තයේ දෑත දිගු කළද එහි පිටුපස වූ බියකරු බවට නොවැටහිනි. මෙහිදී චීනය යුද්ධයෙන් වෙලී තිබිණු සිරියාවට යුද ගිනි දැල් මැදින් නව සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබදීම සිදුකෙරිණි.
මෙහිදී සිරියාවේ සිත දිනා ගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී සිරියවට විදේශ හමුදා එවීමට ලැබුණු යෝජනාවට චීනය විරෝධය පළ කිරීම සිරියානු ජනාධිපති බශාර් අල් අසාද්ගේ චීනය කෙරෙහි විශ්වාසය වර්ධනය කිරීමට හේතු විය.
ඒත් සමඟම චීනය විසින් සත්‍ය වශයෙන්ම ආර්ථික ප්‍රතිලාභයක් නොලැබෙන ව්‍යාපෘති සඳහා සිරියාවට ණය ලබාදීම පියවර ගනු ලැබිණි. මෙම ව්‍යාපෘති සුදු අලියෙක්ම වූ බැවින් එම ව්‍යාපෘති වලට ලබාදුන් ණය යලි පියවීමට සිරියාව අපහොසත් විණි.
ඒ අනුව සිරියාවට දිගින් දිගටම චීනය මත යෑපීමට සිදුවන තත්ත්වයට පත්විය. මෙම අවස්ථාවේදී බිජිං පාලනය විසින් ක්රමාණුකූලව මැදපෙරදිග සිය අණස පැතිරවීම සිරියාව ඔස්සේ ආරම්භ කෙරිණි.
එහිදී බීජිං පාලනයේ මූලිකම අරමුණ වූයේ රතු මුහුද සහ මධ්‍යධරණී මුහුද සම්බන්ධ කෙරෙමින් ඊජිප්තුව ඔසේසේ ඇති සුවස් ඇලමාර්ගයට ආසන්නයේ සිය අණසක පැතිරවීමයි.
එමගින් චීනයට ඇප්රිකාවටත්, යුරෝපයටත් සම්බන්ධ වීමට හැකියාව පවතින අතර ලෝක වෙළෙදාමෙන් සියයට 12ක් පමණ සිදුවන මෙම ප්‍රදේශයෙන් සිය අර්ථික ශක්තිය වර්ධන කරගැනීමත්ය.
ඒ අනුව ඉදිරියේදී සිරියාවේ වැදගත් අර්ථික මර්මස්ථාන රැසක පාලනයත් එමගින් සිය ආර්ථික අධිපත්යත් වර්ධනය කරගැනීමට චීනයට හැකවනු ඇත.







