ලබන සඳුදා (21) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර ඇතැයි එම සංගමය දන්වයි.
ඇමතිවරයා සමග කළ සුබ දායක සාකච්ඡාවකින් පසු මෙම තීන්දුව ගත් බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පහත නිවේදනය නිකුත් කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය.
ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ මැදිහත් වීමෙන් 2022 පෙබරවාරි 18 වන දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගරු සෞඛ්‍ය අමාත්‍යතුමන් සමඟ නොවිසදුණු වෛද්‍ය ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. ඒ සඳහා සෞඛ්‍ය ලේකම්තුමන් හා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්තුමන් සහභාගි විය.
එහිදී පහත තීරණ සඳහා එළඹෙන ලදී.
- රාජ්‍ය සේවයේ වැටුප්, දීමනා සහ වැටුප් පරිමාණ පිළිබඳ සියලු ගැටළු විසදීම කැබිනට් පත්‍රිකා මඟින් සිදු නොකර ජාතික වැටුප් කොමිෂන් සභාවට යොමු කළ යුතු බවත්, ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා වන ලෙස කටයුතු කළ යුතු බවටත් කැබිනට් මණ්ඩලයට සටහනක් ඉදිරිපත් කිරීම.
- ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ 2022 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුව පෙර පැවති ආකාරයට හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම.
- ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණ රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීම.
- ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ සහ විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ උසස් වීම් පටිපාටිය යාවත්කාලීන කිරීම.
ඒ අනුව, 2022 පෙබරවාරි 21 වන සඳුදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කරන ලදී. ඉහත එකඟතා ක්‍රියාත්මක වන ආකාරය අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග තීරණය කරනු ඇත.
තවද, ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා කරමින් වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධ විෂමතා නිවැරදි කිරිම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ යෝජනා මාලාවක් ජාතික වැටුප් කොමිසමට ඉදිරි සතිය තුල යොමු කිරිමට කටයුතු කරන අතර පවතින ජාතික ප්‍රතිපත්ති විනාශ කරනවා වෙනුවට එම ප්‍රතිපත්ති නිවැරදි කරමින් ප්‍රතිපත්තිගරුක රටක් බිහි කිරිම සදහා අප ඉදිරියේදී පුළුල් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරනු ඇත.
වැඩිදුර කියවන්න…







