බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

රට දිනන දරුපිරිසක් හැදෙන ඒරියාවේ අතීත පවත….

by editor
පෙබරවාරි 4, 2022 - Updated on සැප්තැම්බර් 13, 2025
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ශ්‍රීමතී විජේරත්න –

එරියාව ගම්පියසේ පිහිටි   එරියාව කණිටු විදුහල මුළු රටම කතා කළ විදුහලක් බවට පත්වූයේ  පසුගිය වසර කීපය තුළ ය.1941 ආරම්භ කරන ලද මෙම විදුහල 2000 වසර වනවිට වැසී ගියේය.  එහෙත්  2008 වසරේ නැවත විදුහල ආරම්භ කෙරිණි . 2016 වසරේත් , 2019 වසරේත් 5 වසර  ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් මේ පාසල 2017 සහ 2018 වසරවල දිවයිනේ  දෙවැනි ස්ථානය ලබා ගත්තේය.

ජයග්‍රහණයක් යනු සාමුහික ඵලයකි. ජයග්‍රහණයක අඛණ්ඩ ලක්ෂණ පෙන්වන සංදර්භයක් තුළ පැතිරී ගිය සමාජ සංස්කෘතික විශේෂතා තිබේ. ශිෂ්‍යත්ව විභාගය අරභයා ගුරු දෙමව්පිය සිසු කැපවීම ලංකාව පුරාම දක්නට ඇත්තේ අතිශය තරගකාරී ස්වරූපයකිනි. එහෙත් එක්තරා කේන්ද්‍රගත පරිසරයක  බුද්ධි ඵලය වැඩි දරුවන් පිරිසක්  හඳුනා ගත හැකි අවස්ථාවක දී  එම ඉලක්ක ප්‍රදේශයේ ඓතිහාසික සමාජ පරිසරය විමසීම උනන්දුව දනවන සුලු ප්‍රයත්නයකි. මේ ඒරියාව ගම්මානය කේන්ද්‍ර කරගෙන කරන අතීත තොරතුරු රැසක විමර්ශනානත්මක  පෙළගැස්මකි.

පිහිටීම

කුරුණෑගල සිට අනුරාධපුර ඇල්ල මාර්ගයෙන් දලදාගම පසුකර අඹන්පොල නගරයෙන් දකුණට හැරී ඇහැටුවැව දෙසට සැතපුම් පහක් පමණ ගමන් කළ විට “එරියාව” ගම්මානයේ නාමපුවරුව දිස්වේ .එතැනින් වමට හැරී දෙපස කැලෑවෙන් යුත් මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ගිය විට එරියාව ගම්මානය හමුවේ. ඒරියාව ගම සශ්‍රීක ය. පල බරය. දැකුම්කළුය.

eriyawa-school
ඒරියාව පාසල

ඉතිහාසය

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

එරියාව ගම්මානයට දීර්ඝ ඉතිහාසයක් උරුමය. මොරගස්තොට බස්නායක මුදියන්සේලා අප්පුහාමි ඔපිසර මහතා විසින් පුරාණ පුස්කොළ පොත්වලින් ලබාගත් තොරතුරු වලට අනුව ක්‍රිස්තු වර්ෂය 1892 ඔක්තෝම්බර් 31 දින ලියා මුද්‍රණය කරන ලද “ත්‍රී සිංහලයේ කඩයිම් සහ විත්ති ” යන පොතේ සඳහන් ආකාරයට සීතාවකපුර රජකල බුවනෙකබාහුගේ මහරජාණන්ගේ රාජ්‍ය පාලන කාලය වනවිටත් ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජිවත් වී ඇත්තේ මේ පොළොවේ සැබෑ උරුමය සහිත වැදි වංශක්කාර ජනතාවකි. ඒ අනුව මෙම එරියාව ගමත් වැදි නායකයෙකුගේ අනසකින් පාලනය වී ඇති බව සඳහන්ය.

එකල සීතාවක මහ වාසලේ රාජකාරි සඳහා රටේ තෝරාගත්   ගම්වලින් පුද්ගලයන් සම්බන්ධ කරගත් අයුරු දක්නට ලැබේ. එවක රජවාසලේ ආරක්ෂාව සඳහා එරියාවේ ගම් ලද්දෝ යන අය ද රජු විසින් සම්බන්ධ කරගත් අයුරු සඳහන් වේ. මෙලෙස බලන කල එරියාවේ ජීවත් වූ අය රජවාසල සමග කිට්ටු ඇසුරක් පවත්වා ඇති ආකාරය පිළිබිඹු වේ .

ගෞරවනාම ලැබීම

 1 සිංහ ප්‍රතාප වන්නිනායක මුදියන්සේ –

රජතුමාගේ ඇතුන් ඇල්ලීමේ කාර්යාංශය හෙවත් කුරුවේ කාර්යාංශයේ සේවය කළ අය අතර එරියාවේ තරුණයින් ද පෙරමුණ ගෙන කටයුතු කර ඇත. එරියාව ගමත් රජවාසලත් අතර තිබුණු කිට්ටු සම්බන්ධතාවය හේතුවෙන්  රජතුමා කීප වතාවක්ම ගමට පැමිණ තිබේ. එසේ රජතුමා ඇතු පිට නැඟී ප්‍රදේශය සංචාරය කරන අවස්ථාවක ආහාර ගැනීම සඳහා එරියාව ගමේ නතර වී ඇත. පසුව ගමන පිටත්වීමට සූදානම් වී බලන කල රජු පැමිණි ඇතා අතුරුදන්ව සිටියේ ය. කෙසේ හෝ රජතුමාට ඇතා සොයා දිය යුතුය. ඇතුන් ඇල්ලීමේ කලාව හොඳින් ප්‍රගුණ කර ඇති ගමේ තරුණයෝ වහා ක්‍රියාත්මක වී වනය පීරමින් ඇතා සෙවීමේ නිරත වූහ. තරුණයෝ මහා වනමැද අත්තනපොල වෙලේ සිටි සිටි ඇතා කල වැලකින් ගැටගසා රජතුමාට ගෙනැවිත් දුන්හ. මෙම නිර්භීත ක්‍රියාවට රජතුමා බොහෝ සේ ප්‍රශංසා කර ඇති ආකාරය සඳහන් ය. මෙවැනි සුරුවිරුකම් පෑ අයට තාන්න මාන්න ගම්බිම් රජතුමා විසින් පවරා දී තිබේ.

තවද එදා සිට එරියාවේ නායකයාට හා ඔහුගේ ඥාති සමූහයාට “සිංහ ප්‍රතාප වන්නිනායක මුදියන්සේ” කියා ගෞරව නාමය තබන ලදී.

 2 රංගේ බණ්ඩාර

2001 පෙබරවාරි 04 වෙනි දින දිවයින පුවත්පතේ .කේ.එම්.එස්.කේ.ඒ.රැකෝගම   විසින් ලියා පළකරන ලද “රාජ උදහස ලැබූ රංගේබණ්ඩාර ” නම් ලිපියට  අනුව එරියාව ගමේ   ඉතිහාසය පිළිබඳව සාක්ෂි සපයා ගත හැකිය. එම ලිපියෙන් උපුටාගත් තොරතුරු පහතින් සඳහන් කරමි.

“බුවනෙකබාහු  හා මායාදුන්නේ එක ගෙයි වසන කල මායාදුන්නේට දාව “නිලිපුල් මාලී “නම් බිසවකට කුමාරයෙක් ලැබිණ. ඔහුට “රංගේබණ්ඩාර යනුවෙන් නම් තැබීය. විසිවැනි වියේ දී රාජකීයයන්ගේ උදහසට ලක්වූ මෙම කුමරු තම මව හා නැගෙණියන් දෙදෙනා සමඟ  සත්කෝරලයේ හතර වන්නි ප්‍රදේශයට පලාගොස් තිබේ. හතර වන්නි ප්‍රදේශයේ ඒරියාව ගම මොවුන්ගේ පදිංචිය සඳහා තෝරා ගැනිණි. දැනට ලංකාවේ මුද්‍රණය වී ඇති කඩඉම් හා විත්ති පොත් වලට අනුව ලේඛනාගාරවල හා පුරාණ විහාරාරාම වල හා වලව්වල තිබූ පැරැණි පුස්කොළ පොත් වලට අනුව රංගේ බණ්ඩාර කුමරු කලක් වන්නිය සැඟව සිට පසුව රට පාලනය කර බව කළ බව සඳහන් වේ.

එවකට සත්කෝරලයේ වනගත ප්‍රදේශයක් වූ වන්නිය ඉන්දියාවේ මලල  ප්‍රදේශයේ සිට ක්‍රිස්තු වර්ෂ 1371 දී පමණ ලංකාවට සැපත් වූ මලල බණ්ඩාර වංශිකයන් සිව් දෙනකුට අයත් ප්‍රදේශයක් විය. මලල බණ්ඩාර වන්නිනායකලා වන්නි වරුන් හෙවත් සිරි වන්නිවරුන් ලෙස පොත පත සඳහන් කරයි. වන්නි වරුන් පාලනයකර ප්‍රදේශ වන්නිය වූවා සේම මුදියන්සේලා පාලනය කළ ප්‍රදේශය ප්‍රදේශයත් වන්නිය නමින් හැඳින්විණ. වන්නිනායක  මුදියන්සේලා විසින් පාලනය කළ මෙම වන්නි ප්‍රදේශය පිළිබඳ මාරඹේ රටේ මහත්තයාගේ කඩයිම් සහ විත්ති පොතේ සඳහන් වේ.

රැකෝගම පුස්තකාල විත්ති පොතට අනුව රංගේබණ්ඩාර සිංහ ප්‍රතාප මුදියන්සේ යැයි නම් ලබා සීතාවක මහ රජු යටතේ වන්නියාර් තනතුරු හොබවමින් එරියාවට ගොස් පදිංචි වූ වගත්, රංගේ බණ්ඩාරගේ මෑණියන් පරංගි රජයට විරුද්ධව නැගී සිටි අයුරුත්,  මෙම පුස්කොළ පුස්කොල පොතේ සඳහන් වේ.

 3 භාතිරාජ්ජ වන්නියාර්

රංගේ බණ්ඩාර හතර වන්නියේ සිරියාවට පැමිනෙන්ට පෙර එහි පාලකයා වූයේ  භාතිරාජ්ජ වන්නියාර්  දිශාවේ වරයාය. ශ්‍රී ලංකාවේ දීප්තිමත් හා අනගිභවනීය චරිතයකට උරුමකම් කී පළමු වන රාජසිංහ රජුගේ පියා මෙම භාතිරාජ්ජ  වන්නියාර්  නමැති පුද්ගලයා බව වේරහැර ආරියවංශ නාහිමි නාහිමි විසින් රචිත “සීතාවකපුර යුගය” නම් කෘතියේ සඳහන් වේ. කෙසේ වෙතත් ලංකා ඉතිහාසයේ සම්මත දැනුම වන්නේ පළමුවන රාජසිංහයන් සීතාවක මායාදුන්නේ රජුගේ පුතනුවන් බවය.

භාතිරාජ්ජ වන්නියාර් දිසාවේට පෙර මෙම හතර කෝරලේ  හතර වන්නිය ඉන්දියාවෙන් පැමිණි මලල බණ්ඩාර වන්නිනායක මුදියන්සේලාට අයත්ව තිබිණි. සත්කෝරලේ වන්නිනායක මුදියන්සේලා  පිලිබඳව පොතපතෙහි සදහන් වේ.

 4 ඇදි දුන්න විදි තිලක

රංගේ බණ්ඩාර එරියාවේ පදිංචි වී සිටින කාලේ රාජසිංහ රජු   භාතිරාජ්ජ වන්නියාර් ගේ ගම වන  එරියාවට පැමිණ තිබේ. එසේ පැමිණි රජුට ඒරියා වෙලේ දී ගමේ තරුණයින් සමග දුනු ශිල්ප ප්‍රගුණ කරමින් සිටු රංගේබණ්ඩාර හමුවී ඇත .කොලු ගැටව් ගේ දස්කම් දැක රජතුමා රංගේබණ්ඩාර අමතා වෙල්යායේ කෙලවරේ තණ කමින් ගවයෙකුගේ අගෙහි වසා සිටි කොකාගෙ ඇසට විද්ද හැකි දැයි විමසීය. සැණෙකින් දුන් අතටගත් රංගේබණ්ඩාර රජතුමා අමතා කොකාගෙ කුමන ඇසට විද  පෙන්වන්නේ දැයි විමසීය. විශ්මයට පත් රජතුමා රංගේ බණ්ඩාරගේ උපරිම දස්කම් දැකගැනීමේ අටියෙන් තමා හා රංගේබණ්ඩාර දෙසට යොමු වී ඇති කොකාගෙ දකුණු ඇස වෙනුවට වසන් වී ඇති වම් ඇසට විද පෙන්වන ලෙසට අණ කළේ ලු.

කොකාගෙ වසන් වී ඇති ඇසට විදින නුවණ රංගේ බණ්ඩාර ට පහළ විය. එකෙනෙහිම පළමු හීය කොකාගෙ හොට ලඟින් දිවෙන සේ මුදාහල රංගේ බණ්ඩාර   හීයේ ශබ්දයට තිගැස්සුණු කොකා තම හිස අනෙක් දෙසට යොමු කරනවාත් සමග දෙවැනි හීය කොකාගෙ වම් ඇස පසාරු කර දකුණු ඇසින් පිටවුණි. රංගේ බණ්ඩාර මී ගවයා ගේ දෙපාමුල වැටුනු කොකාගෙ මළ සිරුර රජු වෙත ගෙන ඇවිත් පෑවේය. වම් ඇසින් ඇතුළු වී ඇති හීය දකුණු ඇසින් පිටවී පිට වී ඇති අයුරු රජු දුටුවේය.

ප්‍රීති ප්‍රමෝදයට පත් රජතුමා මෙතෙක් බුවනෙකබාහු රජතුමා විසින් දෙන ලද සිංහ ප්‍රතාප වන්නිනායක මුදියන්සේ යන ගෞරව නාමය තව දුරටත් ඔපවත්  කරමින් ඇදි  දුන්න  විදි තිලක භීත සිංහ යන පෙළපත් නාමය එරියාවේ ගම්මුන්ට ලබාදුනි. තවද එරියාව ගම්වරය වන්නි නායකවරුන්ට සන්නසකින් පවරා දෙන ලදී.

එරියාවේ සිටින අය මෙම රං ගේ බණ්ඩාර කුමාරයාගේ පරම්පරාවෙන් පැවත එන්නන් බව පොත පතෙහි සදහන්ය.

උඩරට රජුන් විසින් නොයෙකුත් සුරුවිරුකම් පෑ  අයට පුද කළ   උඩරට රදළවරුන් ගේ ගාම්භීර  පෙළපත් නාම ලැබූ මෙම එරියාවේ ගම්මු එදා සිට භාවිතා කරනුයේ “ඇදි දුන්න විදි තිලක භීත සිංහ ප්‍රතාප රංගේ බණ්ඩාර වන්නිනායක මුදියාන්සේලාගේ ” යන ගෞරව නාමය යි. එදා සිට මේ ගමේ අය මහත් අභිමානයෙන් වෙති. ගමේ  අයගෙන් පැවත එන්නන් අදත් භාවිතා කරන්නේ ඉහත කී නම්බු නාමය යි.

පලි ගැනීම

එරියාවේ වන්නිනායක මුදියන්සේත්  උඩුවේරිය රත්නමලල බණ්ඩාර මුදියන්සේ ඥාති සහෝදරයින් වග සඳහන් ය. දිනක් උඩුවේරිය රත්නමලල බණ්ඩාර මුදියන්සේ ගේ මව හා නැගෙණිය උඩුවේරිය  සිට එරියාව පැමිණෙමින් සිට ඇත. එරියාව පාලනය කළ තම බාල පුත් වන්නිනායක මුදියන්සේගේ සුවදුක් බැලීම ගමනේ අරමුණයි.

වනපෙත් මැදින් වැටී ඇති අඩි පාරවල් කරත්ත පාරවල් දිගේ උඩුවේරිය සිට පාගමනින්   එන දෙදෙනාටම ගමන බොහොම වෙහෙසකර විය. එරියාව ගමට කිට්ටු කළ දෙදෙනා  අතරගල්ල වැව් බැම්ම දිගේ ගමන් කරමින් සිට ඇත. වැව  ජලයෙන් පිරී තිබී ඇත. රැළි නගන ජලකඳ මහා සාගරයක් බඳුය.   පහළ කෙත්වතු හා ගම්බිම් ය. අඹ, කෙසෙල්, දොඩම්, පල බරින් පිරී ඇත. විඩාපත් නැගෙණිය දොඩම් ගසකින් ගෙඩියක් කඩා ගත්තාය. මෙය දුටු වත්තේ අයිතිකරු කෝපයෙන් යුතුව මවටත් දියණියටත් හොඳහැටි බැන වැදී ඇත.   මේ දෙදෙනා එරියාවේ අය බව සැක හැර දැන එරියාවේ උන්ගේ වංශක්කාරකම තම  අමුඩය තරමටවත් නොවටිනා බව කි මේ පුද්ගලයා අමුඩයේ ගැටය ලිහා කාන්තාවන් දෙසට තම පස්සා පැත්ත පෙන්නා තිබේ.

කිසිදාක මෙවන් අත්දැකීමක් ලබා නොමැති දෙදෙනා මහත් ලැජ්ජාවට පත්ව හඬමින් තම සහෝදරයාගේ නිවසට පැමිණි තිබේ. කලකින් තමවත් නැගණියත් පැමිණීම දුර සිටම දුටු වන්නිනායක මුදියන්සේ තම මව හා නැගෙනණිය එන මග ඉදිරියට ගියේය. සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. ඉකි ගසමින් හඬන මවත් නැගණියත් දුටු ඔහු වික්ෂිප්ත වූයේ ය.

වහා කරුණු කාරණා විමසා සිදු වූ සියල්ල හොඳින් වටහා ගත් ඔහු දණ්ඩෙන් පහර කෑ විසඝෝර සර්පයෙකු සේ කෝපාවිෂ්ට විය. අතරගල්ල වැව පහළ ගම්මුන්ට  හොඳ පාඩමක් උගැන්වීමට ඉටා ගත්තේය .

මවත් නැගෙණිය තම නිවසේ නවත්වා තමා වහාම උඩුවේරිය තම සහෝදරයා හමුවීමට යාමට පිටත් විය. සිතේ ඇති කෝපය තෙරපෙමින් ගමනේ යෙදෙන මොහුට තම සොහොයුරාගේ නිවසට යාමට හෝරාවක ට වඩා ගත වූයේ නැත. සිදු වූ සියල්ල තම සොහොයුරු හට පැහැදිලි කර දී  යටකී ගම්මුන්ගෙන් පලි ගන්නා ආකාරය සාකච්ඡා කෙරිණි. සාගරයක්  ලෙසින් පිරී ඉතිරී ඇති අතරගල්ල වැවේ වැව් බැම්ම රාත්‍රී කාලයේදී කපා එහි ජල කඳෙන් ගම්බිම් යටකර සමූල ඝාතනයක් කිරීමට පිඹුරුපත් සැකසුණි.

උඩුවේරියේ තරුණ පිරිසත්, එරියාවේ තරුණ පිරිසත් කැඳවා කළ යුතු සියල්ල වටහා දුනි. රාත්‍රී කාලයේ දී තරුණයින් සියලු දෙනා අවි ආයුධ සමගින් අතරගල්ල වැව බැම්ම මතට පැමිණියහ. ගම්මුන් තද නින්දේය. රැළි නගන මහා ජල කඳ බියකරුය. බැම්ම කැපීම පටන් ගති. පාන්දර ජාමේ වනවිට බැම්ම බිඳිනි. තද නින්දේ සිටි ගම්වැසියන් ලොකු කුඩා සියලු දෙනා  යට කරමින් මහා ජල කඳ ගලා ගියේය . “හැට අටකයි හැටක්” ජනතාව මෙම ඛේදවාචකයෙන් විනාශ වූ වග කියැවෙයි.

උද්දාමයට පත් පිරිස තම ආධිපත්‍ය තවත් දීර්ඝ කාලයකට තහවුරු කර ගත් ආකාරය පෙන්නුම් කළෝය. එදා විනාශයට පත් පිරිස “පන්න දුරාවේ” යන කුලයට අයත් පිරිසක් බව ජනප්‍රවාදයේ පවතී .මෙම විනාශයෙන් දිවි දිවිගලවාගත් කීප දෙනෙක්  ළඟම පිහිටි කන්දට පැන තම ජීවිතය ආරක්ෂා කර ගත්හ. වර්තමාන ආඬිගම ගම එදා දිවි බේරාගත් අය ගෙන් පැවත එන්නන් ජීවත් වන ගමයි. මේ සිදුවීමත් සමග වසර සිය ගණනක් යන තෙක් අතරගල්ල වැව හා ප්‍රදේශය ජන ශුන්‍ය වනගත පෙදෙස ක් බවට පත් විය.

උරණ නොවීම

එරියාවේ ගම්මු විසින් කාලාන්තරයක් තිස්සේ රජයට කරන ලද ඇවිටිලිවල  ප්‍රතිඵලයක් ලෙසින් පුරාණ අතරගල්ල වැව ප්‍රතිසංස්කරණය කොට අලූතින් ජනාවාස ඇති කිරීම සඳහා  යොදන සංවර්ධන වැඩසටහනක් ක්‍රිස්තු වර්ෂ 1950 වසරේ දී ආරම්භ කෙරිණ. නව වැඩසටහන යටතේ අසලින් ගලා බස්නා මී ඔය හරස් කර මහ වේල්ලක් බැඳ එතැන අබකොලවැවත් එහි සිට අතරගල්ල ටත් එතනින් පාළුකඩවල වැවටත් ජලය  ලැබෙන සේ මහා වාරි යෝජනා ක්‍රමයක් සකස් කෙරිණි. මෙම වාරි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසු එහි ඉඩම් ලාභීන් වන්නේ ඒරියාවේ වැසියන්ය.

අතරගල්ල වැව  බැඳීමේ දී තම පාරම්පරික ඉඩම් වැවට යට වුවත් ගම්මු එයට උරණ වූයේ නැත. අනාගතයේ දී දැකගත හැකි සශ්‍රීකත්වය තේරුම්ගත් ගම්මු හැකි සෑම අයුරකින්ම සහයෝගය දීමට ඉදිරිපත් වූහ.

මතු සම්බන්ධයි.

(අවශ්‍ය තොරතුරු හා ලිපි ලේඛන සපයා දුන් අතරගල්ලේ ව. මු. රත්නායක මහතාට විශේෂ ස්තූතිය පිරි නමමි.)

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ වෙන්නෙ මොනව ද?. මටත් අවුල්… විදුලිබල ඇමති ලොකුගේ කියයි!

Next Post

“පුත්තලමේ හිමිනමකට පිහියෙන් ඇනීම පසුපස අරුන්දිකත් ඉන්නවා” -උඩුවේ හිමිගෙන් චෝදනාවක්

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.