කොළඹ පුරපතිනිය රෝසි සේනානායක විසින් ශ්‍රී ලාංකික විවාහක රූ රැජණවන පුෂ්පිකා ද සිල්වාට එරෙහිව එන්තරවාසියක් යොමු කර තිබේ.
පසුගියදා ලාස් වේගාස්හි පැවැත්වූ ලෝක විවාහ රූ රැජණ තරගාවලියේ අවසන් ප්‍රතිඵලය වෙනස් කිරීම සඳහා බලපෑම් කළේයැයි පුෂ්පිකා ද සිල්වා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රචාරය නිසා තමන්ගේ කීර්ති නාමයට සිදුවූ හානියට රුපියල් මිලියන 500 වන්දියක් ගෙවන ලෙස ඉල්ලා සිටිමිනි.
මෙම තරගාවලියේ අවසන් වටයේ සුරූපිණියන් 06 දෙනාට පුෂ්පිකා ද සිල්වා පිවිසුණාය. ඇය මාධ්‍ය ඔස්සේ කියා තිබුණේ තමන්ගේ ආරාධනයකින් හෝ රූ රැජන තරගාවලියේ සංවිධායකයින්ගේ ආරාධනාවකින් තොරව ලාස්වේගාස් වෙත රෝසි සේනානායක පැමිණි මොහොතේ සිට සැකසහිත විකෘති සිදුවීම් වූ බවය.
ඇය ලක්ෂ හැත්තෑ පහක් වියදම් කර ජාත්‍යාන්තර මොස්තර නිර්මාණකරුවෙකුගෙන් සකසා ගත් ගවුම නොලැබීම, තමන්ට වැරදි උපදෙස් ලබා දීම, විනිශ්ඡය මණ්ඩලයේ පූර්ණ ප්‍රසාදය ලබාගෙන සිටිද්දී ජයග්‍රහණය ගිලිහී යෑම සම්බන්ධ කුමන්ත්‍රණ පසුපස රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ සිටින බව පුෂ්පිකා ද සිල්වා ප්‍රකාශ කළාය.
කියවන්න….
රෝසි ලාස් වේගාස් ඇවිත් ගේම් ගැහුවෙ නැතිනම් ලෝක විවාහක රූ රැජණ මම – පුෂ්පිකා ද සිල්වා
.







