පානදුර සුමංගල පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ, මෙම විදුහල්පතිවරයා රුපියල් ලක්ෂ එක හමාරක අල්ලසක් ලබා ගනිමින් සිටියදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ය. අල්ලස ලබාගෙන ඇත්තේ විදුහලින් පිටත ස්ථානයක දී ය.
පාසලේ පළමු ශ්‍රේණියට ළමයකු ඇතුළත් කර ගැනීමට විදුහල්පතිවරයා මෙම අල්ලස ලබාගෙන ඇත. මෙම විදුහල්පතිවරයා අධ්‍යාපන පරිපාලන ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකි.







