බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කලාපීය භූ චලන හඳුනාගන්න චීන ආධාර ඇතිව බස්නාහිරට නව භූ කම්පන මධ්‍යස්ථානයක්!

by editor
ජනවාරි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කලාපීය භූ චලන වඩාත් හොදින් ග්‍රහණය කර ගැනීම සඳහා බස්නාහිර පළාත තුළ නව භූ කම්පන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කොට ඇතැයි භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල   පවසයි.

දැනට ක්‍රියාත්මක භූ කම්පන මධ්‍යස්ථානවලට අමතරව නව මානය ස්ථාපිත කිරීම මගින් ආසියානු කලාපයේ භූ කම්පන වඩාත් විද්‍යානුකූලව නිරීක්ෂණය කළ හැකි යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

භූ කම්පන හා භූ සම්පත පිළිබදව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම නිමිත්තෙන් එම කාර්යංශය ඊයේ (23) මහනුවර ගැටඹේදී පැවැත්වූ වැඩමුළුවට සහභාගීවෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ආසියානු කලාපයේ භූ චලන සහ සුනාමි තත්ත්වයන් පිළිබදව පූර්ව අනතුරු හැඟවීම් නිකුත් කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය බෙහෙවින් ඉවහල් කර ගනු හැකි යැයි ප්‍රකාශ කළ ඔහු චීන ආධාර මත නව මධ්‍යස්ථානය ඉදිකිරීමට නියමිත යැයි ද කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මහකනදරාව, හක්මන, බුද්ධංගල සහ පල්ලකැලේ ප්‍රදේශවල ස්ථාපිත භූ කම්පනමාන සහ බස්නාහිර නව මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම මගින් දිවයින ආවරණය වන පරිදි දත්ත කඩිනමින් ලබා ගත හැකි යැයි ද ඔහු කිවේය.

පල්ලේකැලේ භූ කම්පනමාන මධ්‍යස්ථානයේ ස්වයංක්‍රීයව උපකරණ මගින් ග්‍රහණය කර ගන්නා කම්පන දත්ත ඉතා කෙටි කාලයක් තුළදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට වාර්තාවන බව කී ඔහු එම ස්ථානය ශ්‍රී ලංකාවේ දත්ත රැස් කරන ප්‍රධාන මධ්‍යස්ථානය වශයෙන් ක්‍රියාකරන බව ද සඳහන් කළේය.

මාධ්‍ය දැනුවත් කිරීම නිමිත්තෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර  , භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා  , සිතියම්කරණ හා භූ විද්‍යා තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ජානක අජිත් ප්‍රේමා , ඛණිජ සමීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නලින්ද සිල්වා   ඇතුලු පිරිසක් සහභාගීවූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වියලි කාලගුණයේ වෙනසක්… ප්‍රදේශ කීපයකට වැසි…

Next Post

හරක් කටාගේ කෝටි 330ක කුඩු තොගය අල්ලන්න මුහුද මැද කළ නාවික මෙහෙයුම!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.