බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුවේ පරිපාලන ලේකම්ට රස්සා හොයන්න සභාපති පුටු දඩයම් කළ හැටි PNF හෙළිකරයි

by Lanka Sara Editor
ජනවාරි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ‍රේණුක පෙරේරා මහතා පත්කර තිබෙන අතර මෙම පත්කිරීම පිළිබඳ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් විවේචනාත්මක කරුණු දැක්වීමක් කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව පසුගිය දිනවල රේණුක පෙරේරාට රැකියාවක් සොයමින් සිටි අතර ඒ සඳහා පසුගියදා ලීට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඉවත් කොට පැය 2ක් තුළ ජනාධිපතිවරයාගේ නියෝගයකින් අවලංගු වූ බවය.

රුපියල් මිලියන 2000 බැගින් වාර්ෂිකව පාඩු ලබමින් සිටි මිල්කෝ ආයතනය වසරක් තුළ මිලියන 400ක ලාභයක් ලැබීමට තරම් දියුණු තත්වයට පත්කළ මිල්කෝ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ඉවත් කරන ලද්දේ ඔහු දේශපාලන හෙංචයියකු නොවන නිසා බවද එම පෙරමුණ චෝදනා කරයි.

එමෙන්ම ඊයේ ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වූ ගාමිණී සෙනරත් මහතාගේ ඥාති පුත්‍රයකු සතු සමාගමකින් චීන සමාගමකින් පොහොර ගෙන්වීම සිදුව තිබෙන බවට ද එම පෙරමුණ නිවේනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

වත්මන් පත්කිරීම් සහ ඉවත්කිරීම් සමග තහවුරු වන ආණ්ඩුවේ නිරුවත

වත්මන් ආණ්ඩුව පත්වනුයේ තරුණයන්ගේ හදවත් කකියවමින් මහ මගට බැස, ඔවුන් අතින් බිත්ති පින්තාරු කෙරවෙන තරම් ජවයකින් යුතුවයි. ඒ එදා මතුවූ තරුණ ජවය මරාදමමින් මේ ආණ්ඩුව මගින් ඉතා අශෝභන වූ, මෙන්ම රටට ව්‍යසනකාරී වූ තීරණ රාශියක් ගනු ලැබිණ. තීරණ ගැනීමේදී දැක්වූ දුර්වලතාවන්ට හේතුව අනවබෝධය සහ අත්දැකීම් මදකම ලෙස දක්වා සිටියද දැන් සිදුකෙරෙන පත්කිරීම් සහ ඉවත්කිරීම් වලදී එය එසේ නොවන බැව් ඉතා පැහැදිලිය.

චීන සමාගමකින් පොහොර ගෙන්වීම ගාමිණී සෙනරත් මහතාගේ ඥාති පුත්‍රයෙකු සතු සමාගමකින් සිදුව තිබියදීම, ඒ හරහා ශ්‍රී ලංකාවට විශාල දඩයක් ගෙවීමට සිදුව තිබියදීම ඒ මහතාගේ සම්බන්ධයක් මේ සම්බන්ධයෙන් ඇත්දැයි බරපතල සැකයක් මතුව තිබියදීම ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ලෙස ඔහුවම පත්කිරීම ඉන් ප්‍රධාන ගැටළුවකි.

රේණුක පෙරේරා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන්නේ මිනිමරු චෝදනාවට වැරදිකරු ව සිරගතව සිට සමාව ප්‍රධානය කරන ලද දුමින්ද සිල්වාට අවස්ථාව සලසමිනි. මිනීමැරුම් චෝදනාවකට වරදකරු වූ අයෙකුට රජයේ මෙවන් උසස් තනතුරක් ලබාදීමම ගැටළුවකි. ඔහුට සමාව දුන්නා මිස අධිකරණයෙන් ඔහු නිදොස් කොට නිදහස් කළා නොවේ. තවද ඒ දිනවල රූපවාහිනියේ දිගින් දිගටම පෙන්වන ලද ඔහුගේ අසනීප තත්වයන් සහ මානසික තත්වයන් හමුවේ ඔහුගේ සුදුසුකම් පරීක්ෂා කළ යුතු පාර්ලිමේන්තු කාරක සභාව කවර තීරණයක් ගත්තේ දැයි තවමත් කිසිවෙකුත් නොදනී.

දැන් ඒ ඉල්ලා අස්වූ රේණුක පෙරේරාට රැකියාවක් සොයමින් විවිධ ආයතනයන්හි සභාපතිවරුන් ඉවත් කරමින් ඔහුට තනතුරක් සොයමින් සිටීයදිී මීට සතියකට පමණ පෙර ලිට්‍රෝ සභාපති ඉවත් කරමින් රේණුක පෙරේරා පත්වූ අතර ජනාධිපතිවරයාට පැය දෙකක් ඇතුළතදී මැදිහත්ව එම තීරණය වෙනස් කිරීමට සිදුවිය. පොදුජන පෙරමුණ නමැති දේශපාලන පක්ෂය විසින්, වත්මන් ජනාධිපතිවරයා නොතකා මේ සියල්ල සිදු කරන බව වැටහෙන්නේ රේණුක පෙරේරා යනු පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා වන හෙයිනි. ජනාධිපතිවරයාගේ සුපුරුදු තීරණය වන හිටපු හමුදා ප්‍රධානියෙකුට පවරා සියල්ල නිවැරදිවනු ඇතැයි යන ඔහුට හුරු සිහිනය වෙත මේ අවස්ථාවේදී යොමු නොවීමද ඒ බැව් තහවුරු වීමට තවත් හේතුවකි.

එහි වර්තමාන ප්‍රතිඵලය ලෙස මිල්කෝ සමාගමේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ වෙනුවට යළිත් රේණුක පෙරේරා පත් කිරීමට සූදානම්ව තිබීමයි. මිල්කෝ සමාගමේ සභාපති ධූරය දරණ තෙක් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ප්‍රභල ක්‍රියාකාරිකයෙකු ලෙස අප සමග කටයුතු කළ ඔහු, මිලියන 2000කින් පාඩු ලබා තිබුණු මිල්කෝ සමාගම වසරකට මිලියන 400ක ලාභයක් ලබන තැනට ගෙන ආ අතර කිරි ගොවියන්ට ලැබෙන මුදල 30% ඉහළ නංවන ලදී. කොරෝනා පැතිරයන අතරදී ගෙන ආ මේ වෙනස දේශපාලන හෙංචයියෙකු නොවන තරුණයෙකු අතින් වූ නිසාදෝ ගත් මේ තීරණය සමග තවදුරටත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනතාව ලෙස කිසිදු විශ්වාසයක් නොතැබීම නිවැරදි බැව් තහවුරුව තිබේ.

එදා බිත්ති පින්තාරු කළ තරුණයාට අද ආණ්ඩුවෙන් ලැබී ඇත්තේ තද කනේ පහරකි. ඒ තරුණයා නැවත හැරී කණේ පහර දීමට මත්තෙන්, වත්මන් ජනාධිපතිවරයා සතුව යම් අල්පවූ අවංක භාවයක් හෝ පෞරුෂයක් වේ නම් සමාජය ඉදිරියේ තමා රූකඩයක්ව ඇත්ද නැද්ද යන්න සිතා බැලීමටත් , ඔහුට ඡන්දය දුන් නොදුන් ජනතාවට, අවස්ථාවාදීන්ගෙන් රට බේරාගැනීමට එක්වන ලෙස ඉල්ලා සිටීමටත් නිහතමානී වන ලෙස අවසාන වශයෙන් ඉල්ලා සිටින්නෙමු.

මෙයට,

ඉංජිනේරු කපිල රේණුක පෙරේරා
ලේකම් – වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙනසක් සමග ශ්‍රී ලංකා කණ්ඩායම  හෙට තරග බිමට…

Next Post

අක්‍රීය වූ නොරොච්චෝලෙ ජනන යන්ත්‍රය ගොඩ දාන්න චීනයෙන් පැමිණෙයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.