බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලිට්‍රෝ සභාපති වැඩ බැරි නිකමෙක්… හිටපු සභාපති අනිල් ගෙන් තෙෂාරට කණේ පාරක්!

by editor
ජනවාරි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වත්මන් ලිත්‍රෝ ගෑස් සභාපති තෙසාර ජයසිංහ නොහැකියාව, වැඩ බැරිකම  මෙන්ම නොදැනුවත්කම ප්‍රදර්ශනය කරමින් වසර 150ක් පැරණි කීර්තිමත් සමාගමක් වූ ලිත්‍රෝ ගෑස් සමාගමත්,  රටත්, රටේ පාලන අධිකාරියත් ව්‍යසනයට ලක් කරමින් සිටින බව එම සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත  ප්‍රකාශ කරයි.

සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ඔහු කියන්නේ තෙෂාර ජයසිංහ  වැඩබැරිකම වසා ගැනීමට තමන් ඇතුලු පිරිසක් වෙන්දේසි කරන්නේ වගකිවයුතු ආයතනයක ප්‍රධානියෙක් හැසිරිය යුතු ආකාරය ගැනවත් අවබෝධයකින් තොරව බවය.

වත්මන් ගෑස් පිපිරීමේ වගකීම ඔහු භාරගත යුතු බව හිටපු සභාපතිවරයා කියන්නේය.  කෙසේ වෙතත් වත්මන් සභාපති තෙෂාර ජයසිංහ ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන්ගේ පාලන කාලය තුළ ගෑස් සංයුතියේ වෙනසක් සිදුනොවුණ බවත්, මේ ගෑස් පිපිරීම් සඳහා තමන් වගකියන්නේ නැති බවත්ය.

ඒ ප්‍රකාශවලට පිළිතුරු සපයමින් හිටපු ලිත්‍රෝ සභාපති අනිල් කොස්වත්ත සිය ෆේස් බුක් ගිනුමේ මෙසේ සටහන් කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එම ෆේස් බුක් සටහන සම්පූර්ණයෙන් මෙසේය.

“වර්තමාන ලිත්‍රෝ සභාපති තෙසර ජයසිංහ මහතා නිරන්තරයෙන්ම තමගේ නොහැකියාව සහ නොදැනුවත්කම ප්‍රදර්ශනය කරමින් කටයුතු කරනු බවක්  හැඟේ.  වගකිවයුතු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක ප්‍රධානියකුගේ කාර්යභාරය නිසියාකාරව තෙරුම් ගත්තේ නම්, වසර 150 ක කීර්තිමත් ඉතිහාසයක් තිබෙන වර්තමාන ලිත්‍රෝ සමාගම සම්බන්ධයෙන් මෙතරම් අප්‍රසාදයක් සහ  අවිශ්වාසයක් ජනතාව තුළ ගොඩනැගෙන ආකරයෙන් කිසිදිනක කටයුතු  සිදු නොවනු ඇත.

මේ නිසා ලිත්‍රෝ සමාගම පමණක් නොව වර්තමාන ආන්ඩුව සහ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු සමස්ත ‍රජයම අපහසුවට පත්කොට තිබිම  ඊට ප්‍රධාන හේතුවයි. ඔහු තවදුරටත් ආයතනය තුළ සභාපති ලෙස සිටිමින් එම ආයතනය ජනතාවගේ විවෙව්චනයට සහ අවිශ්වාසය ගොඩනැගෙන ආකරයෙන් කටයුතු කිරිම නිසා ඔහු වැඩ බාරගත් දින සිට පසුගිය මාස 6 ක් තුළ පාරිභෝගිකයාට හෝ රජයට වාසිදායක මෙන්ම සාධනිය කිසිම  දෙයක් නොකිරීමෙන් ඔහු ගේ පරිපාලනයේ දුර්වලත්වය ඔහු විසින්ම මැනවින් ඔප්පු කොට ඇත.

පසුගිය රජයේ සිටි අවංක අමාත්‍යවරයෙකු වු දිවංගත මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයා සමයේදී ලිත්‍රෝ සමාගම් LPG ගැස් මිලදි ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2019 ජුලි මාසයේ දී නිසියාකාරව ආරම්භ කරන ලදි. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා විනිවිදභාවයෙන් යුක්ත අමාත්‍ය මන්ඩලය පත්කළ ප්‍රසම්පාදන කමිටුව විසින් තීරණය කොට අවසානයේ අභියාචනා කමිටුවට ද ඉදිරිපත් කොට 2020 ජනවාරි 30දින වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කරන ලදි.

ආන්ඩු දෙකක් මගින් ප්‍රසම්පාදන කටයුතු සිදු කොට තීරණය කල ටෙන්ඩරය මා පරිපාලනය භාරගෙන සතියක් තුළ ක්‍රියාත්මක කළ අතර එහි කොන්දේසි වෙනස් කොට හෝ සංශෝධනය කොට තිබේනම් ඒ සම්බන්ධයෙන් දෙනු ලබන ඕනම දඬුවමකටම යටත්වීමට මා සුදානම්ය.

එහෙත් නිසියාකාරව කරුණු හදාරා අවබෝධ නොකොට වගකිම් විරහිතව පසුගිය කාලය සම්බන්ධයෙන් සහ පුද්ගලිකව මා සම්බන්ධයෙන් තෙසර ජයසිංහ මහතා එල්ල කරනු ලබන චෝදනා ඉතා වගකිමෙන් බැහර කරනුයේ මා සභාපතිව සිටි වසර එකහාමාර පමණක් නොව ඊට පෙර සිටි පාලනධිකාරියේ වගකිමද මා බාරගනිමිනි.  ඒ මට පමණක් නොව ලිත්‍රෝ ආයතනයේ වර්තමානයේ සිටින ඉහළ කළමනාකාරිත්වයට මෙන්ම,  මෙතෙක්  එම සමාගමේ සිටි සියලු සභාපතිවරු මෙන්ම ලිත්‍රෝ සමාගම් පාලනධිකාරිය සහ එහි භාරව සිටි අමාත්‍යාංශ සහ අමාත්‍යවරුන්ටද මෙය කරන ලද අවමානයක් බැවිනි.

මම නැවතවරක් ලිත්‍රෝ වර්තමාන සභාපති තෙසර ජයසිංහ මහතාගෙන් ඉල්ලා සිටින්නේ ඔහු වර්තමාන පාලකයා ලෙස ඔහුගේ බල අධිකාරිය තුළ සමාගම සම්බන්ධයෙන් පසුගිය වකවානු තුළ රුපියලක හෝ වංචාවක් දූෂනයක් සිදුව ඇත්නම් තරාතිරම නොබලා ඔහු හෝ ඇය නීතියට හසුකර දීම වර්තමාන සභාපති ලෙස ඔහුට ඉතා පහසු කටයුත්තක් මෙන්ම එය ඔහුගේ වගකීමකි.

එමෙන්ම තමා අවංකව දූෂිතයෙක් නොවන්නේ නම් ඊට තාමා නිර්භයව ඉදිරිපත් වී එම දූෂිතයන් නීතිය ඉදිරියට ගෙන ඒමට ඔහු නොපැකිලිව කළයුතු ය.

එසේ නොමැතිව තමගේ නොහැකියාව වසන්කර ගැනීමට වෙනත් පාර්ශ්වයන්ගේ නම් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරිම යුක්තිගරුක පරිපාලකයකුගේ ලක්ෂණයක් නොවේ.

අනිල් කොස්වත්ත

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද විදුලිය කැපෙන්නෙ නෑ!

Next Post

බොරැල්ලේ දේවස්ථානයේ බෝම්බය ගැන පුංචි දරුවෙක් සී.අයි.ඩී.යට තොරතුරු කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.