බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැතුවේ බිලියන 23ක් ! ලැබෙන්නේ බිලියන 5ක්… රජයේ රෙද්ද ගැලවු  සිගරට්  බද්ද…

by editor
දෙසැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල ඉද්දගොඩ –

සිගරට්ටුවකින් අය කරන බද්ද රුපියල් පහකින් වැඩි කිරීම වෙනුවට සිගරට්ටුවක මිල රුපියල් පහකින් වැඩි කිරීමෙන් රුපියල් බිලියන 5කට අසන්න අතිරේක ලාබයක්  දුම්කොල සමාගමට එකතු වෙද්දී රාජ්‍ය ආදායමට රුපියල් බිලියන 5.5ක් පමණ අහිමි වන තත්ත්වයක් නිර්මාණය වි තිබේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳීම වෙනුවෙන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC)  අයවැයට පෙර යෝජනා කළේ සිගරට්ටුවක් සඳහා අය කරන බද්ද  රුපියල් 10කින් ඉහළ දැමීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 23ක මුදලක් එකතු කර ගත හැකි බවය. ඒ බව  පුන පුනා පෙන්වා දී තිබියදීත් සිදුව ඇත්තේ සිගරට්ටුවක මිල වැඩි කිරීම සහ ඊට අදාළ නිර්දේශිත බදු සූත්‍රය හරහා සමාගම්වලට තවදුරටත් තරවීමට අවශ්‍ය “නිර්මාණශීලී“ යාන්ත්‍රණයක් සැකසීම බව මේ වනවිට හෙළි වී තිබේ.

  • සිගරැට් කොම්පැණි පෝසත් කළ නිර්මාණශීලී යාන්ත්‍රණය –

මෙම යාන්ත්‍රණයට අනුව වැඩිවන්නේ සිගරට්ටුවේ මිල මිස බද්ද නොවේ. මේ වැඩිවන මිල මත අය වන බද්ද ගණනය කිරීමේදී එයින් රජයට යන්නේ සියයට 49කි. සියයට 51ක්ම යන්නේ බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම්කොළ සමාගමට සියයට 80කට වඩා හිමිකාරීත්වයක් ඇති ලංකා දුම්කොල සමාගමටය.

සාමාන්‍යයෙන් මෙරට වර්තමාන වාර්ෂික සිගරට් පරිභෝජනය බිලියන 2.3කි. වැඩිවන රුපියල් 5 මත මෙම කර්මාන්තයට අතිරේකව එකතු වන රුපියල් බිලියන 11.5කින් සියයට 51ක් යළිත් දුම්කොළ සමාගමේ ලාබයට එකු වෙයි. ඒ අනුව ආණ්ඩුවේ භාණ්ඩාගාරයට යන්නේ බිලියන 5.5කට ආසන්න මුදලකි. මෙය සිදුවන්නේ අඩුම තරමින් බිලියන 11ක් රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් යැවීමේ පැහැදිළි මාර්ගයක් තිබියදීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ලෝකයේ දුම්වැටි භාවිතය පුද්ගලයින් අතර අධෛර්යවත් කිරීම සඳහා යොදා ගත හැකි බලවත්ම උපකරණය ලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා දකින්නේ සිගරට්ටුවක් සඳහා අය කරන  බදු මුදල් වැඩි කිරීම ය.  එය මෙතෙක් ලෝකයේ සාර්ථක වී ඇති විකල්පයකි. අනෙක් අතට රාජ්‍ය භාණ්ඩාගාර පිරවීමට එය හේතුවකි. එවැනි පසුබිමක්  තිබියදී මුදල් අමාත්‍යංශ නිලධාරීන් මුල්ව මෙම මිල ක්‍රමය සාදා ඇත්තේ රජයට වගේම දුම්කොළ සමාගම්වලටද වාසි සැලසීමේ අරමුණින් වීම මේ වනවිට දැඩි කතා බහට ලක්ව ඇත.

  • බැසිල්ට යකා නැග්ග පාර්ලිමේන්තුවේ  ප්‍රශ්න කිරීම

මේ පිළිබඳව මුලින්ම රටේ අවධානයට එය ලක් කළේ සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණය. ඔහු  පසුගියදා අයවැය විවාදයේ මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයේදී  මේ කතාව ඇවිස්සුවේය. එයට මුදල් ඇමති බැසිල් රාජපක්ෂටද යකා නැංගේය. බුද්ධික පතිරණ   පෙන්වා දුන්නේ ශ්‍රි ලංකාවේ සිගරට්වල බදු නිර්ණය කිරීමේදී එහි දිග පිළිබඳව සලකා බැලෙන බවත් ඒ අනුව දිග මිලි මීටර 60, 68, 75 සහ 85 යන කාණ්ඩ හතරක් යටතේ බදු අය කිරීම් සිදු කරනු ලබන බවත්ය.

මෙවර අයවැයට අනුව සෙසු සිගරට් මිල වැඩිවෙද්දී  මිලි මීටර 60 අඩු සිගරට් එනම් ෆිල්ටරයක් රහිත දුම්වැටි වල බදු 50% පමණ අඩු කර ඇත.  මන්ත්‍රිවරයා එහිදී චෝදනා කළේ මෙයින් සිගරට් සමාගම්වලට වාසිදායක ලෙස රජය මෙම බදු සංශෝධනය කර ඇති බවකි. මෙම සිගරට්ටුවේ නව මිල රුපියල් 10කි.

ඔහු එහිදී සඳහන් කළේ මෙම තත්ත්වයට  හේතුව රටේ අඩු ආදායම් ලාභී සැලකිය යුතු පිරිසක් මෙම ෆිල්ටරය රහිත දුම්වැටිය භාවිත කරන අතර මිල වැඩි කිරීමත් මඟ තවත් පාරිභෝගිකයන් පිරිසක්ද ඊට ඇතුළු වන්නට සිටින නිසාය. මේ නිසා බදු එකතු වෙද්දී සිගරට් සමාගම්වලටද ඊට සාපේක්ෂව ආදායම් වැඩි වන තැනට කටයුතු යෙදී ඇත.

  • දුම්කොල සමාගමේ ආයෝජන

ලෝකයේ දුම්කොළ සමාගම් වැඩිම ආදායමක් ලබා ගැනීම සඳහා ආයෝජනය කරන්නේ දුප්පත් රටවලය. ඊට හේතුව ලෙස බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ  දියුණු රටවල දුම්පානය සීඝ්‍ර ලෙස පහළ වැටි ඇති නිසාය.

ශ්‍රි ලංකාවේ තත්ත්වයද මෙම ලෝක තත්ත්වයට ලොකු වෙනසක් නැත. මත්ද්‍රව්‍ය සහ මත්පැන් තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම්  පවසන්නේ පසුගිය වසර 10ක කාලය තුළ ශ්‍රි ලංකාවේද සිගරට් අලෙවිය සියයට 50කින් පමණ පහත වැටී ඇති බවය. ඔවුන්ට අහිමි වන ලාභය රඳවා ගැනීම සඳහා කළ යුතු හොඳම විසඳුම නව යොවුන් වියේ දරුවන් සහ දුප්පත් ජන කොටස් වැඩි වැඩියෙන් මිල අඩු විකල්ප සමඟ දුම්පානයට පෙළඹවීම බව එහිදී පෙනෙන්නට ඇති බව ඔහු පවසයි.

  • කසිප්පු සහ සීල් අරක්කු

එයද මත්පැන් අලෙවියේදී දැකිය හැකි පසුබිමට වඩා ලොකු වෙනසක් නැත. රජය නීත්‍යනුකූල මත්පැන් කර්මාන්තය සඳහා බදු පනවමින් හෝ මිල වැඩි කරමින් එහි භාවිතයන් සීමා කරවන විට නීති විරෝධි මිල අඩු විෂ මත්පැන් විකල්ප වැඩි වශයෙන් ප්‍රචලිත වීමක් දැකිය. හැකිය. මෙහි එකම වෙනස වන්නේ නීති විරෝධි මත්පැන් කර්මාන්තය සඳහා පාර්ශ්වකරුවන් ජාවාරම්කරුවන් රැසක් සිටියද දුම්කොළ කර්මාන්තයේදී සිගරට් වෙනුවෙන් මේ රටේ ක්‍රියාත්මක වන එකම ආයතනය මේ සියලු වෙළෙදපොළ කොටස් තම අභිමතය අනුව පාලනය කිරීමය.

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ රජයේ දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියටය.

මේ සම්බන්ධ සමීක්ෂණ කිරීම, ප්‍රතිපත්ති සම්පාදනය කිරීම එම අධිකාරියට අදාළ පනතේ 14 වැනි වගන්තියෙන් NATA ආයතනය වෙත පැවරී තිබුණත් 2006 සිට වසර 15 NATA  ආයතනය කිසිම සමීක්ෂණයක් හෝ සාධනීය ප්‍රතිපත්ති යෝජනාවලියක් ඉදිරිපත් කර නැති බවට ඔහු චෝදනා කළේ එම අධිකාරිය හුදෙක් කැළේ පැන්න සුදු අලියකු පමණක් ව ඇති බව පවසමිනි.

  • අත්තනෝමතික තීන්දු

සැබැවින්ම දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියටය නව මිල සංශෝධනය පිළිබඳව දැන සිටි බවක් පෙනෙන්නට නැත. එය හුදෙක් මුදල් අමාත්‍යංශය මූලික වූ නිලධාරීන් කිහිප දෙනකුගේ වුවමනාවට සිදුවූ දෙයක් බව පෙනී යයි. එසේම මෙම දුම්වැටි පාලනයට දැනට පවතින පනතට අනුව එම ආයතනයට සාධනීය බලපෑමක් කළ නොහැකි පසුබිමක් පවතින බවද පෙනී යයි. ඒ මන්ද යත් එම අධිකාරිය බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා වෙත ලිපියක් මඟින් දන්වා ඇත්තේ දුම්කොළ සහ දුම්වැටි පිළිබඳ ජාතික අධිකාරි පනතේ 14 (අ) වගන්තියට අනුව ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තියේ යම් අඩුපාඩු පවතින බැවින් ඒවා සංශෝධනය කිරීමට උප කමිටුවක් මේ වනවිට පත් කර ඇති බවය. එය මෙතක් අවධානයට ලක් නොවුණු කරුණක් වන්නට පුළුවන. පතිරණ මන්ත්‍රිවරයාගේ අනාවරණයෙන් පසුව එය සිදුවූවා වන්නටද පුළුවන.

කෙසේ වුවද මෙම කටයුත්තේ දී ඔවුන්ගේ ක්‍රියාත්මක භාවය අත්‍යවශ්‍යය.  එම ආයතන රජයට මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතය පිළිබඳව නිසි තීන්දු තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සහ දත්ත ලබා ගත යුතුය. එහෙත් මෙම ආයතනය පිහිටුවා වසර 15ක් තිස්සේ එවැනි ක්‍රියාවලියක් මඟින් මෙම කර්මාන්තය සාධනීය ලෙස නියාමනය කිරීමට මැදිහත්ව ඇති බවක් පෙනෙන්නේ ද නැත. එවැනි දත්ත සහ නිර්දේශ එම අධිකාරිය රජය වෙත ලබා දෙන්නේ නම් ඒවා ආවාට ගියාට කඩපිළෙන් එකතු කර ගන්නා දත්ත නොවිය යුතුය. ඒ සඳහා නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් තුළ සමීක්ෂණ මෙන්ම පර්යේෂණ සිදු කළ යුතුය. ඒ සඳහා අප දන්නා තරමින් එම අධිකාරියට පර්යේෂණ අංශයක් නැත.

පර්යේෂන අංශයක් නොතිබුණත් මේ රටේ විශ්ව විද්‍යාල පද්ධතිය හරහා මෙය සිදු  කළ හැකිය. එ සඳහා දුම්කොල සහ මද්‍යසාර පිළිබඳ අධිකාරියට පර්යේෂණ ප්‍රතිපාදන සහ අදාළ යොජනා ලබා දිම පමණක් ප්‍රමාණවත් වන්නේය. එහෙත් එවැනි ක්‍රියාපිළිවෙතක්ද මෙතෙක් නැත. ඒ පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත්ය.

සමස්තයක් ලෙස මේ රටේ බොහෝ විට සිදුවන්නේ අදාළ කටයුතු සඳහා නිශ්චිත ආයතන තිබියදී හිතුමතේට එකිවෙකට වෙනස් වූ ආකාරයේ තින්දු තීරණ ක්‍රියාත්මක වීමය. මත්ද්‍රව්‍ය සහ දුම්වැටි පිළිබඳව සැලකීමේදී ජාතික දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික ආයතනයත් සුරාබදු දෙපාර්තමේන්තුවත් දෙකම කටයුතු කර ඇත්තේ මේ ආකාරයෙනි.

ඒ අතරේ නීති විරෝධි මත් ජාවාරම්කරුවන්ට සහ සෞඛ්‍යයට ඉතා අහිතකරවන දුම්කොළ කර්මාන්තකරුවන්ට තම ජාවාරම් සියල්ල කරගෙන යාමට අවස්ථාවක් සැලසී ඇත්තේ දවසින් දවස මේ නීති විරෝධී සෞඛ්‍යමය අතින් අතිශයින් බියකරු මත්පැන් සහ දුම්වැටි කුලකයට වැඩි වැඩියෙන් පිරිස එකතු වීමය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනේ සරසවි සිසුන් දෙපිරිසක් බීමතින් ගහගෙන… 05ක් බරපතල තුවාල සහිතව රෝහලේ…

Next Post

දළදා මැදුරට බෝම්බ ගැසූ වරදකරුගේ දියණිය අගයන්න හිතුවේ ඇයි?… මහනුවර මානව හිමිකම් කාර්යාලය හේතුව කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.