අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන බැලයො ගැසට් කළ අලි කළමනාකරණ රක්ෂිතය කපනවා.. ගොවි සංවිධාන 86ක් යළිත් සත්‍යග්‍රහයකට!  

by editor
දෙසැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

වන අලි ගැටලුවට නිශ්ඡිත විසඳුමක් නොලැබීම හේතුවෙන් ගොවි සංවිධාන 86ක්  අනිද්දා ( 21 )  සිට යළි අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට සූදානම් වේ.  

වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම  පැවසුවේ හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කෙරුණද මෙතෙක් ඊට අදාල කිසිදු කටයුත්තක් සිදු නොමැති වීමත්, නිළධාරීන් දුන් කිසිදු  පොරොන්දුවක් ඉටු නොවීමත්?      ගැසට් කෙරුණු රක්ෂිතය තුළ පවා දිගින් දිගටම මහා පරිමාණ වගා ආරම්භ කරමින් තිබීමත් හේතුවෙන් දිනෙන් දිනම උග්‍ර වෙමින් ඇති වන අලි ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් ලබා ගැනීම වෙනුවෙන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කරන බවය.

වලව ගොවියෝ මේ මස 21 වන දින සිට   හම්බන්තොට කටුවැවදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව  වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම පැවසුවේය.

එස්.කේ.මහින්ද සමරවික්‍රම

සභාපතිවරයා  වැඩදුරටත් මෙසේද පැවසීය. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබෙන වන අලි ගැටලුවට විසදුමක් දෙන්න කියලා අපි අවස්ථා ගණනාවකදීම උද්ඝෝෂණ පෙළපාළි සංවිධානය කලා. බළධාරීන්ට ලිඛිත දැනුම් දීම් කළා. එකක්වත් වැඩක් වුනේ නෑ. බැරිම තැන අපි වලව ඒකාබන්ධ ගොවි සංවිධානය වටා එකතුවෙලා ඉන්න ගොවි සංවිධාන 86ක නියෝජිතයින් සමග   පසුගිය ජනවාරි 18 දින සූරියවැව වල්සපුගල වැව් තාවුල්ලේ දින 108ක අඛණ්ඩ සත්‍යග්‍රහයක් සිදුකලා. අවස්ථා දෙකකදී මාරාන්තික උපවාස සිදු කළා. 

එහි ප්‍රථිපලයක් ලෙස‍ පසුගිය අප්‍රේ්ල් 09 වන දින වනජීවී රාජ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ලෙස හෙක්ටයාර 23746ක භූමියක් ගැසට් කල බවට ගැසට් පත්‍රයක් පවා මුද්‍රණය කළා. ගොවි නියෝජිතයින් විසින් අඛණ්ඩ සතග්‍රහය අසලට පැමිණි දේශපාලන අධිකාරිය හා රජයේ නිළධාරීන් එක්ව එහිදී අපිට පොරොන්දු වුණා යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අදාල සියලු කටයුතු කටයුතු පසුගිය අගෝස්තු මස 31 දින වන විට සිදුකර අවසන් කරන බවට.

නමුත් මේ වෙනකම් ඒ කිසිදු පොරොන්දුවක් ඉටු වී නෑ. වන අලි ගම් වදින එක හා ජන ජීවිත වන අලින්ගේ බිල්ලක් වීම   මේ වන විට දිනෙන් දින උග්‍ර වෙලා තියෙනවා. යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය කියලා මුද්‍රණය කළ ගැසට් එක නමට විතරක් තියෙනවා. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ දේශපාලන හිතවතුන්ගේ ආධාර උපකාර ඇතිව තව තවත් වගාවන් සිදුකිරීමට කැලෑ ඉඩම් මහා පරිමාණයෙන් හෙළි කරමින් සිටිනවා.

ගමේ ඉන්න අසරණ ගොවියා වන අලින්ගෙන් බැට කමින් තිබෙනවා. ඒ නිසා බළධාරීන් ගිය වතාවෙත් අපිව රැවැට්ටුවා .ඒ නිසා මෙවර අපි ගොවි සංවිධාන 86ම නියෝජිතයින් හා සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තේ.

එළඹෙන 21 වන දින සිට අපි යළි අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරනවා. මෙවර අපි සත්‍යග්‍රහයට වාඩි වෙන්නේ කා එක්කවත් සාම සාකච්ජා පැවැත්වීමේ අදහසින් නම් නෙමෙයි. බළධාරින්ට අපි කියන්නේ අපි අපේ අඛණ්ඩ ගොවි සත්‍යග්‍රහය නවත්වන්නේ මේ ජනතාවට සාධාරණයක් වුනොත් පමණක් යැයි පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහියංගනය පාළම මතින් මහවැලි ගඟට පැන්න තරුණියගේ සිරුරු දින 03කට පසු හමුවේ!

Next Post

ටැන්සානියා ගිය දූත පිරිසෙන් තවත් 03කට කොවිඩ්… ඔමික්‍රෝන් දැයි සෙවීමට පරීක්ෂණ අරඹයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.