තුෂාරී කළුබෝවිල –
ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14කට නායයාම් රතු නිවේදන නිකුත් කර තිබේ.
ඒ අතර ගලිගමුව රුවන්වැල්ල (බී127) මාර්ගයේ දෙවෙනි කිලෝමීටර් කණුව අසල නායයාමක් හේතුවෙන් නැවත දනුම් දෙනතුරු මාර්ගය සම්පූර්නයෙන් වසා ඇති බවත්, විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා ඇත.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, මාවනැල්ල, වරකාපොළ, රුවන්වැල්ල, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට, අරණායක, බුලත්කොහුපිටිය, රඹුක්කන, කුරුණෑගල දිස්ත්රික්කයේ මාවතගම, පොල්ගහවෙල යන ප්‍රදේශවලට නාය යාම් දැඩි අවදානම් සහිත බවට එම නිවේදනයේ දක්වා තිබේ.
එම ප්‍රදේශවල ඇතැම් ජනතාව අවශ්‍ය වුවහොත් ඉවත් කිරීමට හෝ දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවට එම නිවේදනයේ දක්වා ඇත.
අධික වර්ෂාව නිසා කොළඹ, කළුතර, මාතලේ, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවලට ද නායයාම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් සවස් කාලයේ සහ රාත්‍රි කාලයේ වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි