බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට  නුසුදුසුනම් කුමන පරීක්ෂණ කළත්  එය නුසුදුසුමයි…මේ බලපෑම් සදාචාරාත්මක නෑ… මහාචාර්ය බුද්ධි මාරඹේ…

by editor
නොවැම්බර් 15, 2021
in පුවත්
buddhi-marambe

මහාචාර්ය බුද්ධි මාරඹේ

Share on FacebookShare on Twitter

රටකට සුදුසු – නුසුදුසු දේ තීරණය කරනු ලබන්නේ ඒ රටේ වගකීම සහිත රාජ්‍ය ආයතන  බවත්, නුසුදුසුයැයි නිශ්චිතව තහවුරු කළ රටේ පොළවට, පරිසරයට මෙන්ම අනාගතයට බරපතල ව්‍යසනයක් සිදුකළ හැකි   ආනයනික පොහොරක්  රට තුළට ඇතුළු කිරීම සඳහා කරන වෙනත් පාර්ශවයක  බලපෑමක් පිළිගත නොහැකි බවත්        පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ලංකාසරට පැවසීයි.

මහාචාර්යවරයා මේ බව පැවසුවේ මේ වනවිට චීන තානාපතිවරයා මහා නායක හිමිවරුන් බැහැ දැක  සිය   බලපෑම් කිරීමේ ස්වරූපය වෙනස් කරමින් ව්‍යාධි ජනක පොහොර තොගය ලංකාවට බාර ගැනීම සඳහා කෙරෙන බලකිරීම පිළිබඳව    කළ විමසුමට පිළිතුරු දෙමිනි.

මහාචාර්ය බුද්ධි මාරඹේ අප කළ විමසුමට පිළිතුරු දුන්නේ මෙසේය.

“ශාඛ නිරෝධායන මධ්‍යස්ථානය මගින් මෙම පොහොර පරීක්ෂාවට ලක් කරනු ලැබුයේ එම පොහොර ආනයනය මගින් මෙරටට ගෙන්විය හැකිද යන්න පිළිබඳ ස්ථිර නිගමනයක් ගැනීම සඳහායි.“

“අවස්ථා දෙකකදීම  කරන ලද පරීක්ෂණ වලින්  අදාල පොහොර  තොගයේ සාම්පලවල මෙරට භූමියට, ශාඛ සත්ව ප්‍රජාවට මෙන්ම පොදුවේ මේ රටේ අනාගතයට නුසුදුසු අහිතකර,  ව්‍යාධි ජනක ක්ෂුද්‍රජීවීන්  සිටින බවට තහවුරු වුනා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ අනුව මේ පොහොර තොගය රටට නුදුසුදු බවට රටේ රාජ්‍ය ආයතනයක් මගින් රටේ අභිවෘද්ධිය සඳහා තීරණයක්  ගත්තා.

මේ පොහොර තොගය චීනයේ හෝ වෙනත් රටක විය හැකියි. නමුත් අපේ රටට ඕනෑම ආනයනික ද්‍රව්‍යයක් ගෙනෙනවා නම්   එය  සුදුසු ද නැද්ද යන්න පිළිබඳ  නිශ්චිත හා අනුලංඝණීය  වගකීම ශ්‍රී ලංකාව සුතුයි. එය කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකියි. සදාචාර සම්පන්න ලෝකයේ සම්ප්‍රදාය එයයි.

එවන් පසුබිමක් මත ඕනෑම පුද්ගලයෙකුගේ මැදිහත් වීමෙන් රටේ වගකිවයුතු ආගමික නායකයින් හරහා නැවත ඒ පිළිබඳව  වෙනත් මානයකින් බලපෑම් කිරීමට ප්‍රවේශවීම  නැවතත් අනවශ්‍ය අර්බුදයකට මුල පිරීමක්.

මේ අවස්ථාවේ දී රාජ්‍ය ආයතනයක තීරණයක් අවතක්සේරු කිරීමට බලධාරීන් හෝ දේශපාලඥයින් හෝ වෙනත් ඕනෑම පාර්ශවයක් කටයුතු කරන්නේ නම්  එය බරපතල තත්වයක් නිර්මාණය කරනවා.

ඔබ යළිත් තේරුම් ගත යුතුයි.

රටට  නුසුදුසුනම් කුමණ පාර්ශවයක් විසින් පරීක්ෂා කරනු ලැබූවත්   එය රටට නුසුදුසුමයි.  සියලු දෙනා එය නිශ්චිතව අවබෝධ කරගන්නේ නම්  රටට යහපතක් සිදුවේවි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උණුසුමක් නැති තරගයක්… ඔස්ට්‍රේලියානුවෝ විස්සයි 20 ලෝක කිරුළ දිනති!

Next Post

සපුගස්කන්ද බිඳ දැමීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන්න… වෘත්තීය සමිති ඉල්ලයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.