බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

එංගලන්තය විසි වෙයි… කඩුළු 05ක ජයක් සමගින් නවසීලන්තය අවසන් වටයට…

by editor
නොවැම්බර් 11, 2021
in ක්‍රීඩා
ජේම්ස්  නීෂාම් හා ඩැරල් මිචෙල්

ජේම්ස්  නීෂාම් හා ඩැරල් මිචෙල්

Share on FacebookShare on Twitter

සියල්ලන් සිතුවේ අවසන් මහා තරගයට  නවසීලන්තය පරදා එංගලන්තය සුදුසුකම් ලබා ගනු ඇති බවය. එංගලන්ත කණ්ඩායම  2021 විස්සයි 20 තරගාවලියේදී  දැක්වූ දස්කම් ඒ තරම්ම ප්‍රබල වූයේය.

එහෙත් ඊයේ (10) පැවති   අවසන් පූර්ව වටයේ පළමු තරගයෙන් එංගලන්තය පරදා නවසීලන්තය කඩුළු 05ක විශිෂ්ට ජයක් සහිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.

කාසියේ වාසිය දිනුවේ නවීලන්ත කණ්ඩායමය.  ඔවුහු  මුලින්ම පන්දු රැකීම තේරුවහ. පන්දුවට මුලින් පහර දුන් එංගන්ත කණ්ඩාය වාර 20 තුළ දී කඩුළු 04ක් බිඳ වැටී ලකුණු 166ක් රැස් කළහ.

මොයින් අලි විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේය . ඔහු නොදැවී ලකුණු 51ක් ලබා ගත්තේ පන්දු 37කට මුහුණ දෙමිනි. හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. ආරම්භක පිතිකරු ජොස් බට්ලර් පන්දු 24ක දී ලකුණු 29ක් රැස් කළේය. ඩේවිඩ් මාලන් පන්දු 30ක දී ලකුණු 41ක් ලබා ගත්තේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

පන්දු යැවීමේ දී ටිම් සෝති, ඉෂ් සෝදි, අඩම් මිල්නේ සහ ජේම්ස් නීශම් කඩුල්ල බැගින් ලබා ගත්හ.

නවසීලන්තයට ලැබී තිබුණේ ලකුණු 167ක ඉලක්කයකි.

ආරම්භක පිතිකරුවන් වූයේ මාර්ටින් ගුප්ටිල්ල හා ඩැරල් මිචෙල්ය. මුළු ලකුණු සංඛ්‍යාව 04ක් වී තිබිය දී ආරම්භක පිතිකරු ගුප්ටිල් දැවී ගියේය. දෙවන කඩුල්ල ලකුණු 13 දී දැවී ගියේය. නායක කේන් විලියම්ස් ලකුණු 05කට දැවී ගියේ පන්දු 11කට මුහුණ දෙමිනි. තරගය මුලුමනින්ම නවසීලන්තයෙන් ගිලිහී යනු ඇතැයි සිතෙන පීඩාවකට කණ්ඩායම පත්වුණේය.

එහෙත් එක් අන්තයක් රැකගෙන ඩැරල් මිචෙල් පීඩනයක් රහිතව පන්දුවට පහර දුන්නේය. තුන්වන කඩුල්ල සඳහා ඉතා දකිම පදනමක් නිර්මාණය විය. ඒ කඩුලු රකින ක්‍රීඩක ඩෙවොන් කොන්වේ සහ ඩැරල් අතරය. ලකුණු 82ක සම්බන්ධතාවයක් ගොඩනැගෙද්දී 13 වැනි පන්දු ඕවරයේ 2 පන්දුවේ දී ඩෙවෝන් ලකුණු 46කට දැවී ගියේය. ඔහු පන්දු 38ක් ක්‍රීඩා කර තිබිණි. හතරේ පහර 05ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබිණි. ජයග්‍රහාහී පදනම නිර්මාණය කළේ ඒ සම්බන්ධතාවය ය. ලකුණු 95 දී තුන්වන කඩුල්ල දැවී ගියේය.

එහෙත් යළිත් තරගය එංගලන්තය පසට දෝලනය විනි. සිව්වන කඩුල්ල ලෙස ලකුණු 2ක් ලබා සිටිය දී ග්ලෙන් පිලිප්ස් දැවී ගියේය.  පන්දු ඕවර 15.1 දී ලකුණු 107කට කඩුළු 04ක් බිඳ වැටී තිබිණි.

අනතුරුව පිටියට පැමිණි ජේම්ස්  නීෂාම් හා ඩැරල් මිචෙල් සමග එක් වී අවසාන ස්ථාවර පදනම ගොඩනැගුවේය. නීෂාම් පන්දු 11ක දී ලකුණු 27ක් රැස් කළේය. ඒ   හයේ පහරක් 03ක් සහ හතරේ පහර එකක් සමගිනි. 17 වැනි ඕවරයේ අවසන් පන්දුවෙන් ඔහු දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 147කි.

නවසීලන්ත  කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූයේ එක් විශිෂ්ට ඉනිමකි. ඒ ඩැරල් මිචෙල්ගේ ය. ඩැරල් එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් පන්දු 48ක දී නොදැවී ලකුණු 73ක් ලබා ගත්තේය.

එක් පන්දු ඕවරයක් ඉතිරිව තිබිය දී නවසීලන්තය කඩුළු 05ක ජයක් වාර්තා කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරණ 25ක් සිදුවෙද්දී දෙලක්ෂ දොළොස්දහසක් පීඩාවට පත්වෙති…

Next Post

චීන පොහොර සමාගම තුන්වන පාර්ශවයකින් ගත් වාර්තාවක් දෙයි ! අහිතකර දේ නෑ කියයි !

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.