කීර්ති ප්‍රනාන්දු
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකම විදුලි බලය ඇනහිට ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව විදුලි පාරිභෝගිකයන් දෙලක්ෂ විසි දහසකට පමණ බලපෑම් එල්ල වී ඇතැයිද ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.
දකුණු පළාත ,මධ්‍යම පළාත හා නැගෙනහිර යන පළාත් වල ප්‍රදේශ රැසකටත් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටත් මෙසේ විදුලිය බිඳ වැටී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.
මෙම විදුලිය බිඳවැටීම් විශාල ප්‍රමාණයක් සිදු වී ඇත්තේ ගස් කඩා වැටීම් සහ නායයෑම හේතුවෙන් බවත් විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට එම ගස් කඩා වැටීම සහ නායයාම් බාධාවක් වී ඇති බව ද විදුලිබල මණ්ඩලය පවසයි.
බිඳවැටුණු එම විදුලි පද්ධති යතා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අධික වර්ෂාව මධ්‍යයේ මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ද විදුලි බල මණ්ඩලය පවසයි.







