බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සැලසුම් හරියටම වැඩ කළේ නෑ තමයි… ඒත් මේ ක්‍රීඩකයන් ගැන මට ආඩම්බරයි! මිකී ආතර් කියන කතාව…

by editor
නොවැම්බර් 4, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

මීකී ආතර් ගේ සැලසුම් ඉවරය. අප ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයෙන් විසිවී ඇත. අපට සිදුවූයේ කුමක් ද?. මේ ගැන විමසමින් ඊයේ  NewsWire වෙබ් අඩවිය ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් සමග සම්මුඛ සාකච්ඡාවක නිරත වී තිබුණේය. මේ  එම සම්මුඛ සාකච්ඡාවේ සිංහල අනුවාදය යි.

  • අපට පසුගිය තරග තුනම දිනන්න අවස්ථාව තිබුණා. ඒ නැතිවුනත් මේ තරුණ ක්‍රීඩකයන් ගැන මට සතුටුයි
  • පන්දු යැවීමේ බලඇණිය හොඳයි. ඒත් අපි තව අතිරේක පන්දු යවන්නන් දෙදෙනෙක්වත් සිටිය යුතුයි.
  • කුසල් සහ අවිශ්ක ඉතාම දක්ෂ ක්‍රීඩකයන්. ඒත් ඔවුන් තමන්ගෙ සුපුරුදු රිද්යමයට ආවෙ නෑ.
  • වනිඳු නියමයි… ඔහු හැමදාම මාව විශ්මයට පත් කරනවා…

ප්‍රශ්නය : සාජා හී පැවති අවසන් තරඟයෙ ගැන සලකා බලද්දී  අතිරේක දඟ පන්දු යවන්නෙකු යොදාගත්තා නම් වේග පන්දු යවන්නන්ට සාපෙක්ෂව අඩු ලකුණු ගණනකට ප්‍රතිවාදීන් සීමා කර ගැනීමට හැකිවෙයි කියලා ඔබ සිතනවාද?

පිළිතුර : ඇත්තටම මේක හොද ප්‍රශ්නයක්. ඒත් අපි කලින් පැවති තරඟ ගැන අවධානය යොමුකරන විට දඟ පන්දු යවන්නන්ට වඩා වේග පන්දු යවන්නන් අඩු ලකුණු ප්‍රමාණයකුයි ලබාදී තිබුනේ.

අපි අපේ සැලසුම්වලට අනුවයි කටයුතු කළේ. අපි වඩාත්ම සුදුසු පන්දු බල ඇණියයි යොදාගත්තේ. එහිදී අපි හිතුවේ වේග පන්දු යවන්නන් හොඳින් පන්දු යැවීමක් කරයි කියලයි. ඒ නිසා මම තවමත් හිතන්නේ ඒ තීරණය නිවැරදි තීරණයක් කියලයි.

නමුත් මා හිතන්නේ නැහැ අපි සැලසුම ඒ විදිහටම ක්‍රියාත්ම වුනා කියලා.  ඒ කොහොම වුනත් අපේ දඟ පන්දු යවන්නන් ඉතාම හොඳින් පන්දු යැවීම සිදු කළා.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ප්‍රශ්නය : තරඟාවලියට පෙර ඔබ සඳහන් කළා කුසල් පෙරේරා සියයට අසූවක ශරීර සුවතාවයකින් සිටියත් ඔහු තවමත් තරඟ දිනවන්නෙක් කියලා. ඒත් තරඟාවලිය පුරාම ඉනිම් හතකදී ඔහු රැස් කරගත්තේ ලකුණු 94ක් පමණයි. ඒ වගේම ඔහුගේ කඩුළු රැකීමත් අපේක්ෂිත මට්ටමේ තිබුනේ නැහැ කියල කියන්නත් පුළුවන්. මේ සියල්ල සමඟින් ඔහුගේ දායකත්වය ගැන ඔබ දකින්නේ කොහොමද ? ඔබ හිතනවාද එම තත්ත්වය ශ්‍රී ලංකාවට තරඟාවලියෙන් ඉවත්වීමට හේතු වුනා කියලා ?

පිළිතුර : ඇත්තටම නැහැ. කුසල ජනිත් හැකි සෑම අයුරකින්ම මෙම තරඟාවලියට සූදානම් වුනා. ඔහුගේ සූදානම් වීම ඉතාම සුවිශේෂීයි. ඒත් එය සිතුව විදිහටම සිදුවුනේ නැහැ. සමහර වෙලාවට එවැනි දේවල් සිදුවෙනවා. ඒත්  හොඳටම විශ්වාසයි ඔහු අපි සතුව ඉන්න සීමිත පන්දුවාර තරඟ වලට ක්‍රීඩා කරන දක්ෂම පිතිකරුවෙක් කියන කාරණය.

ඔහු තරඟ දිනවන්නෙක්. අනික අපිට තවත් එක් තරඟයක් ඉතිරිව තිබෙනවා. ඒ නිසා අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. ඒත්  ඔහු ක්‍රිඩා කළ ආකාරය ගැන ඔහු සෑහීමකට පත්වන්නේ නැහැ. ඒත් ඒ ඔහුගේ උත්සාහ‍යේ අඩුකමක් නිසා නිසා සිදුවුන එක්ක නොමෙයි. ඔහු දැඩි කැපවීමක් කරන ක්‍රීඩකයෙක්.

ප්‍රශ්නය : කුසල් ගැන වැඩිදුරටත් කතා කරනවානම්, ප්‍රතිවාදී කණ්ඩායම් ඇගිලි වලින් පන්දුව දඟ කවමින් ඔහුට යොමු කළා. ඇත්තටම මෙහිදී තිබෙන ගැටලුව කුමක් කියලද ඔබ සිතන්නේ ?

පිළිතුර : ඇත්තටම ඔහු සිය සුපුරුදු රිද්මයට පැමිණිය යුතුයි. මම ඔස්ට්‍රේලියානු තරඟයේ දී ඔහු සිය සුපුරුදු රිද්මයට පැමිණෙන අයුරු දැක්කා. ඇත්තටම ඔහුට අවශ්‍ය වන්නේ සිය සුපුරුදු රිද්මයට පැමිණීමයි.

ඒ සඳහා ඔහුට පන්දු 20ක් ක්‍රිඩා කිරීම හොඳටම ප්‍රමාණවත්. ඔහු පන්දු 20ක් ක්‍රීඩා කළොත් ඒ වන විට ඔහු ලකුණු 20කට ආසන්න සංඛ්‍යාවක් රැස් කරගන්න සමත්වෙනවා. ඉතින් ඉතිරි ලකුණු ඔහුට ඉතාම වේගයෙන් රැස්කරගන්න හැකියාව තිබෙනවා. ඒ නිසා මම සියයට සියයක් ඔහුට සහය දෙනවා.

ප්‍රශ්නය : මෙම තරඟාවලියට පැමිණෙන විට ක්‍රිඩකයින් අටදෙනෙකු පමණ ජාත්‍යන්ත විස්සයි විස්ස තරඟ දහයකටත් වඩා අඩු සංඛ්‍යාවක් තමයි ක්‍රීඩා කර තිබුනේ. ඒ නිසා මේ පිරිස ලෝක කුසලාන තරඟයටක සූදානම් කළ ආකාරය කෙසේද?

පිළිතුර : ඇත්තටම මම මේ ක්‍රීඩකයින් පිළිබඳ ආඩම්බර වෙනවා. මම තරඟාවලියට පෙරත් කිව්වා අපේ විස්සයි විස්ස තරඟවලට යම් දුර්වල බවක් පෙන්වන කාරණය. ඒත් අපි ගොඩනැමෙනුයි සිටින්නේ.

මම හිතනවා අපේ කණ්ඩායම ඉතාම හොඳ තැනක සිටින බවට. අපේ එක්දින කණ්ඩායම හොඳ තැනකට පැමිණෙමින් තිබෙනවා. ඒ වගේම අපේ ටෙස්ට් කණ්ඩායමත් හොද තැනක සිටිනවා.

මමත්, තේරීම් කමිටුවත්, අනෙක් පුහුණකරුවනුත් ඉතාම දක්ෂ තරුණ ක්‍රිඩකයින් පිරිසක් හඳුනාගෙන තිබෙනවා. අපි ඔවුන් හොදින් ක්‍රීඩා කරයි කියලා බලාපොරොත්තුවෙනවා.

ශ්‍රී ලංකාවට මෙම ක්‍රීඩකයින් පිළිබඳ ආඩම්බර වෙන්න පුළුවන්. අපි මෙම තරඟවාලියේ ලොකු දෙයක් කරන්න නොහැකි වුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳ තැනක තියෙන කාරණය ඔප්පු කරන්න හැකිවුනා. ඇත්තටම අපි තරඟාවලියේදී යමක් කළා කියලා මම හිතනවා.

මම හිතනවා හොඳ බීජ අපි පැල කර තිබෙනවා කියලා. තවත් අවුරුද්දකින් දෙකකින් හොද ප්‍රතිඵල අපිට දැකගන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය : ඔබ පළපුරුදු පුහුණකරුවෙක්. කණ්ඩායම් රැසක් පුහුණ කර තිබෙනවා. ඒ සියල්ල සලකා බලන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් අත්දැකීමක් වුනාද?

පිළිතුර : මම පුහුණු කළ හැම කණ්ඩායමක්ම මට සුවිශේෂී අත්දැකීමක් වුනා. ඒවගේම ශ්‍රී ලංකා කණ්ඩායමත් මට සුවිශේෂී කණ්ඩායමක්.

ඔවුන් ඉතාම විනයගරුකයි. ඒ වගේම දැඩි කැපවීමෙන් පුහුණුවීම් වල නිරතවෙනවා. මා හිතනවා හොඳ විනය පුරුදු කණ්ඩායම තුළ ඇති කරන්න අපිට හැකියාව ලැබුණා කියලා.

මම ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරීමට දැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනතාව වගේ රටත් ඉතාම සුන්දර තැනක්. මම හිතනවා මේ කණ්ඩායමට ඉතා යහපත් අනාගතයක් තිබෙන බව.

ප්‍රශ්නය : ඔබ කලින් කිව්වා ශ්‍රී ලංකා කණ්ඩායම තරඟවලියේදී යමක් කළා කියලා. ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද? මන්ද තරඟාවලියට එන විට කිසිවෙකුත් ශ්‍රී ලංකාවට මේ වගේ දුරක් එන්න ලැබෙයි කියලා හිතුවේ නැහැ. ඒ ගැනත් යමක් පැවසිය හැකිද  ඔබට ?

පිළිතුර  : මම හිතනවා අපි තරඟාවලියේදී යමක් කළා කියලා. මම හිතනවා අපි හොඳ තරගයක් දුන්නා කියලා. මා දකින විදිහට විශේෂයෙන්ම අවසන් තරඟ තුනේදීම අපිට තරඟය දිනන්න අවස්ථා තිබුණා.

මම දිගින් දිගටම ක්‍රීඩකයින්ට කියන්නේ සෑම විස්සයි විස්ස තරඟයක්ම ජය ගන්න අවස්ථාවක් තිබෙනවා. ඒකට අපිට නිවැරිදව පන්දු යවන්නත් නිවැරදිව පන්දුවයට පහරදෙනන් සිදුවෙනවා. එහිදී අපිට තරඟය ජයගන්න තිබෙන අවස්ථාව හඳුනාගෙන ඊට අනුගතව ක්‍රීඩා කරන්න වෙනවා.

කොහොම වුනත් මම මේ ක්‍රීඩකයින් ගැන ඉතාමත් සතුටු වෙනවා. මම හිතනවා අපිට දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවා. මම හිතනවා ඔවුන් ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරයි කියලා.

ප්‍රශ්නය :  2020 ලෝක කුසලානයේ සුපිරි 12දෙනා තෝරාගැනීමේ පළමු වටය නොවැම්බර් 15 වැනිදා අවසන්වෙනවා. අද (04) තිබෙන තරඟය අපිට මෙම තේරීම් වලට කෙතෙරම් වැදගත්ද?

පිළිතුර : හැම තරඟයක්ම අපිට වැදගත්. මම ඒ ගැන ක්‍රීඩකයින් සමඟ කතා කරලයි තියෙන්නේ. ඇත්තටම ක්‍රීඩකයින් සිය උපරිමය ලබා දුන්නා.

ඒත් අපි දැන් වසරකට ආසන්න කාලයක් අපි ජෛව බුබුල හේතුවෙන් දැඩි වෙහෙසකට පත්වෙලයි සිටින්නේ. ඒත් ඔවුන්  අද (04) තරඟයට උපරිමයක්  කරයි කියලා මම බලාපොරෙත්තුවෙනවා.

ප්‍රශ්නය : මෙම කණ්ඩායමේ විශේෂයෙන්ම විස්සයි තරඟ ගැන සලකා බලන විට වර්ධනය කරගතයුතු දෙයක් තිබෙනවා කියලා ඔබ සිතනවාද?

පිළිතුර :  මම අපේ පන්දු යැවීමේ බලඇණිය ගැන සතුටුවෙනවා. අපේ වේග පන්දු යන්නන් ගැන ඉතාමත් සතුටුයි. දූෂ්මන්ත චමීර ඇත්තටම ලෝකයේ ඉහළම මට්ටමේ පන්දුයවන්නෙක් කියල කියන්න පුලුවන්. ඒ වගේම අපේ දඟපන්දු යවන්නන් දෙන්නත් ඉතාම සුවිශේෂීයි. ඒත් මම හිතනවා තවත් අතිරේ පන්දුයවන්නන් දෙන්නෙක් අවශ්‍යක් කියලා.

අපේ පන්දුවට පහරදීම ඉතාම හොඳ තැනකට තිබෙනවා. පිතිකරුවන්  ඔවුන්ගේ දක්ෂතා දිනෙන් දින වර්ධන කරගන්න ආකාරය දැකගන්න ලැබෙනවා.

සෑම අයෙකුටම පැහැදිලි රාජකාරියක් තිබෙනවා. ඔවුන් ඒක් නිසි විදිහටම ඉටු කරනවා. ඒත් මම එංගලන්තය දෙස බලනවිට ඔවුන්ගේ පන්දු රැකීම හොඳ තැනක තිබ්බා. මම හිතනවා අපේ ඒ අංශයත් තවත් වර්ධනය කරගත්තානම් ඕනෑම කණ්ඩායමකට එරෙහිව හොඳ තරඟයක් දෙන්න හැකිවෙයි කියලා. ඔබේ  ප්‍රශ්නයට උත්තරයක් දෙනවානම් මම කැමති සියලුම අංශ තවත් සුමට වෙනවා නම්.

ප්‍රශ්නය: අවිශ්ක ප්‍රන්න්දු අංක හතර ස්ථානයේ අසාර්ථක වීම ගැන කියනවා නම් ?

පිළිතුර : ඔහු ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක්. මම කුසල් ගැන කිව්වා වගේම ඔහුට සිය සුපුරුදු රිද්මයට එන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒත් ඔහු ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක්. ඒත් විශ්වාසයි ඔහු ඉදිරි තරඟ වලදී හොදින් ක්‍රීඩා කරයි කියලා.

ප්‍රශ්නය : ඔහු අද (04) ක්‍රීඩා කරයිදී ?

පිළිතුර : ඔව්. ඔහු   ක්‍රීඩා කරයි.

ප්‍රශ්නය :  වනිදු විස්සයි විස්ස තරඟ වල හොදම පන්දු යවන්නා බවට පත්වෙලා තියෙනවා. ඔහුගේ දායකත්වය ගැන ඔබ කොතරම් සතුටට පත්වෙනවාද? ඔහුගේ වැඩිදියුණු කරගන්න යමක් තිබෙනවාද?

පිළිතුර : ඔහු හැමවිටම මාව විශ්මයට පත්කරනවා. ඔහු පන්දුවෙන්   වගේම පිත්තෙනුත් සුවිශේෂී දස්කම් පෙන්වනවා.

මම ඔහුව දැක්ක මුල් දවසේ සිට ඔහුට හොඳ සහයක් දෙන්න කටයුතු කළා. මේවන විට ඔහු ඉතාම හොඳින් ක්‍රීඩා කරමින් සිටිනවා. ඒ වගේම ඔහුට හොද ආත්ම විශ්වාසයකුත් තිබෙනවා.

ඒත් ඔහු මේ දේවල් අත් කරගත්තේ දැඩි කැපවීමකින් ක්‍රීඩා කරන නිසයි. ඔහු දැඩි කැපවීමෙන් පුහුණුවීම් කරනවා. ඒ නිසා මම ඔහු ගැන ඉතාම සතුටට පත්වෙනවා.

ප්‍රශ්නය :  ලෝක කුසලානය දිහා ආපසු හැරී බලනවිට ශ්‍රී ලංකාවට සුදානම් වීමේදී සහ ක්‍රීඩකයින් තේරීමේදී මීට වඩා හොදින් කරන්න හැකියාවක් තිබුනාද?

පිළිතුර : මා හිතන්නේ අපි තරඟාවලියට හොදින් සූදානම් වුනා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් හොඳ සහයක් දුන්නා. තේරීම් කමිටුවත් සුවිශේෂී කාර්යක් කළා කියලා මම හිතනවා.

මා ආපහු හැරී බලනකොට මම දකින්නේ  තරුණ කණ්ඩායමක්. අපිට එංගන්නතය, දකුණු අප්‍රිකාව පරාජය කිරීමට අවස්ථාව තිබුණා. ඒත් මම ඉතාම සතුටුවෙනවා මේවෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ සියලුමදෙනා ගැන.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේ හදන්නෙ සත්‍ය සෙවීම සඳහා යන ගමන බයකරලා මර්ධනය කරන්න…  සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියයි!

Next Post

කොවිඩ් මරණ 13800 පනී…

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.