ලලිත් චාමින්ද –
ගාල්ල ප්රධාන බස්නැවතුම්පොළේ ඉහල මාලයේ පිහිටි සතොස වෙළද සැලේ විදුරුවක් කඩා එයට ඇතුල්වු අයෙකු විසින් වෙළදසැලේ තිබු කිරිපිටිපැකට් තුනක් සොරකම්කරගෙන ගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
ඊයේ (30) රාත්රි 7.30 හා 8.00 අතර කාලයේ දි මෙම පුද්ගලයා විසින් සතොස වෙළදසැළේ ගොඩනැගිල්ලේ සවිකරතිබු ගිනි නිවිමේ සිලින්ඩරය උපයෝගි කරගෙන විදුරුවක් බිදදමා ඇති බැව් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
සැකකරු වෙළදසැලට ඇතුල්වි විනාඩි කිහිපයක් ඇතුළත කිරිපිටි පැකට් කිහිපයක් බැගයක දමාගෙන පිටව ගොස් ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු විසින් සතොස වෙළඳ සැළේ තවත් භාණ්ඩ සොරකම් කොට ඇද්ද යන්න පිළිබද පොලිසිය විසින් මේවනවිට විමර්ශනයක් ආරමභකොට ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා සි.සි.ටි.වි දර්ශන උපයෝගිකරගෙන ගාල්ල පොලිසිය විසින් පරික්ෂණ පවත්වයි.







