බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විසි තුන් කෝටියක රටට වැඩක් නැති පරීක්ෂණ ගැන විගණනය රුහුණු සරසවියෙන් විමසයි!

by editor
ඔක්තෝබර් 21, 2021
in පුවත්
University-of-Ruhuna
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්යමණ්ඩලය සදහා  වාර්ෂිකව පර්යේෂණ දිමනා ලෙස  මිලියන 236ක මුදලක් ගෙවා තිබුනද  සිදුකර තිබු පර්යේෂණ හා එවායේ ප්‍රථිපල ජනතාව වෙත සන්නිවේදනය වි නොතිබු බව   ජාතික විගණන කාර්යාලය මගින්  නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ 2020 වර්ෂයේ  දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මුල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන්  ජාතික විගණන කාර්යාලය මගින් මෙම වාර්තාව නිකුත්කොට තිබුණි.

එමෙන්ම දැනට  විශ්වවිද්‍යාලය තුළ සේවය නොකරණ  අධ්‍යයන කාර්යමණ්ඩලයේ   නිලධාරින් 04 දෙනෙකු වෙත  ගෙවා තිබු  රුපියල් 858,745ක් පර්යේෂණ දිමනාවලට  අදාළ පර්යේෂණ වාර්තා ඉදිරිපත්කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.  

තවද 2018 හා 2019 වර්ෂවල  ආචාර්යවරුන් 26 දෙනෙකු වෙත  ලබාදී තිබු  රුපියල් 3149,340ක් වු  පර්යේෂණ අත්තිකාරම් මුදල් 2020 වර්ෂය අවසාන වන විටත්  පියවිමට කටයුතුකර නොතිබුණු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

එමෙන්ම 2014 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා  චක්‍රලේඛ උපදෙස් ප්‍රකාර පර්යේෂණ යෝජනා අනුමත කරවා නොගෙන  විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩලය සදහා  පර්යේෂණ දීමනා ගෙවා තිබු බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

විගණනය මගින් දක්වා ඇති විගණන නිරික්ෂණ සම්බන්ධයෙන්  කළමණාකාරිත්වයේ අදහස් දැක්වීමේ දී  සඳහන්කොට ඇත්තේ  පර්යේෂණ ප්‍රතිඵල පත්‍රිකා ප්‍රකාශකිරීම  නිරන්තරයෙන් සිදුවන බවය. එම පර්යේෂණ ප්‍රතිඵල මත  අදාළ සිසුන් හෝ ආචාර්යවරුන්  තවදුරටත් එම කටයුතු කරගෙන යන බවය. 

එමෙන්ම නොපියවූ අත්තිකාරම් වහාම පියවීමට උපදෙස් ලබාදී ප්‍රමාදවීම සම්බන්ධයෙන්  විමසා ලිපි යොමුකර ඇති බව ද  කළමණාකාරිත්වය විසින් විගණනයට ප්‍රකාශකොට ඇත.

විශ්වවිද්‍යාලය තුළ සේවය නොකරන  අධ්‍යයන කාර්යමණ්ඩලයේ   නිලධාරින් 04 දෙනෙකු වෙත  ගෙවා තිබු  රුපියල් 858,745ක් පර්යේෂණ දිමනාව සම්බන්ධයෙන් කළමණාකාරිත්වය  විගණනයට ප්‍රකාශකොට ඇත්තේ  මෙම නිලධාරින්  රුහුණු විශ්වවිද්‍යාලයේ සේවයේ යෙදී සිටියදී  පර්යේෂණ යෝජනාව ඉදිරිපත්කර  පර්යේෂණ දීමනා ලබාගෙන ඇති බවය. 

ඔවුන් ස්ථාන මාරුවි ගිය අවස්ථාවේ  සිට ගෙවිම් නතරකොට ඇති බවද සදහන්කොට ඇත. පර්යේෂණ දිමනා ගෙවා ඇත්තේ  චක්‍රලේඛ ප්‍රකාරව බව  ද කළමණාකාරිත්වය විසින්  විගණනයට ප්‍රකාශකොට ඇත. 

උසස් අධ්‍යාපන චක්‍රලේඛ අංක 1/2011 සහ 1/2011 (1)  අදාළකරගතයුතු බවට  විශ්ව විද්‍යාප ප්‍රතිපාදන කොමිසම් සභා  චක්‍රලේඛ අංක  5/2014 (1) අනුව උපදෙස් දි ඇති බැවින්  ඒ අනුව අදාල පර්යේෂණ දිමනා ගෙවා ඇති බවය.

කෙසේවුවද මේ සම්බන්ධව විගණනය මගින් ඉදිරිපත්කොට ඇති නිර්දේශවල සඳහන් වන්නේ  පර්යේෂණයක ප්‍රතිඵල ප්‍රකාශනයක පළකිරිම පමණක්  ප්‍රමාණවත් නොවන බවය. එවායේ ප්‍රතිඵල ජනතාව වෙත සන්නිවේදනය කිරීමට  වැඩපිළිවෙළක් ස්ථාපිත කළයුතු බවය. 

2/2014 චක්‍රලේඛනය පදනම්කරගෙන  පර්යේෂණ දීමනා  ගෙවීමට ක්‍රියාකළ යුතු බවද විගණනය  මගින් ඉදිරිපත්කොට ඇති නිර්දේශවල සදහන් වේ. 

එමෙන්ම පර්යේෂණ දීමනා ලබාගන්නා  සියලුම නිලධාරින්ගෙන්  පර්යේෂණ වාර්තා ලබාගැනීමට ක්‍රියා කළයුතු බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයර්ලන්තය පරදී… ශ්‍රී ලංකාවට ලකුණු 70ක ජයක්!

Next Post

ප්‍රවේසම් වෙන්න… දරුණු අකුණු අනතුරු ඇතිවිය හැකියි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.