අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දෙවන විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 05ක ජයග්‍රහණයක්…

by editor
ඔක්තෝබර් 10, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඕමානයේ අල් එමෙරාට් ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවති දෙවැනි විස්සයි 20 තරගය කඩුළු 05කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය.

ඒ ඕමානය පන්දු ඕවර විස්ස අවසනායේ ලබා දුන් අභියෝගතාත්මක ලකුණු 159ක ඉලක්කය පන්දු ඕවර 17. 3ක දී පසුකර යමිනි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට ඕමාන කණ්ඩායමට ආරාධනා කළේය.   ඕමාන කණ්ඩායමේ පිතිකරුවෝ ඉතා තියුණු අභියෝගයක් ශ්‍රී ලංකා කණඩායමට එල්ල කරමින් පිතිකරණයක යෙදුනහ.

ඉතා ප්‍රහාරත්මක පිතිකරණය යෙදුනේ  අකියුබ් ලියාස්ය. ඔහු පන්දු 38 ක දී ලකුණු 59ක් ලබා ගත්තේය.  කාශ්‍යප් ප්‍රජාපතී පන්දු 19ක දී ලකුණු 29ක් ද  නායක සීෂාන් මසූඩ් පන්දු 06 කදී ලකුණු 16ක් ද අයාන් ඛාන් පන්දු 26ක දීලකුණු 20ක් ද ලබා ගත්තේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අවසාන පන්දු ඕවර 03 අභියෝගාත්මක පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕමානය ලකුණු 159කට සීමා කළහ.

පන්දු යැවිමේ දී ලහිරු කුමාර පන්දු ඕවර 4ම යවා ලකුණු 20කට කඩුලු 2ක් ද, චාමික කරුණාරත්න පන්දු ඕවර 04 යවා ලකුණු 39ට කඩුලු 2ක් ද,  මහේෂ් තීක්ෂණ පන්දු ඕවර 4 යවා ලකුනු 24ට කඩුලු 01ක් ද, දසුන් ශානක පන්දු ඕවර 03ක් යවා ලකුණු 24ට කඩුලු 01 ද  දවා ගත්තේය.

ලකුණු 159ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 02ක් ලකුණු 40වන විට බිඳ වැටිනි. දිනේෂ් චන්දිමාල් මුල් කඩුල්ල ලෙස පන්දු 08ක දී ලකුණු 18ක් ලබාගෙන පිටියෙන් ඉවත් විය. චරිත් අසලංකට පන්දු 04ක දී ලබාගත හැකි වූයේ ලකුණු 05ක් පමණි. 9 වැනි පන්දු ඕවරයේ දී පැතුම් නිශ්ශංක දවා ගැනීමට කලීමුල්ලා සමත් වූයේය. 10වන පන්දු ඕවරයේ පළමු පන්දුවේ  දී අවිශ්ක ප්‍රනාන්දු මෙහොමඩ් නදීම්ට ගොදුරු විය.  ඒ වනවිට ඔහු වේගවත් පිතිකරණය යෙදෙමින් පන්දු 18ක දී ලකුණු 33ක් ලබා සිටියේය.  අනතුරුව පිටියට පැමිණි නායක දසුන් ශානක එම ඕවරයේම 3වන පන්දුවේ දී ලකුණු නොදීම දවා ගැනීමට මෙහොමඩ් නදීම් සමත් විය. ලකුණු 89කට කඩුලු 05ක් දැවී ගියේය.  ශ්‍රී ලංකා කණ්ඩායම ඒ මොහොතේ කම්පනයට පත් වී සිටියේය.

එහෙත්   පිටියේ සිටි භානුක රාජපක්ෂ සමග එක්වු චාමික කරුණාරත්න ඉතාම ඉවසීමෙන් යුතුව වෘත්තීය ක්‍රීඩාවක නිරත වෙමින් එකින් එක ලකුණ ලබාගෙන ස්ථාවර වී අවස්ථානුචිතව ප්‍රහාර දියත් කමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ආවේය. චාමික කරුණාරත්න පනිදු 26ක දී ලකුණු 35ක් රැස් කළේය. භානුක රාජපක්ෂ පන්දු 21 දී  ලකුණු 35ක් රැස් කරගත්තේය. පන්දු ඕවර 17.3 කදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 163ක් ලබාගෙන ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අද පැය හතක් සී.අයි.ඩියේ

Next Post

නල්ලූර් කෝවිලේ වසර 57ක් ප්‍රධාන භාරකරත්වය ඉසිලූ කුරුක්කල්වරයා මිය යය

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.