බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආනයනික කාබනික දියර පොහොර රටට හෙණයක් වෙන හැටි දැනගන්න…

මහත්වරුනි... මේ උමතු මිනිසුන් ජාතියේ අනාගතය සමග සූදු කෙළීම නවතා නැත...

by editor
ඔක්තෝබර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වර්ෂ 2012 -13 වකවානුවේ මේ රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වත් වෘත්තිකයින් එක්වී   ජාතික පොහොර උපදේශක කමිටුවේ දී සම්භාවනීය සංවාදයක් ඇති කළේය. ඒ සංවාදය හරහා නිර්දේශ කළ ජාතික ප්‍රතිපත්තිය වූයේ කාබනික පොහොර පිටරටින් නොගෙන්විය යුතුයි යන්නය. අහිතකර දිලීර, වෛරස, බැක්ටීරියා සහිත කාබනික ද්‍රව්‍ය ආනයනයේ ව්‍යසනකාරී ප්‍රතිඵල ඔවුහු එදා පෙන්වා දුන්හ.
ඒ අනුව පිටරටින් කාබනික පොහොර නොගෙන්වන ප්‍රතිපත්තිය මත පිහිටා රට තුළ නිශ්පාදනය වන කාබනික දියර පොහොරවල  ප්‍රමිතිය තීරණය කිරීමට  SLS  1702 ප්‍රමිතිය සකස් කරනු ලැබුවේය.
එහෙත් රට ව්‍යසනයට හෙළමින් මෙම ප්‍රමිතිය සකස් කළ මූලික පදනම විනාශ කර ආනයනික කාබනික පොහොර රට තුළට ගෙන්වා ගැනීම සඳහා උක්ත ප්‍රමිතිය භාවිත කිරීමට උමතු ඇමතිවරයා කටයුතු කරමින් සිටී. නිදහස් අධ්‍යාපනයටත් නිගා දෙමින් ස්වකීය වෘත්තීයභාවය අවලමේ යවන කොඳු බිඳගත් අවස්ථාවාදී උගතුන් පිරිසක් සිදුවන්නට යන ව්‍යසනයට ඉඩ දී සිටිති. ඒ අතර කාබනික පොහොර ගෙන්වීමට වර්ෂ 2013 දී එරෙහි වූවෝද වෙති.
එවන් පසුබිමක කාබනික දියර පොහොර ආනයනයේ ප්‍රතිඵල  පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පාංශු විද්‍යා දෙපාරත්මේන්තුවේ අංශ ප්‍රධානී මහාචාර්ය සමන් ධර්මකීර්ති විමසුවෙමු. මේ ඔහු ඒ සම්බන්ධයෙන් ලංකාසරට කී කතාවය.

 

මහාචාර්ය සමන් ධර්මකීර්ති-

පිට පිටම පරීක්ෂා කළ  පොහොර සාම්පල වල අහිතකර ක්ෂුද්‍ර ජීවීන් හමුවීම නිසා චීනයේ  Shindao Biotech සමාගමෙන් ඝන කාබනික පොහොර ආනයනය නොකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගත තීරණය ඉතා විශිෂ්ට එකකි. ඒ අහිතකර ක්ෂ්ද්‍ර ජීවීන් කවුරුන්ද යන්න රසායනාගාරවල කරන පරීක්ෂණ වලින් තහවුරු කර ගත නොහැකි නිසාවෙනි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මේ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති විද්‍යාඥයින් සමාජ මාධ්‍ය වලද අනෙකුත් මාධ්‍ය වලද ඇතිතරම් කරුණු දක්වා ඇත. නමුත් අවාසනාව නම් ඔවුන් පවසන විද්‍යාත්මක කරුණු ප්‍රතිපත්ති සම්පාදකයින්ට තවමත් තේරුම් ගැනීමට බැරිවී තිබීමයි. ඒ ගරු කෘෂිකර්ම ඇමති තුමාම ප්‍රකාශ කරන පරිදි මේ වෙනුවට දැන් කාබනික දියර පොහොර පිටරටින් ආනයනය කිරීමේ සූදානමක් ඇති නිසාය.

කාබනික දියර පොහොර ආනයනය කාබනික ඝන පොහොර ආනයනය වාගේම රටට අහිතකරය. ඒ ඇයි?

කාබනික අපද්‍රව්‍ය කාබන් උපස්ථර ලෙස භාවිතා කරමින් සරල පැසවීම ක්‍රියාවලීන් මඟින් දියර කාබනික පොහොර නිපදවනු ලැබේ. ඒවා ස්වායු හෝ නිර්වායු තත්ත්ව යටතේ නිෂ්පාදනය කළ හැකිය.

පැසවීමේ ක්‍රියාවලියේදී උපස්ථරයන් දිරාපත් වීමේදී ක්ෂුද්‍ර ජීවීන්ට වැදගත් කාර්යභාරයක් ඇත. පැසවීම ක්‍රියාවලිය අවසානයේදී දියර කාබනික පොහොර වල ශාක පෝෂක වලට අමතරව, ඔක්සින් සහ සයිටොකිනින් වැනි කායික අම්ල සහ ශාක වර්ධන ප්‍රවර්ධක වැනි ෆයිටෝහෝර්මෝන පවතී. (මෙයට අමතරව රසායනික ක්‍රියාවලි මගිනුත් දියර කාබනික පොහොර නිපදවා ගත හැක).

පෝෂක පදාර්ථ ඉතාම අඩුයි.

මේ දියර පොහොරවල අඩංගු පෝෂක ප්‍රතිශතයන් ඉතා අඩු බැවින්, ඒවා රත්කර සාන්ද්‍ර කරගැනීමෙන් හෝ රසායනික පොහොර එකතුකර පෝෂක ප්‍රතිශතය ඉහල දැමීමට හෝ  නිෂ්පාදකයන් බොහෝවිට උපක්‍රමික වේ. කෙසේ වෙතත් ශාක පත්‍ර වලට ඉසියහැකි සාන්ද්‍රණය ඉතා පහත් අගයක් වන බැවින්, ශාකයකට අවශ්‍ය කරන පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණය ලබාදීමට දියර   පොහොර නිතර නිතර  ඉසීමට සිදුවේ.

එබැවින් ආරක්‍ෂිත ගෘහ වල කරන වගාවන්හිදීමෙන් නොව ක්ෂේත්‍රයේ දී මෙම දියර පොහොරවල පෝෂක කාර්යක්ෂමතාවයද ඉතා පහළ අගයක් ගනී.

වස තොගයක් තිබිය හැකියි

නමුත් වඩා බැරෑරුම් තත්වය මෙය නොවේ.

ශාක කොටස් සහ මුහුදු පැලෑටි හැරුණකොට බොහෝවිට දියර කාබනික පොහොර නිපදවීම සඳහා භාවිතා කරනුයේ කොම්පෝස්ට් හෝ සත්ව අපද්‍රව්‍යය. මාළු අපද්‍රව්‍යත් මේ සඳහා භාවිතා කරනු ලැබේ. එමනිසා යොදා ගන්න ප්‍රභවයේ පිරිසිදු බව අනුව කාබනික දියර පොහොර වල ද ඝන කාබනික පොහොර වල අඩංගු විය හැකි අහිතකර ක්ෂුද්‍ර ජීවීන්, බැර ලෝහ, පිළිකා කාරක මෙන්ම ප්‍රතිජීවක වර්ග ද අඩංගු විය හැකිය.

මෙම කරුණු සහ සිදුවිය හැකි විනාශය සැලකිල්ලට ගෙන 2012 හෝ 2013 වසර වලදී සිට ජාතික පොහොර උපදේශක කමිටුව විසින්, පිට රටින් කාබනික පොහොර  ආනයනය කිරීමට අවසර ලබානොදීමට තීරණය කරණ ලදී.  එහෙත් අපේ මිනිසුන් අවාසනාවන්තය. එදා  එම උපදේශක කමිටුවේ සාමාජිකයින්ව සිටිමින් පිට රටින් කාබනික පොහොර ගෙන එමේ දැවැන්ත අනතුරු වැළැක්වීම වෙනුවෙන් පෙනී සිටි    විද්‍යාඥන් දැන් කාබනික උපදේශක කමිටුවේ දී මුනිවත රකිති. එසේ වන්නේ ඇයි දැයි මම තවම කල්පනා කරමි.

ප්‍රතිපත්ති බිඳ දමා ප්‍රමිතිය අවභාවිත කිරීම

දැනට පවතින කාබනික දියර පොහොර සඳහා වූ ප්‍රමිතිය (SLS  1702) සැකසුවේ මූලිකවම පිටරටින් කාබනික පොහොර ගෙනුවන් නොලැබේ යන ප්‍රතිපත්තිය මත පිහිටමිනි.

දැන් පැහැදිලි කරගත යුතු කාරණාව මෙයය. ඒ වනවිට  රටේ මූලික ප්‍රතිපත්තිය කාබනික පොහොර ආනයනය කරනු නොලැබේ යන්නය.  එවැනි වටපිටාවක SLS  1702 ප්‍රමිතිය සැකසුවේ දේශීයව නිපදවිය හැකි කාබනික දියර පොහොරෙවල ප්‍රමිතිය ආරක්ෂා කිරීමටය.

එහෙත් දැන් මේ ප්‍රමිතිය භාවිත කරන්නට හදන්නේ එය සකස්කල ප්‍රතිපත්තිමය පදනම විනාශ කරමින්  වස විස හා අහිතකරවිය හැකි ආගන්තුක ක්ෂුද්‍ර ජීවීන් සහිත දියර පොහොර පිට රටකින් රට තුළට ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබා ගැනීමටය.

සැබෑ වෘත්තිකයින් මෙවැනි විනාශ නොකළ යුතුය. ඒ විනාශයන්ට හවුල් නොවිය යුතුය.

කළ යුත්තේ කුමක් ද?

යමෙකුට කාබනික දියර පොහොර ආනයනට අවශ්‍යම නම් පළමුවෙන්ම කළ යුත්තේ ඒ සඳහා රටත් එහි පරිසරයත් දෙකම ආරක්ෂා කර ගත හැකි සුදුසු ප්‍රමිතියක් සකස් කර ගැනීමය. එසේ නොමැතිව රටට හෙන ගැහුවත් දැනට ඇතිවී ඇති පොහොර අර්බුදයට විසඳුම් සෙවීම සඳහා නීතියේ ඇති අඩුපාඩු තුලින් රිංගා ගොස් ජාමේ බේරාගැනීම නොවේ.

මේ මුග්ධකම්වලින් සිදු වන්නේ රට තව තවත් අගාධයට ඇදවැටීමය.   කිසිවෙකුට පස විනාශ කිරීමට බලපත්‍ර ලබා  දිය යුතු නැත. මේ මහ පොළොව  රැකබලාගෙන අනාගත පරම්පරාවට බාර මේ පොළොවේ ජීවත්ව ඉන්නා අපගේ යුතුකමය.

මේ සිද්ධවෙමින් ඇති දේ පිළිබඳව ජනතාවත්  දැනුම්වත් කළ යුත්තේ එබැවිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගුරු උද්ඝෝෂණ නම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි… කොවිඩ් ගැන කියන අය බාර් පෝලිම් ගැන බලන්න… ජෝෂප් ස්ටාලින්…  

Next Post

අස්ගිරි මහා විහාරයේ පැති බැම්ම බිම

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.