දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ ධර්මපුරම් කල්ලාර් ප්‍රදේශයේදී ඊයේ ( 5 ) දා පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට කඩු වලින් කපා කොටා තුවාල සිදු කොට තිබේ.
මේ ගම්මානයේ ඇති වූ ආරවුලක් විසඳීමට ගිය කිලිනොච්චිය ධර්මපුරම් පොලීසියේ නිලධාරින් හතර දෙනෙකු මේ කඩු ප්‍රහාරයට ලක් වී තිබේ.
තුවාල ලැබූ පොලිස් නිලධාරීන් හතර දෙනාගෙන් බරපතල තත්ත්වයේ සිටින නිලධාරියා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර අනෙක් තුවාල කරුවෝ ධර්මපුරම් රෝහලේ ප්‍රතිකර ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ධර්මපුරම් පොලීසිය කඩු දෙකක් සමග එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද ( 6 ) දා කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







