කිර්ති ප්‍රනාන්දු –
දිවයිනේ දකුණු, බස්නාහිර, මධ්‍යම පළාත්වල ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීමක් සිදුවී ඇතැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසයි.
ගාල්ල මහනුවර, දෙහිවල, කලුතර, ඇතුළු ප්‍රදේශ රැසක මෙම විදුලිය බිඳවැටීම සිදුවී තිබේ.
විදුලි සම්ප්‍රේක්ෂණ පද්ධතියේ ඇති වූ හදිසි විදුලි බිඳවැටීම් යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බවත්, පවතින අයහපත් කාලගුණ තත්වය එයට බාධාවක් වී ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.