ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හෙර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා (Shri Harsh Vardhan Shringla) ගේ සංචාරයෙ ප්‍රධාන අංග මාධ්‍යයෙන් වසන් කිරීම සැක සහිත බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වල සාසන රතන හිමියෝ පවසති.

ඕනෑම අවස්ථාවක ජාතික සම්පතක අයිතිය ඇත්තේ රටේ ජනතාවට බවත් හැටනව ලක්ෂයක් ජනතාව කතිරයෙන් කැමැත්ත පළ කර ඇත්තේ රටේ සම්පත් විකිණීමට නොවන බව බලධාරින් තේරුම් ගත යුතු ව ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කලහ.
රටේ කිසිදු සම්පතක් විදේශීයෙකුට කිසිවිට විකුණන්නේ නැතැයි පාරම්බෑ උදය ගම්මන්පිල විමල් වීරවංශ වැන්නවුන් පැදුරටත් හොරෙන් ත්‍රීකුණාමලය ට ගොස් සිට ඉන්දිය විදේශ ලේකම්වරයා මුණ ගැසීමට කටයුතු කළේ ඇයි ද යන්න ගැටලුවක් බවත් ශාසනරථන හිමියෝ පැවසූහ.
රටේ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරමින් ඩොලර් හිඟයක් ප්‍රකාශ කොට රටේ සම්පත් විකිණීම තරයේ හෙළා දකින අතර ආර්ථික මර්මස්ථාන විකිණීම පසෙක තබා දේශීය නිෂ්පාදන අපනයනයෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගතයුතු යැයි ද උන්වහන්සේ කීහ.
රට විකුණා රටවැසියන් ට කන්න දෙනවා යනු ජීවත්වන නිවස විකුණා පාරට වැටීමක් බවද ජාතික සම්පත් අහිමි වීමෙන් අනාගත පරපුර විදේශීය බලවතුන් ගේ ග්‍රහණය ට නතුවීම වැලැක්විය නොහැකි බවද උන්වහන්සේ ප්‍රකාශ කලහ.







