සතොස ආයතනයේ පසුගියදා සිදුවූ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් මේ වනවිට සතොස සභාපතිවරයා ඇතුළු 25 දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇති අතර එම ප්‍රකාශ මගින් අති දැවැන්ත වංචා රැසක සුල මුල පෑදී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පෑලියගොඩ වංචා සහ දුෂණ ඒකකය විසින් සිදු කරන ලද මෙම විමර්ශන අති සංකීර්ණත්වයට පත්වීම හේතුවෙන් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත් කිරිමට පොලිස්පතිවරයා විසින් පියවර ගන්නා ලද බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාසරට පැවසීය.
වරායේ නිදහස් කර නොගෙන රඳවා තිබූ සුදුලූනු කිලෝ ශ්රැම් 56,000ක් සහිත බහලුම් දෙකක් වරායෙන් නිදහස් කරගෙන සතොස ආතනයට රැගෙනවිත් සිල්ලර පාරිභෝගිකයන්ට ලබා දෙන මුවාවෙන් මහා පරිමාණ තොග ව්‍යාපාරිකයන් වෙත යළි අලෙවි කිරීමට මේ අනුව පියවර ගෙන තිබූ අතර පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂවරයාට ලද තොරතුරක් මත මෙම වංචාව හසු කර ගැනීමට සමත් විය.
මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ සතොස ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත භාරයට පත් කොට ඇති අතර අදාළ විමර්ශන කටයුතු පෑලියගොඩ දූෂණ විමර්ශන ඒකකය විසින් සිදු කරන ලදී.
එහිදී සතොස සභාපතිවරයා, කළමනාකරීත්වයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 25 දෙනකුගෙන් පමණ ප්‍රශ්න කොට ඇත අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම වංචාවත් සමඟ තවත් සිදු වූ එවැනි ආකාරයේ වංචා ජාලයක් පිළිබඳව තොරතුර අනාවරණය වී ඇති බවය. එ අනුව මෙම වංචාවේ සංකීර්ණතා හේතුවෙන් එය තවදුරටත් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවට භාර දී ඇත







