බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුදු දහම විශ්වයටම පොදුයි… ජාති ආගම් භේද නැතිව හදාරන්න… බුද්ධාගමට ඒ ගත් අන්වර් ෆාතිමා ජිහානා දියණිය

by editor
සැප්තැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

“බුදු දහම කියන්නෙ විශ්වයටම පොදු දහමක්. ජාති ආගම් භේදයකි න් තොරව අපි හැමෝම ඉගෙන ගත යුතු දහමක්.” ඒ දුව එහෙම කියනකොට මං විශ්මිතව බලාගෙන හිටියා.

ඇය ආයෙත් මෙහම කිවුවා.

“මං බුද්ධාගම විෂයට හරිම කැමතියි.  මුලු පොතම මට කටපාඩම්.“

මේ කතාව අපට කියන්නේ අන්වර් ෆාතිමා ජිහානා දුව. ඇයත් මේ රටේ සංස්කෘතික විචිත්‍රත්වය වර්ණනය කළ දරුවෙක්.  ජිහානා මෙවර සාමාන්‍ය පෙළ සමත් වුණේ බුද්ධාගම විෂයටත්  ඒ සාමාර්ථයක් අරගෙන. අපි  සංස්කෘතික පීඩාවට ලක් වෙලා ඉන්නවා කියලා උපකල්පනය කරන මුස්ලිම් සමාජයේ දියණියක් ඒ සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් අපට බුද්ධ දර්ශනයේ ගැඹුර ගැන කියලා දෙනවිට මා මොහොතකට ගොලු වුණා.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අන්වර් ෆාතිමා ජිහානා දුව මෙවර (2020 ) අ.පො.ස. සාමාන්‍ය  පෙළ විභාගයෙ “A ” සාමාර්ථ හයක් සහ “B”සාමාර්ථ තුනක් සහිතව විභාගය සමත් වූයේ බුද්ධ ධර්මය විෂයයටද” A” සාමාර්ථයක් ලබා ගනිමින්. ඇගේ පාසල අඹන්පොල මධ්‍ය මහ විද්‍යාලය යි.

අප ඇයත් සමග සංවාදයට එක් වෙන්නෙම බුද්ධාගම ඉගෙන ගන්නවට ගෙදර කට්ටිය මොනවද කිව්වෙ කියලා විමසමින්.

ඇය සිනාසුනා.  සිනාසෙමින් මෙහෙම කිවුවා.

“බුද්ධාගම ඉගෙන ගන්න එක ගැන මගෙ අම්මා තාත්තා නෑදෑයො හැමෝම එකඟ වුනා… මේ විෂයෙ තියෙන වටිනාකම මං ගෙදර ගිහින් එයාලටත් කියල දුන්නා… ජාතක කතා ගොඩක් මං දන්නවා… ඒ කතා අහන්න අපෙ ගෙවල්වල හැමෝම හරිම කැමතියි …. පන්සිල් පද පහ රකින්න ඕන මුලු ලෝකෙම මිනිස්සු … එහෙම වෙන දවසට මේ ලෝකය හරිම ලස්සන තැනක් වේවි.”

ඇය සියල්ල සංක්ෂිප්ත කළා.

“මම ජීවිතය සහජීවනය ඉගෙන ගත්තෙ මගෙ යාලුවන්ගෙන්. විදුහල්පති තුමා , නියෝජ්‍ය විදුහල්පතිවරු , ගුරුවරු , සියලු දෙනාගෙන්. මම ඒ ඉස්කෝලෙට වෙනස් කෙනෙක් කියලා දැනුනට අනිත් කවුරුත් එහෙම කල්පනා කළේ නෑ.      ආදරයට , කරුණාවට ,දයාවට මනුස්සකමට එහා දෙයක්  මේ ලෝකේ තියෙන්න බැහැ කියන එක මම එයාලගෙන් ඉගෙන ගත්තා.”   ඇය කීවා.

ඇයට බුද්ධාගම ඉගැන්වූ  ගුරුවරිය ජිහානා සම්බන්ධව මතකයක් අවදි කළා.

“ දවසක් පන්තිකාමරයේ බුදු පුදට තිබුන පරමල් ටික වෙන දරුවෙක් විසිකරන්න අරන් ගියා.. ඒ දරුවා ඒක ළඟ තිබුන මල් පෝච්චියට හලන්න හැදුවා…ජිහානා කෑ ගැහුව… එහෙම කරන්න එපා..අපි  ඉඳුල් අත ඔය මල් පෝච්චියට සෝදනවනේ…අපි ඔය මල් ටික වෙන තැනකට දාමු…  බුදුන්ට පුදපු පර මලකටවත් එහෙම කරන්න එපා..”කියල. මට ඒ සිදුවීම කවදාවත් අමතක වෙන්නෙ නෑ .

බුද්ධ ධර්මය විෂයයට එයා හැම වාරෙකම ලකුණු 90ට වඩා ගත්තා. සත්තුනට අසීමිත කරුණාව දක්වපු දරුවෙක්… මේ වගේ දරුවො මුලු ලෝකෙටම වාසනාවක්..”

ලංකාසරට කතා කල එම විදුහලේ වර්තමාන විදුහල්පති   එස්.පී.ජසින්ත ඉද්දමල්ගොඩ   ඉතාම වැදගත් පනිවිඩයක් දුන්නා.

”  අපේ පාසල පිහිටල තියෙන්නෙ අර්ධ නාගරිකව. මේ නගරෙ විවිධ ජාතීන් ජීවත් වෙනවා . නමුත් එකිනෙකාගෙ සංස්කෘතින්ට ගරු කරනවා විනා කිසිදු ගැටලුවක් ඇති වෙලා නැහැ. මේ දරුවො අපෙ පාසල තෝර ගන්නෙ ඒ විශ්වාසයට .මීට කලින් අවුරුදුවලත් මුස්ලිම් දරුවො ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලැබුවා මට මතකයි.  රීමා ෆස්මිලා සිසුවිය මීට පෙර අවුරුද්දක ඉතාම විශිෂ්ට  ප්‍රතිඵල ලැබුවා. මේ දරුවො හැමෝම අපිට දෙන පණිවිඩය අපි හරියටම තේරුම් ගන්න ඕන. මේ අපේ රටේ අනාගතය . ඒ අය ලෝකෙටම හොඳ යහපත් ආදර්ශයක් දෙනවා..”

ජිහානගේ මව එස්.එල්. ෆිර්දව්සියා. පියා ඒ.ආර්. අන්වර්. ඔහු මේ වන විට විදෙස්ගතවයි ඉන්නෙ. ජිහානා 2019 වසරේ දෙමළ කියවීම් තරගයෙන් සමස්ත ලංකා දෙවන ස්ථානය ලබා ගත්තා. 7ශ්‍රේණියේ සිටම ඇය දෙමළ කියවීම් තරගයෙන් පළාත් මට්ටම දක්වා සහභාගි වී තිබුණා.

ජිහානාලා  අනාගතයෙ ලස්සන ආලෝකයක් අපට පෙන්වනවා. ඒ ආලෝකයෙන් විචිත්‍ර වෙන ලෝකය හරිම අපූරු වේවි. ජිහානලා, වැල්ලවායෙ අයිෂි අමීනා දියණිවරු අපට අනෙක් සංස්කෘතීන් ඉගෙන ගැනීමේ වැදගත්කම කියනවා. ඒත් බුද්ධාගමට ඒ පාස් ගත්තු ජහානා ලා අමීන ලා ගැන අහලා මානසිකව උත්කර්ෂයට පත් වන අපි  ඔවුන්ගේ  සංස්කෘතීන්  හදාරන්න හිතන්නෙ කවද්ද?.

එදාට අපි ප්‍රාර්ථනා කරන වෙනස නිත්‍ය ලෙසම ඇති වේවි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිද්ධිය සමතයකට…. ලේ වමනය එන්නට තරුණයාට පහර දුන් කර්නල් පොලිස් ඇප මත නිදහස්…

Next Post

බලපත්‍ර සහිතව කරන්න යන විමලවීරලා ගේ වන අලි ඝාතනය…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.