පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන විසින් හෙළි කළ සුදුලූනු වංචාව වාර්තා කළ සියලුම මාධ්‍ය වේදීන් සහ පුවත්පත් කතුවරුන් හෙට (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
ලංකාදීප පුවත්පතේ කර්තෘ සිරි රණසිංහ, මෙම සිදුවීම පිළිබඳ කතුවැකියක් ලියූ දිවයින පුවත්පතේ කර්තෘ අනුර සොලමන්ස්, දි අයිලන්ඩ් පුවත්පතේ ප්‍රභාත් සහබන්දු ඇතුළු සිද්ධිය වාර්තාකළ මාධ්‍යවේදීන් මේ කැඳවීමට ඇතුළත් කර ඇත.
වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධනගේ ඉල්ලීම මත අගමැතිවරයා පොලිස්පතිවරයා වෙත ලබා දුන් උපදෙස් ප්‍රකාරව මෙම පරීක්ෂණය දියත් වී තිබේ.
පෙරේදා ඇමති බන්දුල ගුණවර්ධන උදෘත සමග පැය හතරක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබිණි.
“ සුදුලූනු ටිකත් අල්ලගෙන. හොරුත් අල්ලලා ඇතුලෙ. දැන් අපරාධය වාර්තා කළ මාධ්‍ය ටික සී.අයි.ඩී ගෙන්වනවා. වෙන්නෙ මොනවද කියලා අපිත් බලාගෙන ඉන්නෙ.“ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් ලංකාසරට පැවසීය.