බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ආශ්චර්යයන් නැති බව වයිට් කීවේය… ලැබෙන එන්නතකින් මාත්‍රා දෙකම අරන් ගෙදරට වී සිටින්න…

by editor
සැප්තැම්බර් 23, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

රුචිර ජයදේව –

පසුගිය අවුරුද්දේ අගෝස්තු 22 දා ඩබ්ලියු.කේ. ප්‍රසාද් මංජු මව්බිම පුවත්පතට ඇඟ කිළිපොලා යන ආංචියක් සහිත ලිපියක් ලිවුවේය.

එහි කියැවුනේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට්ගේ සහයෝගය ලබා ගැනීමට ඉන්දියාව තීරණය කර ඇති බවය. ඔහුව ඉන්දියාවට කැඳවාගෙන යෑමට පූර්ණ විෂබීජ හරණය කළ විශේෂ ගුවන් යානයක් ඉදිරි දෙසතිය තුළ ලංකාවට පැමිණෙන බවය.

ඔහු විෂබීජ හරණය කළ ගුවන් යානකයක මේ ගමන යන්නේ රටවල් දෙකේම නිරෝධායනය වීම වළක්වා ගැනීම සඳහා බව කියැවුනේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දැනුම්වත් කර ඉන්දියාවට අවශ්‍ය සහයෝගය ලබා දීමට එළියන්ත වයිට් තීරණය කර ඇතැයි එහි කියැවිනි. ඒ සම්බන්ධව ඔහු ඉන්දියානු බලධාරීන් සමග සාකච්ඡා වට කීපයක්ම පැවැත්වූ බව ද පැවසිනි. අරමුණ වූ බව කීවේ වයිට් ඉන්දියාවට ගෙන්වාගෙන ආශීර්වාද ලබා ගැනීමය.
ගුවන් යානයේ සිටම කොරෝනා මැඩලීම සඳහා ඉන්දියාවට ආශීර්වාදය ප්‍රායෝගිකව සිදුකරන්නේ කෙසේ දැයි එළියන්ත වයිට් කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

වයිට්ගේ කුණ්ඩලනී ශක්තිය

වයිට් මේ සඳහා යොදා ගැනීමට සූදානම් වූයේ ස්වකීය කුණ්ඩලනී ශක්තිය ය. ඔහු සිය කුණ්ඩලනී ශක්තිය යොදාගෙන කළ ආශීර්වාද නිසා වැලිසර නාවික හමුදා කඳවුරේ කොවිඩ් පොකුර සහ කන්දකාඩු කොවිඩ් පොකුර පාලනය වූ බව ප්‍රසාද් මංජුම වාර්තා කළේය

2020 ජූලි 21 ඔහු වාර්තා කර තිබුනේ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් හමු වූ කොවිඩ් ආසාදිතයන් කඩිනමින් සුව කිරීම සඳහා එලියන්ත වයිට් සිය කුණ්ඩලනී ශක්තියෙන් ආශීර්වාද කිරීමේ කටයුතු ඊට පෙරදා ( ජූලි 20) සිට ආරම්භ කර ඇති බවය.

එළියන්ත වයිට් ගේ නිවස තිබුණේ මිරිහානේය. රජයේ නිලධාරීන් පිරිසක් පැමිණ කරන ලද සාකච්ඡාවකින් අනතුරුව කුණ්ඩලනී ශක්තිය කන්දකාඩු කඳවුරට මුදාහැර කොවිඩ් පාලනය කරන ලෙස කළ ඉල්ලීම ඔහු භාරගෙන තිබිණි.
ඉන් පසු ආණ්ඩුව විශ්වාස කළේ කන්දකාඩු කොවිඩ් පොකුර පාලනය කළේ එළියන්ත වයිට්ගේ කුණ්ඩලනී ශක්තිය නිසා බවය.

එහි ප්‍රතිඵල මත ඔහුට කුණ්ඩලිනී ශක්තියෙන් මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පාලනය කිරීමේ කටයුතුත් ආරම්භ කිරීමට ආණ්ඩුවේ බලධාරීන්ගේ ආරාධනා කළ බව පැවසුනේය.

වයිට් ගේ ශක්තිය ගැන වයිට් කී ආකාරය

මීට වසර 2 කට පෙර එනම් 2019 දී තමා ගැන විස්තර රැසක් සාකච්ඡාවකදී හෙළිකර තිබුණි. ඒ සාකච්ඡාව කර තිබුණේත් ප්‍රසාද් මංජුය. ඒ මව්බිම පුවත්පත වෙනුවෙනි.

එහිදී වයිට් කී කතාව මෙසේය.

“මං ප්‍රතිකාර කරන්නෙ මං විසින්ම සොයාගත් වෛද්‍ය ක්‍රමයක්ට. මට කුඩා කාලයේ සිටම විශ්වය සමඟ යම් බැඳීමක් තිබුණා. මේක මිනිසා බිහි වෙනවා සමඟත් ආපු වෛද්‍ය ක්‍රමයක්. මේක “රාවණා” යුගයට කලින් ආපු වෛද්‍ය ක්‍රමයක්ද කියලා යමකු ඇසුවොත් ඊටත් වඩා පරණයි කියලා තමයි මට කියන්න වෙන්නේ.“

“මේ වෛද්‍ය ක්‍රමයෙන් අපි කියන්නේ නාඩි ඇල්ලීමෙන්. නාඩි ඇල්ලීමෙන් කෙනකුගේ ජීවිත කාලයම කියන්න පුළුවන්. ලෝකයේ වේගවත්ම ස්කෑන් ක්‍රමයක් වශයෙන් නාඩි කියැවීමෙන් ලබාගන්නා තොරතුරු හඳුනාගන්න පුළුවන්. මට අවුරුදු 12දී පමණ යම් හැකියාවක් ඇති වුණා විශ්වයේ බලය සමඟ කටයුතු කිරීමට. ඒක වැඩිදියුණු කරලා කුණ්ඩලී ශක්තියෙන් සන්නිවේදනය විශ්වය සමඟ සිදුකරලා මේ ආශීර්වාදාත්මක වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක කරනවා.

ඖෂධ හිමාලයෙන්

“මේවට ඖෂධ අවශ්‍ය වෙනවා. ඒ ඖෂධ දැනට හොයගන්නේ හිමාලයෙන්. බොහෝ දුෂ්කර වන්නේ හිමාල කඳුවැටිය ආශ්‍රිතව තිබෙන ඖෂධ වර්ගවල නම තෝරාගැනීමයි. එදා මේ කොළ වර්ගවලට මොනවද කිව්වේ. අද මොනව ද කියන්නේ…මේ වෙනකොට මේ කොළ වර්ග හඳුනාගන්න නවීන තාක්ෂණයත් උපයෝගී කරගන්නවා.“

“හිමාලයෙන් මෙම ඖෂධ හොයාගෙන ගෙන්වන ඉන්දියානු ජාතිකයන් ඉන්නවා. මේවා අති දුර්ලභ ඖෂධ වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඉන්දියාවේ හිමාලය කඳුවැටිය ආශ්‍රිතව මෙම ඖෂධ පැළෑටි සොයාගැනීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වෙනවා. නමුත් කවදාවත් මං ප්‍රතිකාර කරන කිසිදු රෝගියකුගෙන් මුදල් අරගෙනත් නැහැ. අරගන්නෙත් නැහැ.“

“මං දැනට වැඩ කරන්නේ අපේ රට වගේ 62 ගුණයක් විශාල ඉන්දියාවේ. ඉන්දියාවේ විශාල ව්‍යාපාරිකයන් ඉන්නවා. මේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පවුල්වල රෝගීන්ට මං ප්‍රතිකාර කරනවා. ඒ වගේම මෙම ව්‍යාපාරිකයන් විසින් අහිංසක නැති බැරි ජනතාවටත් මේ ඖෂධ ලබාදීමෙන් උදවු කරනවා.“

“ඉන්දියාවේ මහ පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙන ඖෂධවලින් තමයි මෙරට යම් පිරිසකට නොමිලේ ප්‍රතිකාර කරන්න මට හැකි වෙලා තියෙන්නේ. නැත්නම් මේ ප්‍රතිකාර ක්‍රමය මට පිහිටන්නේ නැහැ.“

වීනපති වෛද්‍ය ක්‍රමය

“මේ වෛද්‍ය ක්‍රමයට කියන්නේ ‘වීනපති‘ වෛද්‍ය ක්‍රමය. එය සමාජගත කළොත් හුඟදෙනකුට මෙම ප්‍රතිකාරය ලබාගන්න පුළුවන්. යම් පුද්ගලයකුගේ රෝග විනිශ්චය කිරීමේ හැකියාව නාඩි ඇල්ලීමෙන් ඊට අදාළව විශ්වයෙන් පැමිණෙන ශබ්ද තරංග මගේ කනට සම්බන්ධ වෙනවා.“

“ක්ෂණිකව කණට එන ශබ්ද තරංගයෙන් රෝග විනිශ්චය ලබා දෙනවා. ප්‍රධාන නාඩි ස්ථාන ඇල්ලුවාම එම නාඩි ස්ථානය සමඟ මගේ සිතට සිතුවිලි එනවා. ඒක දැනෙන්නේ මට විතරයි. මට ඒක මෙහෙමයි කියලා විග්‍රහ කරන්න බැහැ.“

“මිනිසකුට හැදෙන ඕනෑම රෝගයකට ප්‍රතිකාර කරන්න පුළුවන් හැකියාව මට තියෙනවා. මෙම ඖෂධවලට මගේ ආශීර්වාදය ලබාදුන් විට ඒ දෙකේම සංකලනයෙන්, බලයෙන් ප්‍රතිකාර කරලා මට රෝග සුවකිරීමේ හැකියාව තියෙනවා. වචනවලින් එම ඖෂධවලට බලය ලබාදුන් වහාම එම ඖෂධ ඉතා බලවත් වෙනවා. ඒ රෝගය හඳුනාගෙන ඒ අනුව අවශ්‍ය වාර ගණන ආශීර්වාද කරගන්නවා.“

“මගේ වෛද්‍ය ක්‍රමය ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හරි විදියට තේරුම් කරලා දෙන්න බැරිවුණා නම් මට ඉන්න වෙන්නේ මානසික රෝහලක.“

දැන් එලියන්ත වයිට් කොවිඩ් ආසාදිතව මියගොස් ඇත. ඔහු  පවුය. මේ උපුටාගැනීමේ අවසානයට කී තත්වයට නිසි ප්‍රතිකාර ලබාගෙන එන්නත් මාත්‍රා දෙක ලබා සිටියානම් අද එලියන්ත වයිට් ජීවතුන් අතරය.

වයිට් සමග මේ වනවිට මේ රටේ 12376 මිය ගොස් ඇත. ඉන් සියයට 70ක් නිසි කලට එන්නත ලබා ගැනීමට අපහසු වූ මිනිසුන්ය. ඔවුන් එන්නත ප්‍රතික්ෂේප කළා නොවේ. නිසි කලට ඔවුන්ට එන්නත් ලබා දීමට වයිට් සමග මුට්ටි පා කරමින් සිටි පාලකයන්ට හැකියාවක් ලැබුණේ නැත. ඔවුන් කළේ රටට එන්නත් ගෙන එන්නට පෙර ප්‍රතිකාර ලැබිය යුතු තත්වයක සිටි මේ අසරණ මනුෂ්‍යයාට කොවිඩ් පාලනය භාර දීමය.

ඔහු සමග මුට්ටි පා කරන්නට ගොස් පසුව පැණිත් බිවූ එවකට රටේ සෞඛ්‍ය ඇමතිවරිය කොවිඩ් ආසාදිතව මරණයේ එළිපත්තට ගොස් යළිත් මෙළොව පැමිණියේය. එහෙත් එළියන්ත වයිට්ට ඒ වාසනාව ලැබුණේ නැත. ඔහු කොවිඩ් ආසාදතව මිය ගියේය.

මිත්‍යාව මේ තරම් යථාර්ථවාදීව හෙළි දරවු වූ අවස්ථාවක් පිළිබඳව අපට මතක නැත. එලියන්ත වයිට්ගේ මරණය රටට කියන කතාව මිත්‍යාවේ කරවටක් ගිලී ආශ්චර්ය බලාපොරොත්තුවෙන් තවමත් මේ රට පාලනය කළ පාලකයින් තේරුම් ගනී යැයි විශ්වාස කිරීම ප්‍රඥාගෝචර නොවේ.

මේ ඔවුන් දෙවියන්ට බාර දුන් රටය.

දැනට එන්නත් මාත්‍රා දෙක රැගෙන ජීවිතය බේරාගෙන ගෙදරට වී සිටින්න.
ජීවත් වී සිටියහොත් දෙවියන්ගේ ආශ්චර්යයන් බලාපොරොත්තු විය හැකිය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඖෂධ දත්ත මැකූ පුද්ගලයා මාසෙකට කලින් ඉල්ලා අස්වීම දීලා – හරීන් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

Next Post

එලියන්ත වයිට් නිරෝධායන නිතී මැද බොරැල්ලෙන් අවසන් ගමන් යයි!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.