පසුගිය මාසයක කාලය තුළ රටේ සියලුම බන්ධනාගාර තුළ කළ වැටලීම් වලින් ජංගම දුරකථන 1102ක්, සිම් කාර්ඩ් පත් 688ක්, ජංගම දුරකථන බැටරි 1310ක්, ජංගම දුරකථන චාජර් 283ක්, සොයාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්රකාශකයෙක් පැවසීය.
බන්ධනාගාර බුද්ධි අංශ සිදුකළ වැටලීමක දී වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන් ඇති ඉසෙඩ් වාට්ටුවේ පමණක් ජංගම දුරකථන 28ක් සහ දුරකථන බැටරි 200ක් සොයාගත් බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.
කෙසේ දුම්බර හිරගෙදර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබන දෙමටගොඩ චමින්ද නැමැති පාතාල අපරාධකාරයාගේ ජංගම දුරකථනය පෙරේදා වනතුරුත් ක්රියාත්මක වෙමින් පැවති ආකාරය ලංකාසරට වාර්තා විය.