බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“සජිත් විපක්ෂ නායක වෙලා ඉන්න තාක් ආණ්ඩුවට හොඳයි” – ඇමති ජොන්ස්ටන්

by Lanka Sara Editor
සැප්තැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස සිටින තාක් වත්මන් ආණ්ඩුවට එය වාසියක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මැතිවරණයක් කැඳවන්නැයි කරන ඉල්ලීම පිළිබදව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“මැතිවරණයක් තිබ්බොත් හොදයි විපක්ෂ නායකවරයාගේ තත්ත්වය දැන ගැනීමට. ජනාධිපති මැතිවරණය ඉවර වූ පසු මැතිවරණ තියන්න එපා, නැවත පාර්ලිමේන්තුව රැස්කරන කියලා අභියෝග කරපු නායකයා තමයි මේ විපක්ෂ නායක් ප්‍රේමදාස මහත්තයා. ඔහු විපක්ෂනායකයවරයා ලෙස සිටින තාක්කල් අපේ රජයට හොදයි. ඒක නිසා අපේ රටේ ජනතාවට වර්තමාන රජය තියෙනතාක් සහ ප්‍රේමදාස මහත්තයා විපක්ෂනායක තනතුරේ සිටින තාක් කිසිම අවාසියක් වෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රේමදාස මහත්තයාගේ වචන නිකන් දේශපාලන වචන පමණයි. කිසිම තේරුමක් බරක් ඒ වචන වල අන්තර්ඝත වෙලා නැහැ.”

අමාත්‍යවරයා මේ අදහස් පල කලේ ඩබ්.ඒ. සිල්වා මාවතේ සිට පාමංකඩ පාලම දක්වා මාර්ගය දෙපස රුක්රෝපණය කිරිමේ වැඩසටහනට එක්වෙමිනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“මාර්ග දෙපස පැල මිලියනයක් සිටුවන්න අපි මුලින් තීන්දු කෙරුවා. නමුත් අපි දැන් එය මිලියන දෙක දක්වා වැඩි කළා. කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩ සටහන යටතේ සංවර්ධනය වන මාර්ග දෙපසත් මෙම හරිත සංකල්පය යටතේ පැල සිටවීමේ ව්‍යාපාරය පරිසරය රකිමින් මේ වන විට දියත් කරමින් සිටිනවා. අද අපි මෙම පාමංකඩ මාර්ගයේ පැල සිටුවිමේ ක්‍රියාදාමය පටන්ගත්තා. සමහරු මෙවැනි වැඩසටහන් දකින්න අකමැතියි. දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. ඒ තමයි අපේ රටේ විපක්ෂය. ලංකාගම පාර හදනකොට කිව්වා සිංහරාජයේ ගස් සියල්ල කපනවා කියලා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ආරම්භ කල සංවර්ධන ව්‍යාපෘතිවල දී වන විනාශයන් වෙනවාද කියා සියැසින් දැක ගන්න ජනාධිපතිතුමා ලංකාගමට ගියා. අද වෙද්දි එම මාර්ගයේ වැඩ අවසන් වෙලා තිබෙනවා . එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ යටිතල පහසුකම් දියුණු වෙලා තියෙනවා. අපේ රජය පරිසරයට හානිවන කිසිදු තීන්දු තීරණයක් ගන්නේ නෑ. පරිසරය ආරක්ෂා කරමින් මතු පරම්පරාවටත් මේ පරිසරයෙන් ප්‍රතිලාභ ලැබෙන පරිදි තමයි මෙම සංවර්ධනය අපි සිදු කරන්නේ. ඒ නිසා එදා විපක්ෂයේ කියපු දේවල් අද සම්පූර්ණයෙන් බොරු වෙලා තියෙනවා. විපක්ෂයේ ප්‍රධාන කාර්යභාරය කාලයෙන් කාලයට මත හදන එක තමයි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මැතිතුමා එල්ලුම්ගහ බලන්න ගිය සිද්ධිය සහ ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා,

“මම හිතන්නේ බන්ධනාගාර රාජ්‍ය ඇමතිතුමා හැටියට එතුමාට එල්ලුම්ගහ බලන්න යන්න අයිතියක් තිබෙනවා. මේ විදිහට අමාත්‍යවරයකුගේ ඉල්ලා අස්වීමක් පලවෙනි වතාවට සිදු වුණා කියන එක වඩාත් නිවැරදියි. ලෝකයේ විවිධ රටවල් වල එහෙම වෙලා ඇති. එදා කිව්වේ වරදක් සිදු උනාම වෙනත් රටවල අය නම් ඉල්ලා අස්වෙනවා මෙහෙ අය එහෙම ඉල්ලා අස්වෙන්නේ නැහැ කියලා. දැන් ඉල්ලා අස් වුණහම කියනවා ඊටත් වඩා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ලොහාන් රත්වත්ත ඇමතිතුමාව ජනාධිපතිතුමා තමයි පත් කලේ. එතුමා වැරැද්දක් කරා කියලා මාධ්‍යය ප්‍රචාරය කලා. ඒ නිසා එතුමා ඉල්ලා අස් උනා. මේක ඉතාමත් හොඳ දෙයක්. එදා මහ බැංකුව කඩපු අය ඉල්ලා අස් වුණේ නැහැනේ. ප්‍රේමදාස මහත්තයා කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළා කියලා එතුමා ඉල්ලා අස් වුණා ද. තමන්ගේ සේවකයෝ ගිහිල්ලා නෝනගේ සැලූන් එකේ වැඩ කෙරුවා කියලා ප්‍රේමදාස මහත්තයා අඩුම ගානෙ සමාවවත් ගත්තද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයක් යටතේ මෙවැනි දෙයක් සිදු වුන එක ගොඩක් හොද දෙයක්. අපි විනයක් ඇති රජයක්.”

එතුමන් තවදුරටත් රාජ්‍ය අමාත්‍යවරයෙක් නේද ?

එතුමා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මැතිතුමාට අපරාධ චෝදනාවක් එල්ල වෙනවා නේද ?

“මුලින්ම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. එකපාරට අපිට ඒ ගැන කියන්න බැහැ. එතුමන් ඉල්ලා අස්වෙන්නේ නැතුව, ගෝඨාභය ජනාධිපතිතුමන් එතුමාට ඉල්ලා අස්වෙන්න එපා කියලා කිව්වා නම් මොකක්ද අද තියෙන තත්වය. මේ වන විට ඒ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් පරීක්ෂණයක් සිදු කරගෙන යනවා ඒ පර්යේෂණයේ වාර්තා එනකන් ඉන්න වෙනවා. පරීක්ෂණ වාර්තා වලට කලින් මම මතයක් ප්‍රකාශ කරනවා නම් ඒක වැරදියි. මම එතන හිටියෙ නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ එතන එහෙම සිද්ධියක් සිදු වුනාද නැද්ද කියලා. නමුත් එතුමා ඉල්ලා අස් වුණා, ඒක හොඳ දෙයක්. මම විශ්වාස කරන්නේ මේ ප්‍රවණතාවය හොඳයි කියලා.”

අපේ රටට මානව හිමිකම් පිළිබදව ප්‍රශ්න තියෙන වෙලාවේ ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ මේ ක්‍රියාකලාපය කොහොමද රටට බලපාන්නේ යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා,

“මානව හිමිකම් ප්‍රශ්න අද විතරක් තිබුන දෙයක් නෙවෙයි.ඒවා මේ රටට හැමදාම තිබුණා. අපේ රජයට මේ මානව හිමිකම් ප්‍රශ්න එදා ප්‍රභාකරන්ව මරපු දවසේ ඉඳලා තිබෙනවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. දැන් මේ ගැටලුව මානව හිමිකම් වලට ගෙනිහින් තියෙනවා. අපි ඒ ප්‍රශ්නයටත් මුහුණ දෙමු.”

පහුගිය මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඔබතුමන්ලාට පාස්කු ප්‍රහාරය පිටුවහලක් වුණා කියලා කියනවා. නැවතත් එවැනිම ප්‍රහාරයක් එල්ල වෙන්න යනවා කියලා වාර්තා වෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්දව දැන් බයක් දැනෙනවා නේද යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා,

“ඒක අමූලික බොරුවක්. ජාතික ආරක්ෂාව කිසිසේත්ම බිල්ලට දෙන්නේ නැති ආණ්ඩුවක් තමයි අපේ රජය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් වුණ ගමන් මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු වුණා. මොන සැලසුම් කවුරු කරන්න හැදුවත් ඒකට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. අපිට වඩා දියුණු නවසීලන්තයේ මොකක්ද සිද්ද වුනේ. ශ්‍රී ලංකාවෙන් ගිය පුද්ගලයෙක් ත්‍රස්තවාදී කටයුතු වලට මුල් උනා. පසුගිය යහපාලන රජය වගේ අපේ රජය රටේ ජාතික ආරක්ෂාව බිල්ලට දෙන්න සූදානම් නැහැ. මේ රටේ ජනතාව බිල්ලට දෙන්නේ අපි සූදානම් නැහැ. අපි මේ දේවල් ගැන හොයා බලනවා. රටේ ආරක්ෂාව තහවුරු කරගෙන ඉන්නේ. රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය වන කිසිම දෙයක් සිදු වන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒක ඉතාමත් වගකීමෙන් කියනවා.”

ඔබතුමන්ලාගේ රජයෙන් සහන ලබා දෙනවා කිව්වත් තවම කිසිම සහනයක් ජනතාවට ලැබිලා නැහැ නේද යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා,

“මේ අවුරුදු එකහමාර තුල මුළු ලෝකයම කොවිඩ් ව්‍යසනයට මුහුණ දීලයි තිබුනේ. ප්‍රශ්න ඇති වුණාම ජනතාවට අපි මුදල්වලින් ආධාර ලබා දුන්නා. රටේ සංවර්ධන කටයුතු නොකඩවා සිදු කරගෙන යනවා. සමෘද්ධිලාභීන්ට අඛණ්ඩව සහන ලබා දී ගෙන යනවා. රටේ ජනතාවක් හැටියට අපි කල්පනා කරන්න ඕනේ මේ ආණ්ඩුව මේ විදිහට හරි ආර්ථිකය රැකගෙන, රටේ ජනතාවත් රැකගෙන යන එක ලොකු දෙයක් කියලා. පහුගිය යහපාලන ආණ්ඩුව තිබුණා නම් අද මේ රට කනත්තක් වෙලා ඉවරයි. දියුණු වෙලා තිබුණ රටේ ආර්ථිකය විනාශ කරපු, මිනිස්සුන්ව නිකරුනේ මැරෙන්න ඉඩ ඇරපු ආණ්ඩුවක් තමයි පසුගිය යහපාලන ආණ්ඩුව. විපක්ෂය විවිධ දේවල් කියයි. නමුත් අපේ ආණ්ඩුව පොරොන්දු උන සියල්ල ඉටු කරනවා. මේ ව්‍යසනයෙන් අපි බේරෙන්න අවශ්‍ය සැලසුම් මේ වෙද්දී සකස් කරලා අවසන්. එන්නත්කරණ වැඩසටහනේදී ලෝකයේ ඉතාමත් විශිෂ්ට රටක් බවට අද අපේ රට පරිවර්තනය වෙලා තියෙනවා. අඩුපාඩුකම් අපෙන් සිදුවෙන්න ඇති. මෙවැනි ව්‍යවසනයක් අපේ රටට අලුත් දෙයක්. ඒක අපි පිළිගන්නට ඕනැ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ රටේ ආර්ථිකය අනිවාර්යෙන් අපි දියුණු කරනවා කියලා. මොන මොන ගැටළු ආවත් ඒවට විසඳුම් අපි ළඟ තියෙනවා.”

වරාය වැනි ජාතික සම්පත් නැවත් විකුණන්න යනවා කියලා ආණ්ඩුවට චෝදනා එල්ල වෙනවා යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා,

“කිසිම ජාතික සම්පතක් විකුණන්නේ නැහැ. ඒක අමූලික බොරුවක්. මමත් වරාය ඇමතිවරයා හැටියට හිටියා ඒක ආයෝජනයක්. ආයෝජකයන් මේ රටට පැමිණිය යුතුයි. එහෙම නොවී කොහොමද රටක් දියුනු කරන්නෙ. ආයෝජකයො ඇවිල්ලා ආයෝජනය කරද්දි කියනවා රටේ සම්පත් විකුණනවා කියලා. මේ හැම අතින්ම බලන්නේ මොනවහරි කියන්න. ඒකට අපි ඉඩ දෙන්නේ නෑ. ඔවුන් කොවිඩ් ප්‍රශ්නය තියෙන නිසා පොඩ්ඩක් දගලනවා. කොවිඩ් ප්‍රශ්නෙ විසඳුනාම එයාලගේ දේශපාලනය විනාශ වෙනවා.”

වෛද්‍ය සංගම් කියනවා ඇඳිරි නීති කාලය තව තවත් දීර්ඝ කළ යුතුයි කියලා ?

මම වෛද්‍යවරයෙක් නෙමෙයි. මගේ මතය වැඩක් නැහැ ඇඳිරි නීතිය දීර්ඝ කරන්න. ජනාධිපතිතුමා වෛද්‍යවරුන් සහ විවිධ ක්ෂේත්‍ර වල නියුතු අය කියන දේවල් අහලා නිවැරදි තීන්දු තිරණ ගන්නවා. හැට නව ලක්ෂයක් ජනතාව එතුමන්ට ඡන්දය දුන්නේ නිවැරදි තීන්දු තීරණ ගන්න.

අද ආණ්ඩුවට සල්ලි ප්‍රශ්නයක් තියෙනවා දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා,

අණ්ඩුවට සල්ලි තියෙනවා. එහෙම නැත්නම් කොහොමද ගෙදර සිට වැඩ කරන රාජ්‍ය සේවකයාගේ පඩිය ගෙවන්නේ. සල්ලි නැතිව තිබුණේ පසුගිය යහපාලන ආණ්ඩුවටයි. අපි බංකොලොත් වෙන්නේ නැහැ. අපි අදටත් රාජ්‍ය සේවකයාට නිසි දිනට පඩි ගෙවනවා. අපි ලග නාස්ති කරන්න සල්ලි නැහැ. අපි කවුරුත් දන්නවා මේ වෙලාවේ අපේ ආදායම් අඩු මට්ටමක තියෙන්නෙ කියලා. ඒ නමුත් ආණ්ඩුව බංකොලොත් වෙලා නැහැ.

මහාමාර්ග අමාත්‍යාංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති දක්ෂිණ මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය මගීන් මෙම රුක්රෝපණ වැඩසටහන 17 වන දින සංවිධානය කරන ලදී. ඩබ්.ඒ. සිල්වා මාවතේ සිට පාමංකඩ පාලම දක්වා මාර්ගය දෙපස ඇහැල, කොබෝලීල, රොබරෝසියා, මල්මුරුත යනාදී ශාක රෝපණය කරන ලදී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැනඩා පාර්ලිමේන්තුවට තරග කරන පොලොන්නරුව චන්දන පොකුණේ  ගැමියා සමග පිළිසඳරක්…

Next Post

ස්මාර්ට් වෙනවා නම් භානුක වගේ වෙන්න..කොවිඩ් කාලයේ වස විසනැතිව බිම අස්වද්දන රත්තරන් පුතාගෙ කතාව…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.