සුජිත් හේවාජුලිගේ –
ඉෂිනි වික්‍රමසිංහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත්වීමෙන් පසු පුරප්පාඩුවූ එම තනතුරේ වැඩ බැලීම සඳහා එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රේණුකා බණ්ඩාරනායක පත්කර ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ එම තනතුරින් ඉල්ලා අස්වූයේ ඉකුත් 9 වැනිදාය.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට ජනාධිපතිවරයා තවමත් සුදුස්සකු පත් කර නැතැයිද විමලවීර දිසානායක ප්‍රකාශ කළේය.
ඉෂිනි වික්‍රමසිංහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කෙරුණේ 2020 ජනවාරි මස 17 වැනිදාය.
ලංකාදීප –