බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අති විශිෂ්ටයි… ඒ ජයග්‍රහණය වර්ණවත් වුනේ මෙහෙමයි…!

by editor
සැප්තැම්බර් 8, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

දසුන් ශානකගේ නායකත්වය සහිත  සටන්කාමී  ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකානුවන්  ලකුණු 78කින් පරදවා අති විශිෂ්ට ජයග්‍රහණයක්  සමග තරගාවලි ජයක් වාර්තා කළහ.

තරඟාවලියේ තුන්වන සහ අවසන් තරඟය ඊයේ (07) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්විනි.

බොහෝ දේ බිඳවැටී ඇති අවස්ථාවල අපට බලාපොරෝත්තු  ගෙනාවේ ක්‍රිකට්ය. දේශපාලන කුණ්ඩාවලි එක්ක ගැටගැසෙමින් දුර්දාන්තයක් දක්වා ගිය ක්‍රිකට් බිඳවැටීම  මේ රටේ මිනිසුන්ට දරාගත නොහැකි වූයේ එබැවිනි.

යළිත් ඒ අපේක්ෂාව දැල්වීමට දසුන් ප්‍රමුඛ යොවුන් ක්‍රීඩකයෝ  සමත් වූහ. ශ්‍රී ලංකා දඟපන්දු  ක්‍රීඩකයන් අතරට තවත් විශිෂ්ටයෙක් පහළ වූ බව ඊයේ අපට කීවේය. ඒ මහේෂ් තීක්ෂණය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට දුන් ඉලක්කය ලකුණු 203කි.

කාසියේ වාසිය හිමි කරගෙන පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඬුලු 09 ක් දැවී රැස්කළේ ලකුණු 203 ක් පමණයි.

ඒ සමස්ථ ඉනිමේ කොඳු නාරටිය වූයේ චරිත් අසලංකය. ඔහු ලකුණු 47 ක් රැස් කළේය.    ධනංජය ද සිල්වා ලකුණු 31 ක් රැස් කළේය. අටවන කඩුල්ල සේ පිටියට පැමිණි  දුෂ්මන්ත චමීර ලකුණු 29 ක් ලබා ගත්තේය.

කාසියේ වාසිය පැරදී පන්දු රැකීමට යොමු වූ දකුණු අප්‍රිකාව මනරම් පන්දු යැවීමක මෙන්ම විශිෂ්ට පන්දු රැකීමක නිරත විය.

පන්දු යැවීමේදී කේෂොව් මහරාජ් ලකුණු 38 කට කඩුලු 03 ක් දවා ගත් අතර තබ්රිස්ක් ශම්සි ලකුණු 31 කට කඩුලු 02 ක් දවා ගත්තා. දකුණු අප්‍රිකාවට  ලකුණු 204 ක ඉලක්කයක් ලැබී තිබිණි.

බැලූ බැලුමට දකුණු අප්‍රිකානුවන්ට පන්දු ඕවර තිස්පහකින් හතලිහකින් ලඟා විය හැකි ඉලක්කයක් සේ  අපේක්ෂා සුන් කරගත් ක්‍රිකට් ලෝලීන්ට තරගයක ජයග්‍රහණය හඹා යන්නේ කෙසේ දැයි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෙන්වූහ.

මේ තරගය කණපිට හැරවූයේ  සිය මංගල එක්දින තරගය ක්‍රීඩාක කළ මහේෂ් තීක්ෂණය.  සිය මංගල තරගයේ මුල්ම පන්දුවෙන් ඔහු කඩුල්ලක් දවා ගත්තේය.  ඒ යානේමන් මලාන්ගේ කඩුල්ලය. ලකුණු 37 කඩුලු 4 දවා ගැනීමට මහේෂ් සමත් වූයේය.

මේ තරම් අඩු ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කරගන්නේ කෙසේ දැයි  පිටියේ දී ලෝක ආදර්ශයක් දීමට ශ්‍රී ලංකා පන්දු රකින්නෝ සමත් වූහ.  ස්ලිප් හි සිට ධනංජය ද සිල්වා රැක ගත් උඩු පන්දු තුන, ෂෝට් මිඩ් විකට් හි සිට  කමිඳු මෙන්ඩිස් පියඹා ගොස් ගුවනේ දී රැක ගත් රාසි වැන්ඩර් ඩර්සන් උඩපන්දුව කලකට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට අමත නොවන අත්දැකීමක් එක් කළේය. හතරේ පහර රැසක් අවසන් මෙහොතේ ආරක්ෂා කිරීමට හැකි පන්දු රැකීම ගැන ජාත්‍යාන්තර විචාරකයෝ කතා කළහ. ඒ අතර අවිශ්ක ප්‍රනාන්දුගේ පන්දු රැකීම ගැනත් කියැවිනි.

දකුණු අප්‍රිකානු පූර්ණ ඉනිම  ඕවර 30කට සීමා විය.  අති විශිෂ්ට ආරම්භක පන්දු යැවීමක නිරත වූ දුෂ්‍යන්ත චමීර සහ ප්‍රවීන් ජයවික්‍රම දකුණු අප්‍රිකානු මුල් පෙළ කුඩු කර දැම්මේය.

ඉනිමේ පස්වැනි පන්දු ඕවරය වන විට ලකුණු 19කට දකුණු අප්‍රිකාවේ  කඩුළු 03ක් බිඳ වැටුණි.  ආරම්භක පන්දු ඕවරය  දුෂ්මන්ත යැවීමෙන් පසු අනෙක් අන්තයෙන් දෙවැනි පන්දු ඕවරය යැවීමට කැඳවූ ප්‍රවීන් ජයවික්‍රම  ඒඩ්න් මැක්‍රම් දවා ගැනීමෙන් කඩුලු දඩයම ඇරඹීය. ධනංජය විශිෂ්ට උඩ පන්දුවක් ස්ලිප්හි සිට රැක ගත්තේය. 3වන පන්දු ඕවරය යැවූ දුෂ්මන්ත චමීර රිසා හෙන්ඩ්‍රික් ද වම් ඉන්න ගලවා දැම්මේ කිසිදු ලකුණක්  ලබා නුදුන් ඕවරයක අවසාන පන්දුවේ දීය.  තුන්වන කඩුල්ල ලෙස යළිත් සිහි කළ යුතු කමිඳුගේ මනරම් පන්දු රැකීම හමුවේ වැන්ඩර් හුසේන් පිටියෙන් ඉවත් විය. පන්දු යැව්වේ චමීරය.

දසුන් පන්දු යැවීමේ බලඇණිය මෙහෙයවූ ආකාරය කදිම විය.  පළමු පන්දු යැවීමේ වෙනස ලෙස කැඳවූයේ  මහේෂ් තීක්ෂණය.  තීක්ෂණගේ අති විශේෂ කැරම් පන්දුව සහ බම්පර් පන්දුව දකුණු අප්‍රිකානුවන්  අන්ද මන්ද කළේය.  සිය මුල්ම පන්දුවෙන්  ස්ථාවර ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් සිටි ආරම්භක පිතිකරු වූ ජෙන්නෙමන් මාලන්  දවා ගත්තේය.  ඒ වනවිට ඔහු පන්දු 19ක දී ලකුණු 18ක් ලබා සිටියේය.

05 කඩුල්ල ලෙස විආන් මුල්ඩර්  කඩුල්ල මුවා කිරීමේ හසුකරගැනීමට වනිඳු හසරංග සමත් වූයේය. තීක්ෂණ සිය දෙවන කඩුල්ල ලෙස හෙන්ඩ්‍රික් කාර්සන් ලකුණු 22ක් ලබා තිබිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගත්තේය.  ලකුණු 56කට දකුණු අප්‍රිකානු කඩුලු 06ක් බිඳ වැටිනි.

ඇන්ඩිල් පෙලුක්වායෝ (17) සහ ජොර්ජ් ලින්ඩ් (18) දෙදෙනා හත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක සම්බන්ධතාවයක් පැවැත්වීමෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 100 සීමාව ඉක්මවා යන්නට හැකි විය.

පන්දු යැවීමේ දී දුෂ්මනත් චමීර පන්දු ඕවර 4ක් යවා ලකුණු 16කට කඩුලු 2ක් දවා ගත්තේය. ප්‍රවීන් ජයවික්‍රම පන්දු ඕවර 4ක් යවා ලකුණු 18කට කඩුලු 1ක්, වනිඳු හසරංග පන්දු ඕවර 08ක් යවා ලකුණු 32ට කඩුලු 2ක්,  මහේෂ් තීක්ෂණ පන්දු ඕවර 10ක් යවා ලකුණු 37ට කඩුලු 04ක්, චරිත් අසලංක පන්දු ඕවරයක් යවා ලකුණු 03කට කඩුල්ලක් දවා ගත්තේය.

දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 125කට සීමා විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 78ක අති විශිෂ්ට ජයක් අත් කරගත්හ. තරගයේ වීරයා වූයේ නව වන කඩුල්ල ලෙස පිටියට පැමිණෙමින් පන්දු 39 ක දී හතරේ පහර තුනක් සමග ලකුණු 29ක්  රැස්කර වික්‍රමාන්විත පිති හරඹයක නිරතවන අතරම දකුණු අප්‍රිකානු මුල පෙළ සුනු විසුනු කර  පන්දු ඕවර 4ක් යවා ලකුණු 16කට කඩුලු 2ක් දවා ගත් දුෂ්මන්ත චමීර ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩොලර් අර්බුදය අඩු කරන්න නම් උණ්ඩියල්කාරයින් නැති කරන්න ආනයනකරුවකුගෙන් යෝජනාවක්

Next Post

අස්ගිරි නා හිමිට – දියවඩන නිලමේට පැමිණිල්ලක්… කතරගම දේවාල බස්නායක නිලමේගෙන් නා හිමි ලේකම්ට මැර තර්ජන… .

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.