බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරුරේ කැළැල් පෙන්වා රටින් පැන රටම කැළැල් කළ   ISIS  උම්මන්තකයාගේ මුල මැද අග…

by editor
සැප්තැම්බර් 5, 2021
in පුවත්
Samsudeen
Share on FacebookShare on Twitter

සේමාලි කැල්ලපත –

(නවසීලන්තේ සිට ලංකාසර විශේෂයෙනි)

අධිකරණ ක්‍රියාදාමයක් හේතුවෙන් මෙතෙක්’ S ‘ ලෙසින් හැඳින්වූ නවසීලන්ත ප්‍රහාරකයාගේ තොරතුරු අගමැතිනී ජසින්ඩා ආඩර්න් විසින් පෙරදා මාධ්‍ය හමුවේ විස්තර කළාය.

ශ්‍රී ලාංකිකයකු ලෙසින් ලොවම මෙතෙක් දැනසිටි ඔහු අහමඩ් අතීල් මොහොමඩ් සම්සුදීන්ය. පවුලේ උදවිය කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිය. සිදුවීම සැලවූ වහා ඔවුන් ලංකාවේ සිට දිගු ප්‍රකාශයක් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළකර තිබුණේය.

සම්සුදින්

සම්සුදීන් නවසීලන්තයට පැමිණ ඇත්තේ 2011 දී ශිෂ්‍ය වීසා යටතේය. ඉන් වසර දෙකකට පසු මෙරටින් සරණාගත රැකවරණ ඉල්ලනුයේ ලංකාවේ වධහිංසාකාරී පාලනයෙන් ගැලවී පැමිණි බව පවසමින් සිය සිරුරේ වූ කැළැල් පෙන්වමිනි. 2013 වසරේදී ඔහුට සරණාගත තත්ත්වය හිමිවන අතර එතැන්සිට හුදෙකලාව ජීවත්වී තිබිණි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

2016 සිට ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් මුදාහැරෙන  ප්‍රචණ්ඩකාරී අදහස් හා ISIS ත්‍රස්ත ක්‍රියාවලට සහාය දක්වන අදහස් නිසා නවසීලන්ත පොලිසිය ඔහු පිළිබඳ පසුවූයේ දැඩි විමසිල්ලෙනි. එතැන් සිට වරින්වර ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු හා සරණාගතභාවය වංචනිකව ලබා ගත් බවට දැනුවත් වීම හේතුවෙන් 2018 දී නවසීලන්ත ආගමන  බලධාරීන් සම්සුදීන්‌ගේ සරණාගත තත්ත්වය වෙනස්කර රටෙන් පිටුවහල් කිරීමට උත්සාහ කළේය. එය වැළකී තිබුණේ සම්සුදීන් ඒ වෙනුවෙන් අභියාචනයක් කිරීම නිසාය.

සිය නම හෙළිකිරීමට විරුද්ධත්වය පළ කරමින් සම්සුදීන් සිය අභියාචනයෙන් කිසියම් ලෙසකින් යළි ශ්‍රී ලංකාවට යැව්වහොත් ඉන් තම ආරක්ෂාවට දැඩි තර්ජනයක් ඇතිවේ යැයි පවසා ඇත.

පසුගිය 03 වැනිදා සුපිරි වෙ‌ළෙඳ සලේ සිදුකළ ප්‍රහාරයෙන් පසු ප්‍රහාරකයාගේ තොරතුරු මාධ්‍ය හමුවේ හෙළි කිරීම වැළකී ඇත්තේ එය අධිකරණය ඉදිරියේ නඩු කටයුත්තක් ව තිබීම හේතුවෙනි. මෙරටේ නීතිය අනුව සරණාගත තත්ත්වය ඉල්ලා සිටින්නකුගේ අනන්‍යතාව හෙළිකිරීම තහනම් බැවිනි.

සරණාගත තත්වය ඉල්ලන්න හේතුව…

සම්සුදීන් මෙරටින් සරණාගත තත්ත්වය ඉල්ලා සිටීමට හේතුව ලෙසින් පවසා ඇත්තේ, දශක ගණනාවක් තිස්සේ ලංකාවේ පැවැති ජනවාර්ගික අර්බුදයේදී සුළු ජාතික දෙමළ ජාතිකයකු වූ ඔහුට සහ ඔහුගේ පියාට සිය දේශපාලන පසුබිම හේතුවෙන් ශ්‍රී ලාංකික බලධාරීන් වෙතින් පැහැර ගැනීමට හා වධහිංසාවනට ලක්වූ බවය. සාක්ෂි ලෙසින් ඔහු සිය සිරුරේ වූ තුවාල කැළැල් හා මනෝ වෛද්‍යවරයකුගේ වාර්තාවක් ද ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවෙන් පෙන්වා ඇත්තේ සම්සුදීන් පශ්චාත් කම්පන මානසික ආතතියෙන් හා මානසික අවපීඩනයෙන් පෙළෙන “දැඩි අසහනයට හා හානියට පත් වූ තරුණයෙක්” යනුවෙනි.

පළමු අවධානය

සම්සුදීන් ප්‍රථම වරට නවසීලන්ත පොලිසියේ  අවධානයට ලක් වූයේ 2016 මාර්තු 23 වන දිනය. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ ISIS ත්‍රස්ත යුද ප්‍රචණ්ඩ ක්‍රියාවල පින්තූර පළ කරමින් පැරිස් හා බ්‍රසල්ස්හි බෝම්බ ප්‍රහාරවලට සහයෝගය දක්වමින් අදහස් පළකිරීමත් සමඟය.

එතැන් සිට වරින්වර නවසීලන්ත පොලිසිය ඔහුට කළ දැඩි අවවාද කිරීම් නොසලකා හැරි සම්සුදීන් දිගින් දිගටම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පවත්වා ගනිමින් සිය ප්‍රචණ්ඩකාරී අදහස් අන්තර්ජාලය ඔස්සේ මුදා හැර ඇත. එතැන් සිට නවසීලන්ත සන්නද්ධ උපායික කණ්ඩායම සහ නවසීලන්ත ජාතික ආරක්ෂක ආයතනය ඔහුගේ අන්තර් ජාල ක්‍රියාකාරකම් ගැන විමසිල්ලෙන් සිට ඇත්තේ මහජන ආරක්ෂාවට තර්ජනයක් වියහැකි පුද්ගලයකු ලෙස සලකාය.

” මං යම් දවසක ආපසු මගේ රටට ගොස් මගේ රටේ සිටින දහජරා කිවියන් සොයා ගන්නම්. උන් එහේ ඉඳන් කරන දේට මං මගේ රටේදී ඔවුන්ට කරන දේ පෙන්වන්නම්.” යනාදී වශයෙන් ඔහු සිය ෆෙස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණේද නවසීලන්ත පොලිසිය ඔහුට කළ අවවාද කිරීම් නොතකා හරිමිනි.

අත්අඩංගුවට පත්වීම

2017 වසරේදී සම්සුදීන් ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණේ මේ අතරය. ඒ සිංගප්පූරුවට යෑම සඳහා පමණක් වූ ගුවන් ටිකට්පතක් ගෙන රටෙන් පිටව යෑමට තැත්කරද්දීය. නවසීලන්ත පොලිසිය විශ්වාස කරනුයේ ඔහු සිරියාවේ ISIS ත්‍රස්තයන්ට එක්වීමේ අදහසින් රටෙන් බැහැර වීමට උත්සාහ කර ඇති  බවයි. තමන් සිරියායනු ISIS ත්‍රස්තයන්ට එක්වීමේ බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු සිය හිතවත් මුස්ලිම් ජාතිකයෙකුට පල්ලියේදී පවසා තිබූ බව ද හෙළිවිය.

ඒ අවස්ථාවේ ඔහු පදිංචි නිවෙස පරීක්ෂා කිරීමේදී වායු තුවක්කුවක් මානමින් සිටියදී ගත් ජායාරූප හා ඇඳේ මෙට්ටය යට සඟවා තිබූ දඩයම් පිහියක් ද සමඟින් ප්‍රචණ්ඩකාරී අදහස් පතුරුවන පත්‍රිකා තිබී සොයා ගෙන ඇත. ත්‍රස්ත ක්‍රියා මර්දනය කිරීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරමින් ඔහුට විරුද්ධව චෝදනා ගොනු කරද්දී  ” ත්‍රස්ත ප්‍රහාරයක් කිරීමට ලැහැස්තිවීම  නීතිය යටතේ වරදක් නොවන බව” මහාධිකරණ විනිසකරු නියෝග කිරීම හේතුවෙන් අඩු චෝදනා ගොනුකර තිබිණ.

කෙටිකාලීන සිර දඬුවමකට ලක් කරමින් ඔහු පිළිබඳ දැඩි නිරීක්ෂණයෙන් පසුවන ලෙසට නියම කෙරුණේ ඉන්පසුවය. මේ වසරේ මැයි මාසයේදී ද යළිත් වරක් ඔහුට විරුද්ධව පෙර වැරැදිවලටම අධිකරණය ඉදිරියට පමුණුවා තිබේ.

මාධ්‍ය වාර්තා කළ අන්දමට අදාළ පුද්ගලයා දඩයම් පිහියක් සන්තකයේ තබා ගැනීමේ වරදට සිරගතව සිට පළමුවැනි වරට සිරෙන් නිදහස් වූ විගසම කර ඇත්තේ යළිත් එවැනිම වර්ගයේ පිහියක් මිලදී ගැනීමය. මේ වෙද්දී ද පොලිසිය ඔහු පසුපස පන්නමින් සිටි බැවින් යළිත් ඔහු අත්අඩංගුවට ගැනිණි.

අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සම්සුදීන් විනිසකරු අමතමින් ” ඔබ කරදර වන්නේ එක පිහියක් ගැනයි. ඒත් මං ඔබට කියන්නේ මට පිහි 10ක් වුවත් මිලදී ගත හැකියි. එය මගේ අයිතියක්” යනුවෙන් පැවසූ බව මාධ්‍ය වාර්තා කළේය.

අල්ලාහ් උඹලට දඬුවම් කරාවි

සම්සුදීන් මේ වසරේදී නීතිය ඉදිරියට පමුණුවමින් ඔහු  අන්තර්ජාලය ඔස්සේ මුදාහළ අදහස් ද ඉදිරිපත් කර තිබිණි. කළු ඇඳගත් ත්‍රස්තවාදීන් තුවක්කු රැගෙන ISIS ධජය යටතේ සිටින අන්දම හා නගරයක් ගිනි ගනිමින් තිබෙන අන්දම රැගත් සේයාරූ ඒ අතර විය.

” අප පැමිණියේ සෑමතැනම භීතිය වැපිරවීමටය”

” අපි, අප විශ්වාස නොකරන්නන්ගේ රුධිරය බොමු” යනාදී වශයෙන් වූ ප්‍රකාශ ගැන අධිකරණයේදී විමසීමේදී සම්සුදීන් පවසා ඇත්තේ, ” උඹලාට මවුරින්ගේ යුද විලාපයන් තියෙනවා” යනුවෙනි. ඔහු අධිකරණය ඇමතීමේදී පවා දැඩි ආවේගශීලිව හැසිරී ඇත්තේය. නවසීලන්ත ආදි වාසි මවුරි ජාතිකයන්ගේ යුද ශිල්පමය ‘හකා’ නර්තනය පවා සිය ප්‍රචණ්ඩකාරී අදහස් සමඟ සසඳමින් අදහස් පළ කර ඇත.

එසේම, ”උඹලා මා හිරේ දමන්නේ මා මුස්ලිම් ආගමිකයකු නිසා නේද? උඹලා මගේ ආගමට කැමති නෑ නේද? ඒ නිසා උඹලා සතුරන් . අල්ලා දෙවියෝ උඹලාට දඬුවම් කරාවි” යනුවෙන් ද පවසා තිබේ.

අවසන් වරට  මේ වසරේ ජූලි මාසයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු බටහිර ඕක්ලන්ඩ් හි මුස්ලිම් දේවස්ථානයක සේවයට යොදවමින් වසරක දැඩි නිරීක්ෂණය යටතේ තැබීමට නියෝග කර ඇත්තේ ඔහු මහජන සාමයට තර්ජනයක් විය හැකි පුද්ගලයකු ලෙස සලකමිනි.

ලොමු දැහැගන්වන අන්තර්ජාල සෙවීම්…

එහෙත්, හිරෙන් නිදහස්ව පැමිණි දා සිටම පොලිසිය කළ අවවාද කිරීම් ද නොතකමින් සම්සුදීන් දිගින් දිගටම අන්තර් ජාලය ඔස්සේ කළ සොයා බැලීම් දැන් කරළියට පැමිණ තිබේ. ඔහුගේ ඒ ඇතැම් සෙවුම් බැලුම් ලොමු දැහැගන්වන සුලුය. ‘හුදෙකලාව සටනේ යෙදෙන වුල්ෆ් මුජාහිදීන් සඳහා ආරක්‍ෂිත මාර්ගෝපදේශ’ යන මාතෘකාව ඔස්සේ ද ඔහු අන්තර්ජාලය පිරික්සා ඇත්තේය.

දඩයම් පිහි, කැලෑ ඇඳුම්, ISIS ත්‍රස්තවාදීන් ගේ නිල ඇඳුම් මෙන්ම නවසීලන්ත සිර ඇඳුම් හා හිරේදී දෙන ආහාරපාන ගැනද ඔහු සොයා ඇත.

ඔහු මේ සෙවීම්වලදී ‘කුෆාර්’ හෙවත් ‘කෆීර්’ යන වදන නිතර යොදාගෙන ඇත්තේය. එම අරාබි වදන අවිශ්වාසකරන්නා හෝ නොඅදහන්නා යන අරුත දෙයි. අන්තර් ජාලය ඔස්සේ ඔහු  “කෆාර්ට ප්‍රහාර කරන්නේ කෙසේද සහ පුපුරණ ද්‍රව්‍ය සාදා ගන්නේ කෙසේද” යන මාතෘකාව යටතේ වීඩියෝ නරඹා ඇතිබවද පොලිසිය පවසයි.

මේ පුද්ගලයා දිගින් දිගටම සොයා ඇත්තේ  ISIS ත්‍රස්තවාදීන් ප්‍රහාර සිදු කරන අන්දමත් බටහිර රටවල ආරක්ෂිත ක්‍රම උපාය හා බුද්ධි අංශ මග හරිමින් ඝාතන සිදුකළ හැකි ක්‍රමවේද ගැනය.

අත්අඩංගුවේ ගත කළ දීර්ඝ කාලය නිසා දැඩි  අධීක්‍ෂණය යටතේ සිරෙන් නිදහස් කර සිටියදී ඔහු සේවය කරමින් සිටි මුස්ලිම් දේවස්ථානය ද පොලිසිය විසින් පරික්ෂාවට ලක්කරන අන්දම ද මාධ්‍ය වාර්තා කළේය.

Srilankan-ISIS-New-Zealand
ප්‍රහාරය සිදු වූ අවස්ථාව

අවසන් ප්‍රහාරය

2016 වසරේ සිටම නවසීලන්ත පොලිසියේ කණ්ඩායම් දෙකක දැඩි නිරීක්ෂණ  මධ්‍යයේ සිටිමින් පසුගියදා සුපිරි වෙළෙඳ සලට පැමිණෙද්දී ද සිවිල් ඇඳුමින් සැරසුණු  නිලධාරීන් කීප දෙනෙක් ඔහුට නොදුරින් සුපිරි වෙළෙඳසලට ඇතුළු වී සිටි බව වාර්තා වේ. එතැනදී ඔහු වෙතට කඩා පැන පිහිය උදුරා ගැනීමට තමා සූදානම් වෙද්දී එතැන සිටි එම කණ්ඩායමේ නිලධාරියකු තමන් ඔහු මෙල්ල කරගන්නා බව පවසා තමා ආරක්ෂිතව වෙනතකට යොමු කළ බව සිදුවීම වෙද්දී එතැන සිටි අයකු මාධ්‍යයට පවසා තිබිණි.

වාර්තා වන අන්දමට ඔහු සිය‌ නිවෙසින් පිටත්ව දුම්රියේ නැගී ලින්මෝල් හි සුපිරි වෙළෙඳසලට එද්දීත් නිලධාරීන් ඔහු පසුපසින් නොපෙනෙන සේ සිට ඇත. එහිදී ට්‍රොලියක් ගෙන රාක්ක අතර සිටියදී එක්වරම විකිණීමට තිබූ පිහියක් ඩැහැගෙන පහර දෙද්දීම තත්පර 60-90 අතර කාලයකදී ඔහු මෙල්ල කර ගැනීමට හැකිව ඇත්තේ එනිසාය. සිද්ධියෙන් තුවාල ලැබ රෝහල් ගතකර  හත් දෙනාගෙන් තිදෙනෙකුට බරපතලය.

මේ සිදුවීමෙන් පසු නවසීලන්තයේ ආහාර අලෙවි කරන සුපිරි වෙළෙඳසල් විකිණීමට තබා ඇති පිහි හා කතුරු ඉවත් කිරීමට කටයුතු කළේය.

ජසින්ඩා කී කතාව

Jacinda-Ardern
නවසීලන්ත අගැමැතිනිය ජෙසින්ඩා අර්ඩන්…

සිදුවීම පිළිබඳව මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පැවසුවේ මේ පුද්ගලයාගේ ක්‍රියාකලාපය ගැන තමා දැනුවත්ව සිටි බවයි. ඇගේ ප්‍රකාශයේ අප දුටු විශේෂත්වයක් වූයේ ඇය කිසිම තැනක අපරාධය සම්බන්ධයෙන් ආගමකට හෝ ජාතියකට ඇඟිල්ල දිගු නොකිරීමය. ප්‍රහාරය එල්ල කළේ තනි පුද්ගයකු මිස ඇදහිල්ලකින්, සංස්කෘතියකින් හෝ  ජනවාර්ගිකයකින් නොවන බවත් කිසියම් වූ මතවාදයක එල්බගත් වෙනත් කෙනකුගේ සහායක් නොමැතිව තනි පුද්ගලයෙකු විසින් බවත් ඇය ප්‍රකාශ කළාය.

“මෙවන් පුද්ගලයන්ගෙන් මිනිසුන් ආරක්ෂිතව තබා ගැනීම සඳහා අප සතුව ඇති සෑම නෛතික හා නිරීක්ෂණ බලයක්ම අපි භාවිතා කර ඇත්තෙමු” යනුවෙන් අගමැතිනිය පැවසූ පරිද්දෙන් රජය මේ වෙද්දී ත්‍රස්ත ක්‍රියා මර්දනය සඳහා නීතිරීති බොහොමයක් යෝජනා කර පාර්ලිමේන්තුව හමුවේ තබා ඇත්තේය.

තමාට අවශ්‍ය වන්නේ ත්‍රස්ත විරෝධී නීතිය “හැකි ඉක්මනින් සහ මේ මස අවසානයට පෙර ” ක්‍රියාත්මක කරමින් ඉදිරියට ගෙන යාමට බවත් ඇය පැවසුවාය.

සිය ට්විටර් ගිණුම ඔස්සේ නවසීලන්ත ජනතාවට පණිඩුයක් යොමු කරමින් අගමැතිනිය මෙසේ කියන්නීය.

” නවසීලන්තය ඔබ කාරුණික වන බව මම දනිමි, කරුණාකර අපේ වින්දිතයින් සියලු දෙනා ඔබ දෑතින් වැළඳ ගන්න.”

සම්සුදීන්ගේ සොයුරා නීතිඥයෙක් මගින් එවූ ලිපිය

සම්සුදීන්ගේ සහෝදරයා නවසීලන්ත නීතිඥවරයකු මගින් එවා ඇති ලිපියේ මෙසේ සඳහන්ය.

”මෙම බිහිසුණු සිදුවීම ගැන අප කම්පා වෙනවා. මගේ සහෝදරයා මියගොස් ඇති බව මගේ පියා තවමත් නොදන්නා අතර ඔහු මේ දිනවල පසුවන්නේ අසනීපයෙන්. අවාසනාවන්ත ලෙස ආතිල් තම ජීවිතයේ යම් මානසික සෞඛ්‍ය ගැටලුවකින් පීඩා වින්දා. දේශපාලන වධහිංසා පැමිණවීමේදී ඔහු බොහෝ දුක් වින්දා. ඔහුට ජීවත් වීමට අවශ්‍ය රට සොයා ගැනීම ගැන අපි කෘතඥ වෙනවා. පසුගිය වසර 10 ක පමණ කාලය තුළ ඔහුගේ මානසික සෞඛ්‍යය නරක අතට හැරෙමින් තිබූ බව අපි දුටුවා. ඔහු නවසීලන්තයේ සිරගෙදර සිටින බව ආරංචි වූ විට, එයින් ඔහුට යම් යහපතක් සිදු වේ යැයි අපි සිතූ නමුත් ඔහු එතරම් කාලයක් එහි ගත කරන බව තේරුනේ නැහැ. සිරගෙදරදී ද ඔහුට ගැටලු රාශියක් තිබුණා.

ඔහුට සැමවිටම අවශ්‍ය වූයේ උපකාරය සහ සහයෝගයයි. ඔහු නිතරම අපට කීවේ එයයි.

ආතිල් වැඩි කාලයක් අන්තර්ජාලයේ ගත කළ අතර එය අපට ද ගැටලුවක්. ඔහුට අවශ්‍ය වූයේ ලංකාවේ සිටින ඔහුගේ මිතුරන් ෆේස්බුක් ඔස්සේ ආකර්ෂණය කර ගැනීමටයි.

අපෙන් සමහරෙක් 2013 දී ඔබේ සුන්දර රට වන නවසීලන්තයට පැමිණියා. අපි ඔබේ රටට සහ ඔබේ ජනතාවට ආදරය කරන අතර ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයෙන් පසු ඔබ හොඳ මිනිසුන් බව අපි දැනගත්තා. අපට ආතිල් අහිමි වී ඉවරයි. අපේ පියා තවමත් අසනීපව සිටියදී කුමක් කළ යුතු දැයි අපට වැටහෙන්නෙ නෑ. ආතිල් මගේ  පවුලේ බාලයා. . තාත්තා ඔහුට  ඉතා සමීපයි…. ඔහු හැදී වැඩුණේ මගේ දෙමාපියන් සමඟ පවුලේ නිවසේ වන අතර අනෙක් අය හැදී වැඩුණේ ප්‍රධාන වශයෙන් නේවාසිකාගාර වල යි. ආතිල් පවුලේ බාලයායි. මගේ අම්මා ගොඩක් කලබල වෙලා.

ආතිල් නිතරම අප පැවසූ දෙයට පටහැනි වුනා. ඔහු උමතුව සිටි අතර සියලු ගැටලු අමතක කරන්නැයි පැවසූ විට දුරකථනය විසන්ධි කළා. ඔහු වැරදියි කියා දැනගත් විට ඔහු නැවත අප ඇමතුවා.

ඊයේ ආතිල්ට වැරදුනා. ඇත්තෙන්ම අපට ඔහු බේරා ගැනීමට නොහැකි වීම ගැන කනගාටුයි.”

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නුවර පෙරහරට පැමිණ අනතුරට ලක්වූ තරුණ නර්තන ශිල්පියා මියයයි

Next Post

මාස 08 මී උණ රෝගීන් 3770ක්…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.