බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිතුල් පව්වේ දාගැබ බින්ද සොත්ති රණාගේ නිධන් කල්ලියම අත්අඩංගුවට

by editor
සැප්තැම්බර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

ඓතිහාසික සිතුල්පවුව රජමහා විහාරයේ පිහිටි කුඩා සිතුල්පවුව පුදබිමේ  දාගැබක ගර්භය හාරා නිධන් වස්තු පැහැරගෙන යාමේ සිද්ධියට අදාලව තිස්සමහාරාම, යෝධකන්ඩිය පදිංචි සංචාරක මගපෙන්වන්නෙකු හා හෙරොයින් ජාවාරම් කරුවෙකු වන 46 හැවිරිදි  අලුත් පටබැදිගේ තුෂාන් ජයලත් නොහොත් සොත්ති රණා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු විමර්ශන  කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 31 වන දින රාත්‍රියේ මෙම සැකකරුවන් පිරිස කුඩා සිතුල්පවුව පුදබිමේ පිහිටි   දාගැබක ගර්භය බිඳ එහි තිබූ නිදන් වස්තු ලබාගෙන පසුව දාගැබේ ගර්භය ප්ලාස්ටර් ඔෆ් පැරිස් යොදා යළි පිළිසකර කරමින් සිටියදී විහාර භූමියේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිළධාරියෙකු විසින් සැක කරුවන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එක් අයෙක්  අල්ලාගෙන තිබේ.    එහි සිටි සැකකරුවන් පළාගොස් ඇති අතර  අල්ලා ගත් සැකකරු     පොලීසියට බාරදිමට හමුදා නිළධාරියා සමත් වී තිබේ.

සිද්ධිය පිළිබදව අනාවරණය වීමත් සමග පුරා විද්‍යා නිළධාරීන් කණ්ඩායමක් හා තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටිය හා සහකාර පොලිස් අධිකාරී ජයශාන්තද සිල්වා යන  ගේ උපදෙස් පරිදි කිරින්ද හා තිස්සමහාරාම පොලිස්‍ ස්ථානවල  නිළධාරීන් ඇතුළුව පොලිස් නිළධාරීන් කණ්ඩායම් කිහිපයක්   සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එහි ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට පත්ව සිටි සැකකරුගෙන් ලද තොරතුරුවලට අනුව   තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති එල්.ජී.නිමල්   ඇතුළු නිළධාරින් කණ්ඩායම විසින් 01 වන දින සවස මෙම පුරාවස්තු විනාශය සඳහා පුද්ගලයන් ප්‍රවාහනය කළ බව කියන හයිලක්ස් වර්ගයේ කැබ් රථය සමග ගඟසිරිපුර, තිස්සමහාරාම පදිංචි 37 හැවිරිදි අමිල නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් එම සැකකරුගෙන් කරණ ලද ප්‍රශ්න කිරිම් වලදි ලබාගත් තොරතුරු වලට අනුව සිද්ධියට සම්බන්ධ සූරිආර, කුමාරගම, මහගල්වැව පදිංචි 44 හැවිරිදි නිමල් ගාමිණී, ගැමුණුපුර, දෙබරවැව පදිංචි 25 හැවිරිදි සුමුදු ලක්ෂාන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් මේ වන විට පොලිසිය ප්‍රකාශ ලබා ගැනීම සිදුකරන අතර සැකකරුවන් අද (03) තිස්සමහාරාම මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සැකකරුවන් පිරිස කිසිවෙකුටත් සැකයක් නොසිතෙන පරිදි සෆාරි ජිප් රථයකින් පැමිණ රථය කැළයේ සඟවා තබා අදාල දාගැබ අසලට ගොස් යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් මෙම කැණීම සිදුකර තිබේ.

සැකකරුවන් හානි කර ඇති මෙම ස්ථූපය මිට වසර කිහිපයකට පෙර ප්‍රතිසංස්කරණය කළ  එකකි. පොලිස් ප්‍රශ්න  කිරීම් හමුවේ සැකකරුවන් මේ වන විට පවසා ඇත්තේ දාගැබේ ගර්භය හෑරුවද එහි තිබි කිසිදු නිධන් වස්තුවක් ලබා ගැනීමට නොහැකි වු බවයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 204යි.. මරණ 9500 ඉක්මවයි…

Next Post

රජයෙන් ලැබුණු 2000ත් ආපසු කොවිඩ් අරමුදලට දුන්නු තලාවේ මිනිස්සු

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.