දැනට ක්‍රියාත්මකවන නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද ප්‍රකාශ කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
කොවිඩ් මර්ධන ජනාධිපති බලකාය අද රැස්වීමට නියමිතය බවත්, එහිදී මේ සම්බන්ධව නිශ්ඡිත තීන්දුවක් ගැනීමට නියමිත බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.
ඔහු මින් පෙර කීවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව හා කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ දත්ත තුළනාත්මක විග්‍රහයකින් අනතුරුව මෙම තීරණය ගැනීමට නියමිත බවයි.