බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටම පලු යන්න බනිනකොට මංගල හිනාවෙමින් කළ අන්තිම පුවත්පත් සාකච්ඡාව

මහරජ මංගලට රඟ පෑවෙ ජොලියට... ඒ ගැන එච්චර ගැඹුරට හිතන්න එපා...

by editor
අගෝස්තු 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මංගල සමරවීරයන් අද නික්ම ගියේය. ඒ ලාංකේය දේශපාලන භූමිකාවේ  කිසිවෙක් නොතැබූ අදීන සලකුණක් තැබූ දේශපාලකයෙක් ලෙසිනි.  තමන් දුටු සත්‍ය වසා ගොඩනැගෙන අශිෂ්ට දුර්දාන්තයන්ට  ඔහු විසින් නිරුවත් කළේ තමන්ට ඉන්  අත්විය හැකි අනිවාර්ය ප්‍රතිඵල දකිමිනි. කුණුවුණු සංඝ සමාජයේ අශිෂ්ට කුණපයට කුළු ගෙඩි පහරක් එල්ල කිරීමට තරම් පෞරුෂයක් සහිත දේශපාලකයෙක් ඔහුට පෙර සිටියා නම් ඒ සර් ජෝන් කොතලාවලය. 

දේශපාලකයෙකු ඉදිරියේ කොන්ද වකුටු කරගෙන දීන නොවන ලෙස ඔහුට බුලත් හුරුල්ලක් දී වන්දනා කළ දැරියක් ගුරුකොට ගනිමින්  ඔහු මුදල් ඇමතිවරයා සිටිය දී මාතර ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ දී කළ කතාව තවමත් සමාජ ජලා තුළ පිළිරැවු දෙන්නේය.

ස්වකීය ජීවිත අනන්‍යතාවය, තමන් අදහන මතවාදය, විශ්වාස කරන යථාර්ථය වෙනුවෙන්  පෙනී සිටීමේ  දී මේ බොල් සමාජය ඉදිරියෙ වකුටු වී සිටින්නට ඔහුට අවශ්‍ය වූයේ නැත.

මේ සැහැල්ලු මිනිසා අවසාන වකවානුවේ    යූ ටියුබ් චැනලයක තරුණ කණ්ඩායමක් හා එක්ව අපූරු රංගනයක් ඉදිරිපත් කළේය. මංගලට පට්ට පලු යන්න මිනිස්සු බැන්නහ. මංගල සිනාසුනේය.

සිනාසෙමින් සති “අග අරුණට“ කදිම පුවත්පත් සාකච්ඡාවක් ලබා දුන්නේය.  එම පුවත්පත් සාකච්ඡාව අරුණ වෙනුවෙන් කළේ උදයජීව ඒකනායක ය.

ඒ ඔහුගේ අවසන් පුවත්පත් සාකච්ඡාව වනු ඇතැයි කවුරුත් සිහිනයෙන් හෝ සිතුවේ නැත. මේ ඒ කතාවය.

 

මංගල මේ එන්න හදන්නේ මොකටද?’

මංගල හැමදාම වැඩක් පටන් ගත්තේ හොඳකට තමයි. මම බලාපොරොත්තු වුණ හොඳ ඉෂ්ට වුණාද යන්න ප්‍රශ්නයක්. මම මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය කරට ගෙන සිදුකළේ හොඳ වැඩකටයි. නමුත් හොඳ වැඩක් වුණේ නැහැ. ඒ නිසා මම කල්පනා කළා දේශපාලන පක්ෂ, පාට, කුලය මුල්කරගන්නේ නැතිව අලුත් වැඩක් පටන් ගන්න. මම දශක ගණනාවකට පෙර ආරම්භ කිරීමට තිබූ වැඩක් සුළුවෙන් හරි මම අද ආරම්භ කර තිබෙනවා.

ජනාධිපතිවරු, අගමැතිවරු බිහි කරන්න මුල් වූ මංගලට එම යුගයන්හි මේ වැඩේ කරන්න බැරි වුණේ ඇයි?

මම බලාපොරොත්තු වුණා එම කඳවුරු මේ වැඩේ කරයි කියලා. මම පාර්ලිමේන්තු නියෝජනය ආරම්භ කළ දිනයේ සිට එකම දේශපාලන මතවාදයක සිටියා. ඒ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයයි. චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රි බලයට ගේන්න මම පෙනී සිටියේ එම මතවාදයේ සිටයි. නමුත් එම කඳවුරුවලින් එය වුණේ නැහැ.

යහපාලන කාලයේදී ඔබට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය බිහිකරන්න පසුබිම තිබුණානේ?

මෛත්‍රිපාල සිරිසේන බලයට ගෙනාවත් ඔහුගේ වෙස් මුහුණ වසරකින් ගැලවුණා. සියලුදෙනාගේ ඡන්දය දිනාගන්න තිබුණ වෙස් මුහුණ නොවෙයි ඔහුට තිබුණේ. යල් පැනපු කුහක සමාජවාදි මානසිකත්වයක් තිබුණේ. එම නිසා ගමන සාර්ථක කරගන්න බැරි වුණා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නමුත් ඒ වෙලාවේ රාජපක්ෂ විරෝධයට සියලු දේශපාලන පක්ෂ එකතු වුණානේ?

ඔව්. රාජපක්ෂ විරෝධයට සියලුදෙනා එකතු වුණත් රට පාලනයේදී අපට තිබුණේ හාත්පසින්ම වෙනස් දෙයක්. අදහස් හා මතවාද හොඳම උදාහරණයයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කළයුතු බවට කියූ පිරිසක් හිටියා. තව පිරිසක් ප්‍රකාශ කළේ බලතල ප්‍රමාණවත් නැති බවයි. ආර්ථික සමාජීය හා ජාත්‍යන්තර වශයෙන් පරස්පර අදහස් තියෙන අය එකතු වුණාම එය සාර්ථක වන්නේ නැහැ.

ඔබ එම නායකයන් ගැන කල කිරීමකද ඉන්නේ?

ඔව්. නායකයන් විතරක් නොවෙයි රටක් ලෙස අපගේ ගමන ගැන මම කලකිරීමක ඉන්නේ. වර්තමානයේ අසාර්ථක රාජ්‍ය අතළොස්සට අපි වැටිලා හමාරයි. තවදුරටත් යනවා. අපේ තානාපතිවරුන් පෙනී සිටින්නේ අසාර්ථක රාජ්‍යයන් වෙනුවෙන් වීම කනගාටුවට කරුණක්.

බයියෝ, ටොයියෝ, ජෙප්පො මේ සියලුදෙනාට ඔබ ආරාධනා කරනවා. ඔය කියන අයත් එක්ක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න පුළුවන්ද?

ඔව්. ඒක නිසයි මම කියන්නේ එම සියලුදෙනාම එකතු විය යුතුයි කියලා. බයියෝ, ටොයියෝ, ජෙප්පො කියලා වෙන් වූ කාලය ඉවරයි. රාජපක්ෂයන්ට අකමැති වුණත් කැමැති වුණත් මේ රටේ පුරවැසියන්. මුළු රටම ‘යූ ටර්න්’ කළ යුතුයි. නමුත් මේ සියලුදෙනා එකට එකතු කිරීම අමාරු දෙයක්. අඩුම ගානේ මෙවැනි මතවාදයකට තියෙන ඉඩකඩ තරුණ තරුණියන්ට හඳුන්වා දීම යුතුකමක්. මමත් මේ කඩා වැටීමට වගකිව යුතුයි. මෙම විනාශයට කාටවත් ඇඟිල්ල දිගුකරන්න බැහැ. 1956 පස්සෙත් රට පාලනය කළ සෑම දේශපාලන නායකයෙක්ම වග කිව යුතුයි.

ඔබ කියන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවද?

ඔව්. විධායකයේ බලතල පාර්ලිමේන්තුවට ලබාදිය යුතුයි. පාර්ලිමේන්තුව තමයි තීන්දු තීරණ ගත යුත්තේ. දවසක අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන තරුණ පරපුරයි. අපි ඊට පාර කැපිය යුතුයි. මම ඒකයි තරුණ තරුණියන් එකතු කරගෙන ගමන යන්නේ. ​බොරු දේශප්‍රේමි සටන් පාඨවලට රැවටෙන යුගය අවසන් කරන සංවාදයට අපි ෆ්‍රීඩම් හබ් එක පටන් ගත්තේ.

ඔබ දකින දේශප්‍රේමය කුමක්ද?

මම දකින්නේ, තව ජාතියක් පාගන, තව ආගමකට නින්දා කරන, තව කුලයක් අයින් කරන, අමුතුම අමුතු දේශප්‍රේමයක් තියෙන්නේ. එය කිහිපදෙනෙකුට පමණක් සීමා වෙලා තියෙනවා. දේශප්‍රේමය නාමයෙන් වැරදි කරපු රටක් මුළු ලෝකයේම නැහැ. එකම රට ලංකාවයි. කළු ජූලිය ඇති වු​‍ණෙත් දේශප්‍රේමය නිසයි. මේ නිසා වැඩියෙන්ම දුක් වින්දේ අපේ සිංහල බහුතරයයි. අපි තාමත් දුක් විඳිනවා. දෙමළ අන්තවාදය පෝෂණය කිරීමේ වගකීම සිංහල අන්තවාදය භාරගත යුතුයි. සාමාන්‍ය දෙමළ ජනතාවගේ දරුවන් බලහත්කාරයෙන් යුද්ධයට ගෙන ගියා. යුද්ධය ඉවර වූ පසු අපි එකතු වෙලා යන්න තිබූ ගමන වෙනස් කරලා සිංහල බහුතරවාදය කරා ගමන් කළා. එම නිසයි 2019දී තනි සිංහල ආණ්ඩුවක් බිහි වුණේ.

සිංහල ජාතිවාදය පමණක් නොවේ දැන් මුස්ලිම් ජාතිවාදයත් පැතිරෙනවා. පාස්කු ප්‍රහාරයට මුස්ලිම් අන්තවාදයත් එක් හේතුවක්. ඔබ කොහොමද මෙය දකින්නේ?

මුස්ලිම් අන්තවාදය ඇති වුණේ 2001 ඇ​මරිකාවට එල්ල කළ ප්‍රහාරයත් සමගයි. සෑම ජාතියක වගේම මුස්ලිම් අයගෙත් අන්තවාදි කොටස් ඉන්නවා. ලංකාවේ එදත් හිටියා. අදත් ඉන්නවා. මුස්ලිම් ජනතාව මෙරටට ආවේ වෙ​ළෙඳාමටයි. ඔවුන් ලංකාව තුළ විශාල සේවයක් කරනවා. මහනුවර රාජ්‍ය සමයේ මුස්ලිම් අයගෙන් විශාල සේවාවක් ඉටුකරගත්තා. අපේ රුපියල් 1000 මුදල් නෝට්ටුවේ ඉන්න ඇත්ගොව්වාත් මුස්ලිම් ජාතිකයෙක්. වහබ් මුස්ලිම් පැතිරීමත් සමග තමයි වර්තමානයේ ලංකාවට අන්තවාදය ආවේ. නමුත් මුස්ලිම්වරුන්ගෙන් බහුතරය අන්තවාදීන් නෙවෙයි. පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන නම් ප්‍රශ්න ගොඩක් තියෙනවා.

ඇයි ඔබ එහෙම කියන්නේ?

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබිලා තිබුණා. තොරතුරු ලැබී තිබූ ප්‍රහාරයක් වළක්වා නොගැනීම නිවැරදි කරන්න බැහැ. කවුද කරේ කියලා හොයාගත්තත් තොරතුරු ලබාගෙන වළක්වා නොගැනීම භයානක පාපකර්මයක්. 2017 සිට මුස්ලිම් විරෝධි සිංහල අන්තවාදයක් ද මෙරට ඇති වුණා. එය නිර්මාණය කළා. ධර්ගා නගරයේ ප්‍රහාරය එවැනි නිර්මාණයක්. මුස්ලිම් විරෝධි අදහස් මතු වුණා. අන්තවාදයෙන් පෝෂණය වෙන්නේ අන්තවාදය විතරමයි. සිංහල අන්තවාදය නිසා තමයි එල්.ටී.ටී.ඊ. නිර්මාණය වුණේ. මුස්ලිම් අන්තවාදයෙත් අවසානය එහෙමයි වෙන්න පුළුවන්. ජාතිය මුල්කරගෙන රණ්ඩු වෙන්නේ නැතිව ශ්‍රී ලාංකිකයන් ලෙස අපි කටයුතු කළ යුතුයි.

ලිබරල්වාදය ලෝකය ප්‍රතික්ෂේප කරමින් ජාතිවාදය ඉදිරියට පැමිණ ඇති මොහොතක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයෙන් යළි රට දියුණු කරන්නේ කොහොමද?

ලෝකයේ දියුණු රටවල් බහුතරයක තිබෙන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයයි. එම රටවල් දියුණු වුණෙත් එම නිසයි. ඇමරිකාව දියුණු වුණෙත් ලිබරල්වාදය නිසයි. ට්‍රම්ප් පාලනය රට විනාශ කළ වසර හතරක් ලෙසයි ඇමරිකානුවන් දකින්නේ. ඉන්දියාව බලවත් ආර්ථික රාජ්‍යයක් වූයේ මන් මෝහන් සිං අගමැතිවරයාගේ කාලයේයි. ඒ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නිසයි. 2050 වන විට ලෝකයේ ප්‍රබල ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉන්දියාව පත් වෙනවා. චීනය කොමියුනිස්ට් රාජ්‍යයක්. රට ඉතා දියුණුයි. චීනයේ කොමියුනිස්ට් කියලා පෙන්වන්නේ බෝඩ් එකෙන් විතරයි. එහි තිබෙන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකයයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටවල හැමදාම ගැටුම්. සිම්බාබ්වේ පාන් ගෙඩියක් ගන්නත් සල්ලි කරත්තයක් ඕනි. වෙනිසුලාවේත් එහෙමයි. ඇමරිකන් විරෝධි දේශප්‍රේමයක් පේනවා. ලංකාවෙත් එහෙමයි.

ඔබ වගේම රනිල් වික්‍රමසිංහත් ලිබරල්වාදියෙක්. ඇයි ඔහු බලයේ සිටින කාලයේ මෙය සිදුකරන්න බැරි වුණේ. මෙම ව්‍යාපෘතිය ගැන ඔහු සමග කතා කළාද?

මම තවමත් රනිල් වික්‍රමසිංහ මහතා සමග බොහෝම හොඳ සම්බන්ධයක් තියෙනවා. වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය යන ගමන් මාර්ගය ගැන ප්‍රශ්න තිබෙනවා. මේ රටේ තිබෙන අර්බුද නිමා කිරීමට අත්දැකීම් තිබෙන සාධකයක් අවශ්‍යයි. එවැනි අය දේශපාලන භූමිකාවේ ඉන්නේ අතළොස්සයි. අනාගතයක් ගොඩනැගිය හැකි අත්තිවාරමක් ඔවුන් සමග දැමිය යුතුයි. අපි 1948 සිට අත්තිවාරමක් නොමැති භූමියක මෙම මාලිගාව හදන්න උත්සාහ කර තිබෙනවා. හදන්න හදන්න කඩා වැටෙනවා. අපි වසර 72ක් හදා තිබෙන්නේ සිහින මාලිගාවක්. ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්ම ඕන අත්තිවාරම ගොඩ නගන්න. රනිල් වික්‍රමසිංහලාට පුළුවන්. මම කියන්නේ නැහැ ඔහු ජනාධිපති කරන්න ඕනි කියලා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හොඳයි කියා ඔබ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. ඇත්තෙන්ම මුදල් අමාත්‍යවරයා දක්ෂයෙක්ද?

ලෝකයේ තිබෙන වර්තමාන යථාර්ථය පිළිබඳ යම් දැනුමක් තියෙන්නේ බැසිල් රාජපක්ෂට විතරයි. ඔය රජයේ ඉන්න අය දිහා බැලුවම බැසිලුත් හිටපු රජයත් තමයි අපි 2015දී පරාජය කළේ. ඉන්න අයගෙන් බැසිල් රාජපක්ෂ වැඩකාරයෙක් වුණාට තනියම කරන්න බැහැ. ඔහු මැජික්කාරයෙක් නොවෙයි. ආණ්ඩුව මේ ගමන නතර කර යූ ටර්න් විය යුතුයි. තවදුරටත් ඉදිරියට යන්න බැහැ.

ඔබ රජුන් තනන භූමිකාවෙන් ඈත් වෙලා ද ඉන්නේ?

රජුන් තනන්න අවශ්‍ය නැහැ. නමුත් අවශ්‍ය වෙලාවට ඉදිරියේදී රජුන් බිහි වේවි. අපට දැන් රජෙක් නෙවෙයි අවශ්‍ය. ඇත්ත වශයෙන්ම බුද්ධිමත්, පළපුරුදු කුඩා කණ්ඩායමක් අත්තිවාරම දාලා වසරක් වැනි කෙටි කාලයක් තුළදී තරුණ පරපුරට රටේ අනාගතය භාරදිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩනැංවිය යුතුයි. දැන් ඉන්න අයත් සමග නොවෙයි. ගම්වල ඉන්නවා හොඳ ශ්‍රී ලංකාකාරයෝ. එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වය යටතේ යළි ගොඩනැංවිය යුතුයි. දැන් ඉන්න කණ්ඩායම සමග නම් නොවෙයි.

හිටපු කථානායක කරු ජයසූරිය විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ කර නව සන්ධානයක් ගොඩනැගීම ගැන ඔබගේ මතය කොහොමද?

එතුමා මටත් කතා කළා. මම කරු ජයසූරියට ගරු කරනවා. මෙම ව්‍යාපෘතිය ආණ්ඩුවට විරුද්ධ වීම සඳහා එකතු වීමක් පමණයි. ප්‍රතිපත්තිමය වශයෙන් එකතු වීමක් නොවෙයි. ජාතික ප්‍රශ්නය විසඳීමට ඉන්න යෝජනා පැහැදිලි නැහැ. හැංගි හොරා යෝජනා කරලා වැඩක් නැහැ. ශ්‍රී ලංකාවේ සියලු ජාතීන් වෙනුවෙන් ප්‍රතිපත්තියක් කතා කළ යුතුයි. ‘සර් ෆේල්’ කියන්නේ මතවාදයක්. පුද්ගලයෙක් නොවෙයි. මතවාද ජයගන්න නම් සර් වෙනුවට තවත් ‘ස’ කෙනෙක් ඇවිල්ලා වැඩක් නැහැ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පුත් විමුක්ති කුමාරණතුංග බලයට ගෙන ඒම ඔබගේ ව්‍යාපෘතියේ සැඟවුණු අරමුණද?

අපෝ විමුක්ති දේශපාලනයට එන්නේ නැහැ. ඔබ කරන කතාව පුවත්පත් මැවීමක් විතරයි.

ඇමරිකාවේ බලගතුම රාජ්‍ය නිලධාරිනියක් වන සමන්තා පවෙල් ඔබගේ හොඳ මිතුරියක්. මෙම ව්‍යාපෘතිය ඇයගේ යෝජනාවක්ද?

මේ පුංචි දූපතේ පොජෙක්ට් කරන්න සමන්තා පවෙල්ට වෙලාවක් නැහැ. මෙය කාගෙවත් ව්‍යාපෘතියක් නෙවෙයි. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ව්‍යාපෘතියක්. බයියන්ගේ, ​ටොයියන්ගේ, ජෙප්පන්ගේ, දෙමළුන්ගේ, තම්බින්ගේ සියලුදෙනාගේ ව්‍යාපෘතියක්.

එම්.සී.සී. ගිවිසුම වෙනුවෙන් ඔබ පෙනී සිටියා. දැන් මොකද කියන්නේ?

දැන් ඇමරිකාවම කියනවා. එය ලංකාවට දෙන්නේ නැහැ කියලා. යහපාලන රජයේ අවසන් කැබිනට් මණ්ඩලයෙන් මෙම ගිවිසුමට අනුමැතිය ගන්න උත්සාහ කළත් එය බැරි වුණා. මොකද මෛත්‍රිපාල සිරිසේන හැසිරුණේ කුහක අයුරින්. සමහර විට රාජපක්ෂලාගේ බලපෑම් මත වෙන්න පුළුවන්.

මංගල කියන්නේ දේශපාලනය පිළිබඳ හොඳ ඉවක් තියෙන අයෙක් කියලා තමයි ප්‍රසිද්ධ. ඔබ හිතන විදිහට මීළඟ ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වෙයිද?

හිතන්නවත් අමාරුයි. මම 2024 ගැන හිතන්නේ නැහැ. වත්මන් රජය බලයට පත්ව කෙටි කාලයයි. අවුරුද්දක් යන්නත් පෙර ආණ්ඩුව විනාශ වෙලා. ඉදිරි වසර තුන පිළිබඳ ව්‍යවස්ථාව, ආණ්ඩුව දිහා බලලා අනාවැකි කියන්න බැහැ. ඡන්දයකට යනවා නම් හොඳයි. ආර්ථිකය කඩා වැටීම හමුවේ බඩ ගාගෙන යන්න වෙයි.

‘මහරජ මංගලට’ රඟපාන්න හිතුණේ ඇයි?

ඒ ‘ටික් ටොක්’ වැඩක්. ‘වස්ති’ නිෂ්පාදනයක්. එය තරුණ කණ්ඩායමක වැඩක්. ඔවුන් මට රඟපාන්න ආරාධනා කළා. මම භාරගත්තා. ඒ ගැන ගැඹුරින් හිතන්න එපා. එය ජොලියට කරපු වැඩක්.

‘අරුණ’ පත්තරේ පච පත්තරේ කියලා ඔබ වරෙක ප්‍රකාශ කළා. ඒ ගැන දැන් මොකද හිතෙන්නේ?

(මහ හඬින් සිනාසෙයි.)

මම 2019 අගෝස්තු මාසයෙන් පසු කිසිදු පත්තරයක් කියවලා නැහැ. සමාජ මාධ්‍ය දැන් බලනවා. විද්‍යුත් මාධ්‍යවත් බලන්නේ නැහැ. පචද නැද්ද කියලා දන්නේ නැහැ. පච ගහන්නේ ඔබලා විතරක් නෙවෙයි. සියලුදෙනාම බලන්න ‘ෆෙක් නිව්ස්’ අද වසංගතයක් වබට පත්වෙලා. පත්තරවලටත් වඩා සමාජ මාධ්‍යයේ වැඩියි. නමුත් ඒවා නතර කළ යුතු නැහැ. තොරතුරු දැන ගැනීමට වැදගත්. වත්මන් ලෝකයේ කිසිවක් තහනම් කරන්න බැහැ. හැම කෙනාටම මොළයක් තිබිය යුතුයි. එය මාධ්‍ය තහනම් කිරීමට හේතුවක් කරගත යුතු නැහැ.

වර්තමානයේ විරෝධතා රැල්ලක් තියෙනවා?

මම මුදල් ඇමැති කාලෙත් බෝඩ් උස්සගෙන විරෝධතා තිබුණා. මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට. මම පොලිසියට කීවෙත් නැහැ. ඔවුන් විරෝධතා කර ගෙන ගියා. එය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒ නිදහස ඔවුන්ට තිබිය යුතුයි. මර්දනය කරලා වැඩක් නැහැ. වැඩ වර්ජන කරන අය සමග මම නම් කතා කරන්නෙම නැහැ. වැඩ වර්ජන නතර කරලා සාකච්ඡා කිරීම මගේ ප්‍රතිපත්තියයි.

උදයජීව ඒකනායක

ඡායාරූප – ප්‍රදීප් දඹරගේ

(සති අග අරුණ)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මංගලට මා ඊයේ සවසත් කතා කළා… ශෝකවන රනිල් කියයි…

Next Post

නාවල දියණියගේ මරණය පාඩමක්… උණ කැස්ස තිබුණත් දරුවාගේ ඔක්සිජන් මට්ටම මනින්න… නලීන් කිතුල්වත්ත..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.