බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඇමරිකාව පිටව යයි… ඇෆ්ගන් හමුදා පලා යයි… ඇෆ්ගනිස්ථානයේ යළි නැගිටින තලේබාන් මරුවෝ…

by editor
අගෝස්තු 8, 2021 - Updated on අගෝස්තු 9, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ඇමරිකානු හමුදා මෙම වසරේ මැයි මාසයේ සිට ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීම ආරම්භ කිරීමේදී ලෝව පුරා නැවුම් බලාපොරෝත්තු රැසක් නිර්මාණය විය.

වසර විස්සක කාලයක් තුළ නිමා නොවන යුද්ධයක නිරතවූ ඇමරිකානුවන් අවසානයේදී තම නිවහනට යෑම ගැන බොහෝදෙනා සිය සතුට පළ කළහ.

ඇෆ්ගනිස්ථානය හැර යන ඇමරිකානු හමුදාව

ඇතැමෙක් මෙය ඇමරිකාව සිය යුද බලය ලොවපුරා බෙදාහැරීමේ අවසානයක් ලෙසත් ඇෆ්ගන් වැසියන් යලිත් නිදහසේ හුස්ම ගැනීමේ ආරම්භය බවටත් මත පළ කිරීමට පටන්ගෙන තිබිණි.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරයත් එහි වගකීම අල්කයිඩා සංවිධානය භාර ගැනීමත් සමඟ ඇරඹි ඇෆ්ගනිස්ථානය ආක්‍රමාණය කිරීම අද වන විට අවසන්වී තිබේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මෙම දීර්ඝ යුද්ධයේදී ඇමරිකාව විසින් අල්කයිඩා නායක ඔසාමා බිල් ලාඩන්ව සිය සීල් සෙබලුන් යොදාගෙන ඝාතනය කරනු ලබන අතරම තවත් අල්කයිඩා ත්‍රස්ත නායකයින් රැසක් විනාශ කිරීමටද සමත්විය.

එහෙත් ඇතැමෙක් ඇමරිකානු හමුදා ඉවත්වීමත් සමඟ ඇෆ්ගනිස්ථානයෙන් ඇතිවේ යැයි බලාපොරොත්තු වූ නිදහස සත්‍යත් නොවන බවට පෙර ලකුණු මේවන විටත් පෙන්නුම් කර හමාරය.

තලේබාන් සංවිධානයට එරෙහිව කාබුල් ආරක්ෂා කිරීම සඳහා ඇෆ්ගන් හමුදාවට සහය වන බවට සමහර සන්නද්ධ පුද්ගලයින් පොරොන්දු වී තිබේ

ගතවන සෑම දිනයකදීම තලේබාන් සටන්කාමීන් ශක්තිමත් වෙමින් ඉදිරියට ඇදෙමින් සිටින අතර හාරසියයකට ආසන්න දිස්ත්‍රික්ක වලින් අඩකට ආසන්න ප්‍රමාණයක බලය මේවන විටත් ඔවුන් විසින් තහවුරුකරගෙන තිබේ.

තලේබාන් සටන්කාමීන් වෙන විට ඇෆ්ගනිස්ථානයේ ඉතාම වැදගත් පළාත් තුනක දොරටු ආසන්නයටම පැමිණ ඇත. ඒ අනුව ඔවුන් කන්දහාර්, හේරත්, ලෂ්කාර් ගා වෙත මේ මොහොත වන විටත් ලඟාවෙමින් සිටිති.

ඊට අමතරව ඔවුන් විසින් ඉරානයට ආසන්න දේශ සීමා ප්‍රදේශද, ටර්ක්මිනිස්ථානය සහ ටජකිස්ථානයට ආසන්න දේශ සීමාද සිය පාලනයට නතු කරගෙන අවසන්ය. එමෙන්ම පාකිස්ථාන දේශ සීමාවට ආසන්න සිපින් බෝල්ඩැක් නගරයේ බලයද තමන් සතු කරගනමින් ප්‍රබල ස්ථානය පසුවෙති.

තලේබාන් සටන් කාමීන් සිය බලය සහ අණසක පතුරවිමින් සිටි අතරවාරයේදී ඇෆ්ගනිස්ථාන හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සිය ජීවිත ආරක්ෂා කරගැනීමට පලායමින් සිටින බවට වර්තාවේ.

ඒ අනුව මීට සති කිහිපයකට පෙර ඇෆ්ගනිස්ථාන හමුදා භටයින් අසල්වැසි ටජකිස්ථානයට පලායාමක්ද වර්තා විය. මෙලෙස පලායාමේදී බොහොමයක් ඇෆ්ගන් හමුදා සාමාජිකයින් සිය අවි ආයුද සහ යුද උපකරණද අත්හැර දමා පළායාම්ද වාර්තා වී තිබිණි.

එහි ප්‍රතිඵලය් ලෙස ජූනි මාසයේදී පමණක් ඇමරිකානු හමුදා විසින් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශවලට ලබාදී තිබූ ට්‍රක් රථ සහ හම්වී රථ ඇතුළු යුධ උපකරණ හත්සීයකට අධික සංඛ්‍යාවක් තලේබාන් සටන්කාමීන් සන්ථකයට පත්විය.

මෙම තත්ත්වයත් සමඟම තලේබාන් සටන්කාමීන්ට නව ප්‍රබෝධයක්  ලැබී ඇති අතර ඔවුන්ගේ ප්‍රහාරවල ප්‍රභලත්වයද වර්ධනය වී ඇති බවට විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒත් සමඟම තලේබාන් සටන්කාමීන්ගේ කෘරත්වයද වර්ධනය වෙමින් පවතින අතර පසුගිය මාසයේදී තාලේබාන් සාටන්කාමීන් විසින් සිය අත්අඩංගුවට ගත් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සමාජිකයින් විසි දෙදෙනෙකු ඝාතනයට ලක්කරණ විඩියෝවක්ද නිකුත්ව තිබිණි.

එමෙන්ම ඉකුත් සඳුදා දිනයේදී තලේබාන් සාමාජිකයින් විසින් සිපින් බෝල්ඩැක් නගරයේ සිවිල් වැසියන්ද කෲර ලෙස ඝාතනය කරනු ලැබ ඇති බවට ඇමරිකාව නිවේදනය කළේය.

මීට අමතරව තලේබාන් ප්‍රහාර වලින් රොයිටර් පුවත්සේවය ඡායාරූපශිල්පියෙකු ද තලේබාන් සටන්කාමීන්ව විවේචනය කළ ප්‍රහසන ශිල්පියෙකුද ඝාතනයට ලක්විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපතිට මරණ තර්ජන….

Next Post

භාණ්ඩාගාර ලේකම් ආටිගලත් කොවිඩ් ! – මුදල් ඇමති බැසිල්ව  බ්‍රහස්පතින්දා හමුවෙලා!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.