බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

75 වන නිදහස් සමරුවට ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ සැමරුමක්

by Lanka Sara Editor
අගෝස්තු 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සිය 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ඒකාබද්ධ සමරු උත්සවයක් පැවැත්වීමට දෙරටේ අවධානය යොමු වී ඇත.

ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පසුගිය 03 වැනි දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

දෙරට අතර පවතින සියවස් ගණනාවක් පැරණි පොදු සංස්කෘතික වටිනාකම් සැමරීම සඳහා මෙම පියවර ගැනේ. බෞද්ධ වන්දනා වැඩසටහන් වැනි සංස්කෘතික හා ආගමික අංගවලින් සමන්විත මෙම සන්ධිස්ථාන සැමරුමේ දී, වඩාත් වැදගත් ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීම මඟින්, දෙරට අතර පවත්නා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇත.

රජය විසින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි දක්වන ප්‍රමුඛතාව පිළිබඳව අවධාරණය කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සඳහා ඉන්දියානු පෞද්ගලික අංශයට ආරාධනා කළේය. රජයේ එම පියවර අනුමත කරමින්, පුනර්ජනනීය බලශක්ති අංශයේ, විශේෂයෙන් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ඉන්දියානු ආයෝජකයින් උනන්දු වන බව මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

පුනර්ජනනීය බලශක්තිය, ගුවන් සම්බන්ධතාව, අන්‍යෝන්‍ය වෙළඳාම සහ ආයෝජන ව්‍යාපාර පිළිබඳ ඒකාබද්ධ කොමිසම්, ශ්‍රී ලාංකික චිත්‍රපට ඩිජිටල්කරණය සඳහා තාක්‍ෂණික සහයෝගීතාව සහ බිම්ස්ටෙක් සංවිධානයේ කලාපීය සහයෝගීතාව වැනි පුළුල් පරාසයක අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පෙරේදා (03) විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහය වෙනුවෙන් ඉන්දීය රජයට සහ එහි ජනතාවට ස්තූතිය පිරිනැමූ අමාත්‍ය ගුණවර්ධන මහතා, ආර්ථික කටයුතු සඳහා රට විවෘත කිරීම පිළිබඳව ප්‍රශංසා කළේය. මහ කොමසාරිස්වරයා,සම්පූර්ණයෙන් එන්නත් ලබා දී ඇති ඉන්දියානුවන් සඳහා මෙරටට ඇතුළුවීම සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ඉවත් කිරීම පිළිබඳව අගය කරමින්, එසේ සීමා ඉවත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ සමස්ත ආර්ථිකයටම ඉමහත් ප්‍රතිලාභ ලැබෙන බව පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙවන මාත්‍රාව ලබාදීම කල්දමන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීමට ප්‍රංශය සහ ජර්මනිය පයින් ගසයි

Next Post

රසායනික පොහොර තහනම ඉවත් කළා ද?

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.