කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,329ක් අද දිනය තුළ වාර්තා වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ප්‍රකාශ කළේය.
ජූනි මස 23 දාට පසු රජය විසින් කොවිඩ් ආසාදියන් 2000ට වඩා වාර්තා වූ බව කියූ මුල්ම අවස්ථාව මෙයය.
මේ වාර්තාවීම් සිදුවන්නේ මෙරට සිදුවන පී.සී.ආර් ප්‍රමාණය සැලකිය යුතු ලෙස කප්පාදු කර තිබිය දීය.
මේ වනවිට කොවිඩ් ආසාදිත බවට මෙරටදී නිල වශයෙන් හඳුනාගෙන වාර්තා කළ සමස්ත ආසාදිතයින් ගණන 304,151ක් දක්වා ඉහළගොස් ඇතැයි කොවිඩ් මර්දන ජාතික ව්‍යාපාරය කියන්නේය.







