දිනසේන රතුගමගේ –
පසුගිය දිනවල යාපනයේ තැනින් තැන ප්රචණ්ඩ ක්රියා සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයින් තුන් දෙනෙකු යාපනය පොලීසිය විසින් 22 දා අත් අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ කොකුවිල් කුල්ලප්පිඩ්ඩි හන්දිය අසල පිහිටි සාරි වෙළද සැලකට පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම හා යාපනයේ නිවාස කීපයකට පහරදීම පුද්ගලයින්ට තුවාල සිදු කිරීම යන සිද්ධීන් වලට මෙම සැකකරුවන් තුන් දෙනා හවුල් බව යාපනය පොලීසිය ප්රකාශ කරයි.
යාපනයේ සිදු වූ ප්රචණ්ඩ ක්රියා පිළිබඳව වැඩි දුර තොරතුරු ලබා ගැනීම සඳහා ඔවුන්ගෙන් යාපනය පොලීසිය ප්රශ්න කරගෙන යයි.