බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මහාචාර්ය විමල් ජී. බලගල්ලේ අද දැයෙන් සමුගනී…

by Lanka Sara Editor
ජූලි 17, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

විද්‍යොදය නැතහොත් (ශ්‍රී ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලයය ආරම්භයේ පටන් (1959.02.19) ඊට සම්බන්ධ වෙමින් විභාග කටයුතු භාර සහාය ලේඛකාධිකාරි සහ සිංහල පිළිබඳ කථිකාචාර්ය, සිංහල මහාචාර්ය සහ අධ්‍යයනාංශ ප්‍රධාන, භාෂා පීඨාධිපති, ශාස්ත්‍ර පීඨාධිපති, මණ්ඩපාධිපති, වැඩ බලන උපකුලපති යන තනතුරු දරමින් වසර තිස්දෙකකට වැඩි කාලයක් විශ්වවිද්‍යාලයේත්, සිංහල භාෂාවේත් අභිවර්ධනය උදෙසා ඉමහත් සේවාවක් කළ මහාචාර්ය විමල් ගුණසේකර බලගල්ලේ මහතා අභාවප්‍රාප්ත වූයේ ය.

මිය යනවිට වයස අවුරුදු 96ක් වූ ඒ මහතා සිංහල, පාලි, ප්‍රාකෘත, සංස්කෘත, වංග ආදි ප්‍රාචීන භාෂා සාහිත්‍යයන් පිළිබඳ ප්‍රකට පඬිවරයකි.

1924 නොවැම්බර් මස 24 වන දින ගම්පහ, හාපිටිගම් කෝරළේ, බලගල්ල ප්‍රදේශයේදී උපන් ඒ මහතාගේ පියා කන්නංගර පතිරන්නැහෙලාගේ පීරිස් අප්පුහාමි වූ අතර මව එන්සො නෝනා රණසිංහ නම් වූවා ය. උල්ලලපොළ විද්‍යාතිලක බෞද්ධ පිරිමි පාසලෙන් මූලික අධ්‍යාපනය ද පසුව පල්ලේවෙල වික්‍රමශිලා පරිවෙණෙන් නේවාසිකව ද ඉගෙනීමේ කටයුතුවල නිරත වූ ඔහු
1950 වසර මුලදී පැවති ප්‍රාචීන අවසාන (පණ්ඩිත උපාධි) විභාගයට පෙනී සිට ගෞරව පන්තියේ ලකුණු හා විෂය ත්‍යාගද සහිතව සමත්ව ප‍්‍රමුඛස්ථානයට පැමිණීමෙන් ‘ප‍්‍රාචීන ස්වර්ණ මුද්‍රිකාව’ ද දිනා ගත්තේය.
1952 දී පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඒ මහතා

1956 දී ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය උසස් සාමර්ථ්‍යයක් සහිතව ලබා විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ධුරයක් ලබා ගත්තේ ය.
ගංගොඩවිල රේවත මහා විද්‍යාලයේ ආචාර්වරයකු ලෙස උදේ කාලයේත්, විද්‍යෝදය පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස සවස් කාලයේත් ඔහු ඉගැන්වීමේ කටයුතුවල නිරත වූයේ ය. විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කර ගැනීමේ ව්‍යාපාරයේ පුරෝගාමී වූ එතුමෝ

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

යුනෙස්කෝ අධිශිෂ්‍යත්වයක් මත ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගොස් වාග්විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුවක් ලබමින් පර්යේෂණ කටයුතුවල යෙදෙමින් සිටින අතරතුරදී ඇමරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා පර්යේෂණවල ද නිරත වෙමින් පශ්චාද් උපාධි පුහුණුවක් ලැබූ එතුමා ඒ කාලයේදී ම ඩෙන්මාර්ක්හි කෝපන්හේගන් රාජකීය ඩෙනිෂ් ඇකඩමිය මගින් සම්පාදනය කළ විවේචනාත්මක පාලි ශබ්දකෝෂයේ සංස්කාරක හා උපදේශක වශයෙන්ද කටයුතු කර ඇත.

1988 වර්ෂයේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ භාෂා විද්‍යාගාරය ඇසුරින් සිංහලයේ ශබ්ද විචාරාත්මක ගැටලූ කීපයක් පිළිබඳ ව ද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ අප්‍රකට ග‍්‍රන්ථ පරිශීලනය කරමින් ද පර්යේෂණ කටයුතුවල නිරත වී ඇත.

බලගල්ලේ මහාචාර්යතුමා වයස තිස්පහේදී මහාචාර්ය ධුරයට පත් ව ඇති අතර සම්මාන ආචාර්ය උපාධිය හිමිව ඇත්තේ ඉන් පසුව වීම විශේෂත්වයකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආරම්භයේ පටන් 1990 එතුමා විශ්‍රාම යන මොහොත දක්වා අධ්‍යයනාංශ කමිටුව, පීඨ මණ්ඩලය, සනාතන සභාව, පාලක සභාව, පර්යේෂණ කමිටුව ආදි විවිධ මණ්ඩලවල කටයුතු කර ඇති අතර
එතුමන් විසින් ග්‍රන්ථ සහ ලිපි රැසක් සම්පාදනය කර ඇත.
පංචතන්ත්‍රයේ අනුවාදය, ෆාහියන් තෙරුන් වහන්සේගේ දේශාටන වාර්තාවේ අනුවාදය, සිංහල ස්තූපවංශ සංස්කරණය (මහාචාර්ය විමල විජයසූරිය මහතා සමග), භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය, සිංහල භාෂා අධ්‍යයන ඉතිහාසය, සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය, මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්: සිංහලයේ වාග්විද්‍යාත්මක ස්වරූපය ආදි වශයෙන් වූ එතුමාගේ ග්‍රන්ථ සිංහල භාෂාවේ ඉතිහාසය හා ඓතිහාසික වාග්විද්‍යාව සම්බන්ධ විශිෂ්ට පර්යේෂණයන් ය. මීට අමතරව එතුමා විසින්භාෂා සාහිත්‍ය, අධ්‍යාපනය, සාහිත්‍ය විචාරය, දේශීය සංස්කෘතිය, ඉතිහාසය යනාදි විෂයයන්ට අදාළ ව ද ලිපි බොහෝමයක් ලියා ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය, අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන උපදේශක මණ්ඩලය, පාරිභාෂික ශබ්දමාලා උපදේශක මණ්ඩලය, සිංහල ශබ්දකෝෂ උපදේශක මණ්ඩලය, ප්‍රාචීන භාෂෝපකාර සමාගම, බුද්ධ ශ්‍රාවක ධර්මපීඨ විෂය නිර්දේශ සම්පාදක මණ්ඩලය ආදියෙහි ද එතුමා සක්‍රීයව කටයුතු කර ඇත.

සිංහල ශබ්දකෝෂ උපදේශක මණ්ඩලයෙහි සේවය කිරීමට අමතරව එතුමා සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරය ද හෙබවූයේය.

මහාචාර්ය බලගල්ලේ සූරීන්ගේ දේහය 17 වැනිදා (අද) උදෑසන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයට අවසන් ගෞරවය දැක්වීම සඳහා රැගෙන ගිය අතර අවසන් කටයුතු අද සවස මහරගම දී සිදු කෙරේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුගයක් රසවත්කළ මියුරු ගී පද රචක, ප්‍රවීණ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා සමුගනී..

Next Post

ඇල්කොහොලයිසර් බැලුන්වලින් කෝටි ගණන් ගහන්න ගිය පොලිස් ලොක්කාගේ පරීක්ෂණය සී.අයි.ඩීයට….

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.