බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ලොව පුරා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හිඟයක්

by Lanka Sara Editor
ජූනි 24, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

තිබෙන දේ රැක ගන්න පියවර 10ක්

කොවිඩ් වසංගතය පළමුවෙන්ම බැට දුන්නේ චීනයටය. චීනය යනු ලෝකයේ සුපිරිතම සන්නාම බොහෝමයක ප්‍රධාන නිෂ්පාදනාගාරයයි.

ඇමෙරිකාවේ ඇපල් දුරකථනයේ සිට මෙකී නොකී බොහෝ ඉලෙක්ටෝනික උපාංග නිපදවෙන්නේ චීනයේය.
කොරෝනා වසංගතය ඉලෙක්ට්‍රොනික උපාංගවල තියුනු ඉල්ලුමක් ඇති කළේය.

ලොක්ඩවුන් වී නිවසේ සිටි බොහෝ අයගේ කාලය වැය කිරීමට පිළිසරණය වූයේ මේ ඉලෙක්ට්‍රොනික උපාංග ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දැඩි රස්නය සමඟ සිටි ශ්‍රි ලංකාව වැනි රටවල නාගරික ජනතාවට වෙනදාට වඩා විදුලි පංකා වුවමනා විය.

ඇතැම් ඇති හැකි අය අමතර වායු සමන යන්ත්‍ර සවි කර ගත්හ. නිවසේ වැඩි වෙලායක් සිටින ඔවුන්ට ජංගම දුරකථනය තරම් විශ්වාසවන්තයෙක් නොමැති තරම් විය.

මේ නිසා විශේෂයෙන් ජංගම දුරකථන භාවිතය ඉහළ ගියේය. ඇතැම් පවුල්වල ජංගම දුරකථනයට හරහා ඇතැම් අනියම් සබඳතා වැඩිදුර දිගු හැරුණේය.

ඒ වෙලාවේ ඇතැම් සැමියන්ගේ සහ බිරින්දෑවරුන්ගේ දුරකථන හදිසි කෝපය හරහා කුඩු පට්ටම් වෙද්දීද කොවිඩ් සමයේ දුරකථන ඉල්ලුම් වැඩි වූ බව එම ව්‍යාපාරිකයන්ගේ අත්දැකීමයි.

දරුවන්ට පාසල් අධ්‍යාපනයද අන්තර්ජාලයට හැරවිණ. මේ නිසා ජංගම දුරකථන ලැප්ටොප් භාවිතය පමණක් නොව කුඩා ප්‍රමාණයේ මුද්‍රණ යන්ත්‍ර භාවිතයද ඉහළ ගියේය.

වැඩි වේලාවක් නිවසේ සිටින සිටින පුද්ගලයන්ට කාලය ගත කිරීම වෙනුවෙන් රූපවාහිනි ඇතුළු විනෝදාස්වාද උපකරණ වැඩියෙන් ඕනෑ විය.

ගෘහණියන් සහ ගැහැණු දරුවන් යූ ටියුබයෙන් නරඹන ඉවුම් පිහුම් ශිල්ප දැක්වීමට කුස්සියට අවශ්‍ය විදුලි උපකරණ ඉහළට ආවේය.

මේ අතරේ නිවසේ සිට කාර්යාල වැඩ කිරීමද පරිගණක,ලැප්ටොප්, ටැබ් මුද්‍රණ යන්ත්‍ර සහ ස්මාර්ට් ජංගම දුරකථන අලෙවියට අලුත් ඉල්ලුමක් එක් කළේය. මේ තත්ත්වය ලංකාවටත් එකය. ලෝකයටත් එකය.

මෙවැනි තත්ත්වයක් තුළ සිදුවූයේ ලෝකයේම ඉලෙක්ට්‍රොනික ඉල්ලුම අතිශයින්ම ඉහළ යාමය. මේ අධික ඉල්ලුම හේතුවෙන් පසුගිය ඇඳිරි නීතිය දිනවල කොළඹට තදාසන්න නගරවල ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලෙවි කරන ඇතම් සමාගම්වලට පස්සා දොරෙන් රහසිගත ව එවැනි උපකරණ විකිණීමට සිදුවන තතත්වයක් නිර්මාණය විය.

දැන් කොවිඩ් වසංගතය කෙමෙන් කෙළවර වී යද්දී බොහෝ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලෙවිසැල්වල රාක්ක හිස්වෙමින් ඇත. එසේම බොහෝ ජංගම දුරකථන සහ පරිගණක අමතර උපාංග හි වෙමින් ඇත.

මෙයට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙරට පැවැති තොග විශාල වශයෙන් හිස් වීම මෙන්ම මේ වනවිට චීනය වැනි රටවල නිෂ්පාදන අඩාළ වී ඇති පසුබිමක් තුළ භාණ්ඩ හිගයක් නිර්මාණය වීමය.

එබැවින් ඇතැම් ගෝලීය මට්ටමේ ආයතන ලෝකය පුරා විසිර සිටින තම සේවක සේවිකාවන්ට උපදෙස් ලබා දී ඇත්තේ තමන් සතු ජංගම දුරකථන පරිගණක උපාංග ප්‍රවේශමෙන් පරිහරණය කරන ලෙසටය.

යම් හෙයකින් මෙම උපකරණ අකර්මණ්‍ය වුවහොත් කොවිඩ් 19 වසංගයෙන් පසු පිබිදෙන ලෝකයේ ඇතැම් කටයුතු අනවශ්‍ය ලෙස ප්‍රමාද කරවීමට හේතු විය හැකි බවට ඔවුන් මත පල කිරීමය.

ඇමෙරිකා‍වේ ඉලෙක්ට්‍රොනික උපාංග පිළිබඳ විශේෂඥයකු වන ජෝ සිල්වර් මෙම ඉලෙක්ට්‍රොනික උපාංග මේ කාලයේදී පරෙස්ම් කර ගැනීම පිළිබඳව උපදෙස් කිහිපයක් දෙන්නේ මෙසේය.

  1. දුහුවිලේලෙන් උණුසුමෙන් බේරා ගන්න.
    ලැප්ටොප්, ඩෙස්ක්ටොප් පරිගණක සහ එල්.ඊ.ඩීරූපවාහිනි වැනි උපාංගවල අංක එකේ මාරයා වන්නේ දුහුවිල්ල සහ උණුසුමයි. යි. නිතර දුහුවිලි පිස දැමීම සතියකට කිහිප වතාවක් සම්පීඩක වැකියුම් ක්ලීනර් කෑන් එකකින් අභ්‍යන්තරයේ පවතින දුහුවිලි අවශෝෂණය කරන්න.
  2. අධික ලෙස රත්වීම වැළැක්වීමට ලප්ටොප් පරිගණකවල පාදමට අතිරේක පංකාවක් සවි කරන්න. අධික ලෙස රත්වීමට ලක් වන්නේ නම් ටික වෙලාවක් උපකරණ නිවා දමා පාවිච්චි කරන්න. සෘජුව හිරු එළිය වැටෙන ස්ථානවල කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් නොතබන්න.
  3. ලැප්ටොප් බැටරිය රැක ගන්න. මාස කිහිපයකට වරක්වත් ලැප්ටොප් බැටරිය බිංදුව දක්වා ආරෝපණය අඩු කරන්න. පසුව සියයට සියයක් දක්වා යළි ආරෝපණය කරන්න.සෑම විටෙකම ලැප්ටොප් පරිගණකය විදුලියට සම්බන්ධ කර තබන්න එපා. වරින් වර එය විදුලි පේනුවෙන් විසන්ධි කරන්න.
  4. පරිගණක මෙහෙයුම් පද්ධති නිතර නිතර යාවත්කාලීන (Operating Systems Updating) නොකරන්න. එවිට ඇතැම් විට ඔබගේ පරිගණකය සමඟ සම්බන්ධිත සෙසු උපාංග එකම් මුද්‍රණ යන්ත්‍ර ඩොංගල් ඇතැම් විට එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් පවා ඊට අනුකූල නොවී පැවතිමේ ඉඩක් ඇත.
  5. තෙතමනයෙන් ද ඈත්කොට තබන්න. උණුසුම මෙන්ම තෙතමනයද ඉලෙක්ට්‍රොනික උපාංගවලට සුදුසු නැත.
  6. බිම දමා ගන්න එපා.
  7. ඇතැම් කුඩා කෘමි සතුන් හූනන් ඇතුළු වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත්ය. එසේම ඇතැම් නිවාසවල සිවිලිම් උඩ සිට විවිධ සතුන් මූත්‍රා කිරීමෙන්ද ඇතැම් ඉලෙක්ට්‍රොනික උපකරණවලට හානි සිදුවෙයි. එබැවින් එවැනි අනතුරු වළක්වා ගැනීමටද කල්පනා කාරී විය යුතුය.
  8. ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක ජීව කාලයට එය සක්‍රියව පවතින කාල සීමාවද බලපායි. ඔබ යම් උපකරණයක් භාවිත නොකරන්නේ නම් එය හකි සෑම විටෙකම අක්‍රිය කොට තබන්න.
  9. මුළුතැන්ගෙයි ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයෙන් පසු හොඳින් පිරිසිදු කොට තෙතමනය හෝ අධික උණුසුම රහිත තැන්වලින් ඈත් කොට වියලි සිසිල් ස්ථානවල තබන්න.
  10. කුඩා දරුවන් අතින් ඉලෙක්ට්‍රොනික උපකරණවලටත් දරුවන්ටත් අනවශ්‍ය අනතුරු හානි සිදුවිය හැකි බැවින් හැකිතාක් ඔවුන්ගෙන් මෙම උපකරණ ඈත් තොට තබන්න. නැතිනම් දරුවන්ට මේවා ප්‍රෙව්ශමෙන් පරිහරණය ගැන කුඩා කල සිටම හුරු කරවන්න.
  11. සෑම උපකරණයක්ම භාවිතයේදීම එහි නිෂ්පාදකයා විසින් දෙන ලද උපදෙස්වලට අනුකූලව භාවිත කරන්න.
  12.  නිවසේ විදුලි සැපයුමේ පවතින යම් යම් දෝෂ උපකරණවලට හානි ගෙන දිය හැකි බැවින් නිවසේ විදුලි පද්ධතිය නිසි ලෙස පරීක්ෂා කොට තබන්න.
Tags: නවතම
Share78Tweet43
Previous Post

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් 10කට කොරෝනා

Next Post

“කරුණා අම්මාන්ගේ මිනීමරු ප්‍රකාශය හමුවේ පාලකයින් මුනිවත රකිනවා”

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.