බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ජපන්නුන්ට උඩරට නැටුම් නටන ලංකාවේ නැට්ටුවා…

by editor
ජූනි 26, 2021
in කලා, පුවත්
Susantha-Soorasena
Share on FacebookShare on Twitter

කන්ද උඩරට නර්තන විලාසය ශ්‍රී ලාංකේය අභිමානයක් ලෙස ජපානයේ සදෝ දූපතට ගෙන ගිය පළමු ශ්‍රි ලාංකික නර්තන වේදියා සුසන්ත සූරසේනය.

ඔහු ඉකුත් ජූනි විසිවැනිදා සදෝ දූපත පුරා රැව්දෙන්නට මගුල් බෙර හඩ පතුරවාලුයේය. දූපතේ ඇති නගර ශාලාවේදී සුසන්ත (city hall) නර්තන කෞෂල්‍ය ජපන් ජනයා මවිත කරමින් ඉදිරිපත් කළේය. ඊට කෘතවේදි වෙමින් නගරශාලා භාරකරු සුසන්ත වෙත රාජකාරියක් පවරා තිබේ.

ඒ සදෝ දුපත් වැසියන්ගේ සිත් සනහාලමින් දිනපතා නැටුම් රඟ දක්වන ලෙසය.

 Sedo-Island
සදෝ දූපත

සුසන්ත සූරසේන යනු වසර හැට අටක් පුරා කන්ද උඩරට ඇසළ පෙරහර හැඩ කරමින් නර්තන විලාසයන්   දැක්වූ  පීටර් සූරසේනයන්ගේ  වැඩිමහල් පුතුය. පීටර් සූරසේන   පුතුන් තිදෙනකුගේ දියණියන් දෙදෙනකුගේ පියෙකි. සුමනාවතී උඩගෙදර  දරුවන්ගේ මවයි. කලා පරපුර  දෙකකින් පැවැත එන මේ දරුවන්ද කලාකාමීන්ය. සුසන්ත සූරසේන, ජානක සූරසේන හා නිලන්ත සූරසේන පිය මඟ යමින් අද වෙස් බැඳි නර්තන ශිල්පීන් ලෙස කරළියට පැමිණ සිටිති.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සුසන්ත සූරසේන ඉකුත් වසර කිහිපයකම සිට ජපන් කලා කරුවන්ට උඩරට නැටුම් උගන්වයි. ඔහු මේ වනතුරු නැටුම් උගන්වනු ලැබුයේ නීගතාවලය. නීගතා යනු ජපානයේ නවීකරණය වූ ප්‍රාන්තයකි. සදෝ යනු නීගතාවට අනුබද්ධ දූපතකි. නීගතාවේ සිට සදෝ වෙත යාමට ගත වන්නේ පැය දෙකක කාලයකි. ගමන නැවෙනි.

සදෝ ඉතිහාසය අපූරුය. ඒ අතීතය ගැනඅපට කියන්නේ ටෝකියෝ විශ්ව විද්‍යාලයේ ආචාර්ය හොංමො සෙන්සේ ය.

“ක්‍රිස්තු වර්ෂ එක්දහස් දෙසිය සහ එක්දහස් පන්සියය කාලේ කමොකුරු වරුන්ගේ රාජ්‍ය රාජ්‍ය පාලනයේ ඇතිවූ යුද්ධය හේතුවෙන් සමුරායිවරු ජය ගන්නවා. කමොකුරු පාලනයේ හිටපු ජුම්තකු ජොකෝ , සදෝ දූපතටත් ඔහුගේ පියා ෂිමානේ දූපතටත්, බාප්පා ෂිකොකු දූපතටත් පිටුවහල් කරන්න රජු කටයුතු කළා.“

“අනතුරුව සදෝ වෙත පිටුවහල් කල දෙවැන්නා වූයේ නෝ නර්තන ශිල්පියකු වන ෂෙදුවම්. තුන්වැන්නා ටෝකියෝ හි විසූ ස්වාමින්වහන්සේ නමක්වන නිචිරෙන් ෂොනින්. “

“මේ දුපතට පැමිණි සියළු පාලකයෝ සේම ජනතාවත් පිටුවහල් කළ පිරිසක් ලෙසයි පත පොතේ සඳහන් වන්නේ. “ ආචාර්ය හොංමො සෙන්සේ කියන්නේය.

පසුකලෙක එදෝ අධිරාජ්‍ය සමයේදි තොකුගාවා රාජතුමා යටතේ   ඔකුබෝ නගයසු ඇමතියාගේ මුලිකත්වයෙන් ජපානයෙන් සොයා ගන්නා ලද විශාලතම රන් නිධිය සදෝ දූපතෙන් සොයා ගත්තේය.

Sado-Island
සදෝ දූපතේ වගාබිම්

සදෝ දුපතේ ජනයා නිරන්තරයෙන් වගා කරති.  ගොවිකමට හුරු වූ    වයස අවුරුදු හැත්තෑව ඉක්ම වූ වැඩි පිරිසක් දූපතේ වෙති.  තවත් පිරිසක් වෙස්මුහුණු සකසති. ඔනිදයිකෝ වෙස් මුහුණු සකසමින් ඔවුනටම ආවේණික වෙස්මුහුණු නැටුම් කලාවක් පවත්වා ගෙන යති. ඉන් බලාපොරොත්තු වන්නේ දිවිදොස් ග්‍රහදොස් සියල්ල දූරි භූතවන සේ ශාන්තිය සැලසේවා යන්න පැතීමය.

සදෝ දූපතේ ජනගහණයෙන් වැඩි පිරිසක් දැන් වියපත් මිනිසුන්ය.  තරුණ පිරිස දූප‌ත අතහැර නීගතා වෙත ගොස්ය. ඒ නවීණ පන්නයට දියුණු වන්නටය.

සෙදෝ දූපත් වැසියන් උදේ පටන් සවස් වනතුරු ගොවිතැන් කොට විවේකය සොයන්නේ සන්ධ්‍යාවේදීය. තම තමන්ගේ නිවහනේ සිට බෙර වාදනය කරන්න සදෝ දූපත් වැසියෝ රුසියෝ වෙති.

Sado-Island
සදෝ දූපතේ භූ දර්ශනයක්…

මේ හඬ අසා සිටි සුසන්ත සූරසේන ගැටබෙරය ගෙන මගුල් බෙර පදයෙන් කොටසක්,  ගමන් පදය , වන්නම් පද වරින් වර වාදනය කළේය.  දුපත් වැසියෝ මේ හඬට ප්‍රිය වූහ. දැන් දිනපතා සන්ධ්‍යාවේ සදෝ දූපතේ බෙර ගැටබෙර තාලම් මැදින් උඩරට රංගන අංගයක් එළි දැක්වෙන්නේය.

සුසන්ත සූරසේන  වාර්ෂිකව මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ නටන්නට  ජපානයේ සිට පැමිණෙන්නේය.      අනතුරුව යළිත් ඔහු සදෝ වැසියන් සොයා යන්නේය.

ඒ ජපන්නුන්ට උඩරට නැටුම් නටන්නටය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළු ජාතිකයකු ගෙල පාගා මරා දැමූ ‍පොලිස් නිලධාරියා වසර 22ක් හිරේට

Next Post

එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් හානි වූ ධීවරයන්ට වන්දි දෙන්න කෝටි 72ක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.