බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

රනිල්ගෙ ඔලුවත් මහින්දගෙ ඇඟත් එකතු වුනොත් රට ගොඩ දාන්න හැකි බව ජනතාව හිතනවා… මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

by editor
ජූනි 24, 2021
in දේශපාලන
Ranil-Ananda
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහගේ ඔලුවත්, මහින්ද රාජපක්ෂගේ ශරීරයත් එකට එක් කළහොත් මේ රටට විශාල සේවයක් කළ හැකි බව ජනතාව කී අයුරු තමාට මතක යැයි නාරාහේන්පිට අභයාරාධිපති මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව ඊයේ ( 24) සවස නාරාහේන්පිට අභයාරාමයට ගොස් විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුණගැසුණු අවස්ථාවේ දී ය.

අනතුරුව ආනන්ද හිමියෝ මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ ද කීහ.

“මම මේ පක්ෂ දේශපාලනයෙන් තොරවයි කථා කරන්නේ. අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පස් වතාවක් මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වුණා. ඒ කාලය තුළ රටේ ජනතා නායකයෙකු වශයෙන් එතුමාට කළ යුතු, කළ හැකි සියල්ලක්ම මං හිතනවා එතුමා අතින් ඉටු වුනා කියලා. අංග සම්පූර්ණ අය කොතනකවත් නෑ. නොයෙකුත් අඩුපාඩුකම් දුර්වලකම් තිබුණත්  රටට ජාතික වශයෙන්, සංස්කෘතික වශයෙන්, ආගමික වශයෙන්, රටේ නායකයෙකු වශයෙන්  කළ හැකි සියල්ලක්ම එතුමා රට වෙනුවෙන් සිද්ධ කළා. “

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

“ඕන කෙනෙක්ව විවේචනය කරන්න අපට පුලුවන්. නමුත් මම හිතන්නෙ නෑ මේ රටේ විවේචනය නොවුන නායකයෙකු ඇති කියලා. පසුගිය වකවානුව තුළ එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් රාජයට පත් වුණා. කෙසේ වෙතත් අපි යට ගියාව පැත්තක දාමු. මේ රටේ පාර්ලිමේන්තුව තුළ ඉන්න ඕන නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මා. “

“ එතුමා විවේක සුවයෙන් ඉඳලා නැවත වාරයක් පක්ෂයේ නායකයා විදියට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණීම අප සැමටම හොඳයි කියන එකයි මගේ විශ්වාසය. ඒ මොකද අපි එතුමාව පක්ෂ දේශපාලන වශයෙන් නොවේ පුද්ගලික වශයෙන් නිරන්තරව ආශ්‍රය කළා. ඒ කාල සීමාව තුළ අපේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ, බෙල්ලන්විල විමලරතන නායක හාමුදුරුවෝ, බ්‍රාහ්මණවත්තේ සීවලී හාමුදරුවෝ මම ආදී පිරිස  අපි නිරන්තරව  හමුවෙලා කතා බහ කළා. . “

“රටේ ජනතාව ලොකු බලාපොරොත්තුවක් ඇති කරගෙන හදපු යහපාලන ආණ්ඩුවම මේ රට විනාශ කරනවා කියන සංකල්පය ජනතාව තුළ එදා තිබුණා. අපි තුළත් තිබුණා. රටේ පාලකයෝ අයහපත් නම් හමන සුළඟත්, වහින වැස්සත් වෙනස් වෙනවා ස්වභාවධර්මය වෙනස් වෙනවා කියලා බුදුගුණ අලංකාරයේ ඉතාම පැහැදිළිව තිබෙන දෙයක් තිබෙනවා. “

“ අපි ඒවා මුසු කරගෙන තමයි ජනතාව ලඟට ගිහින් කරුණු කාරණා පහදලා දිලා මේ රට ගොඩගන්න පුලුවන් හොඳ නායකයෙක් මේ රටට පත් කරන්න ඕනයි කියන එක කිවුවෙ. ජනතාව අද නායකයෙක් පත් කරගත්තතා. අද ඒ ජනතාවම කථා කරලා අපෙන් අහනවා ඔබ වහන්සේලා කවුද මේ පත් කරගත්ත නායකයෝ කියලා.“
“ඒ නිසා පක්ෂ දේශපාලන පැත්තක දාලා ඔබතුමාගෙන් බොහෝම කාරුණිකව ඉල්ලා හිටිනවා මේ වෙලාවේ පක්ෂයට වඩා අපේ රට, අපේ ජාතිය වැදගත්, අපේ ජාතිය උතුම්, අපේ රට උතුම්. මම දන්නවා ඔබතුමාට රට ගැන හිතන්න පුලුවන්, ජනතාව ගැන හිතන්න පුලුවන් හොඳ මනසක් ඔබතුමා ලඟ තිබෙනවා.“

“.මේ මුළු කැබිනට් මණ්ඩලයම අද ප්‍රාණ ඇපකාරයෝ බවට පත්වෙලා. රටේ අඩුපාඩු, ජනතාවගේ අඩු පාඩු පිළිබඳ කතා කරන්නෙ නැතිව තම තමන්ගේ ආරක්ෂාව පිණිස යම් යම් කටයුතු කරනවා.“

“මේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩමවා කළ පොහොසන් කාලයේ. එදා දේවානම්පියතිස්ස රජතුමාට අපේ මිහිඳු මහ රහතන් වහන්සේ දුන් අවවාදය මොකද්ද?.“

“මහරජ ඔබ මේ රටේ අයිතිකාරයෙක් නොවේ. ඔබ මේ රටේ භාරකාරයෙක්“ කියන එකයි එදා මතක් කළේ. “

“දැන් මේ රට ගොඩගන්නට ඔබ තුමාගේ සහයෝගය ලබා ගන්න ඕන. මං හිතනවා ඔබතුමා ගැන ජනතාව මොන මට්ටමින් හිතුවත් ඔබතුමාට එය ලබා දෙන්න පුලුවන්කම තිබෙනවා. ඔබතුමාගේ පාක්ෂිකයෝ, ඔබතුමාගේ පැරණි පාක්ෂිකයෝ මොන මට්ටමින් කල්පනා කළත් අපි විශ්වාස කරන්නේ ඔබතුමාට හොඳ බුද්ධියක් තිබෙන දුර දක්නා නුවණක් තිබෙන යමක් කරන්න පුලුවන් නායකයෙක් කියන එකයි.“


Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත!

Next Post

කොවිඩ් නීති නොතකා එළුවන් කැපූ කාලි කෝවිල් පූජකයා 34ක් සමග අත්අඩංගුවට

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.