කොවිඩ් ආසාදිත 12වැනි ගර්භණී මවත් අද (22) සවස මාවනැල්ල රෝහලේ දී මිය ගියාය.
මාවනැල්ල ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි මෙම ගර්භණී මාතාව අරණායක තල්ගස්පිටියේ ඥාති ගෙදරකට ගොස් සිට ඇත. මෙසේ සිටින අතරතුර දී ඊයේ (21) ඇය හදිසියේම රෝගාතුර වී තිබේ.
ඥාති නිවසේ අය වහාම ඇයව මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. එම මව ගර්භණී මවුවරුන්ට ප්රතිකාර කිරීමට වෙන් කර ඇති අංශයේ ප්රතිකාර ගනිමින් සිටිය දී හදිසියේම මියගොස් තිබේ.
මියගිය පසු ඇයගේ මෘත දේහය පිළිබඳ කරන ලද පී.සී.ආර් පරීක්ෂණයක දී ඇයට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.
මියගිය එම ගැබිණි මවගේ අවසන් කටයුතු නිරෝධායන නීතිය යටතේ හෙට (23) සිදුකරන බව ද රෝහල් ප්රකාශකයා පැවසීය.