බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔන්ලයින් කරන්න කිසිම පහසුකමක් නොදී ගුරුවරුන්ගෙන් ප්‍රගතිය වාර්තා ඉල්ලන්න එපා –

by editor
ජූනි 18, 2021
in පුවත්
Online-Teaching
Share on FacebookShare on Twitter


රටේ සිසු පරපුරින් සියයට හැටක් පමණ අධ්‍යාපන ක්‍රියාවලියෙන් පිටමං වී ඇති පසුබිමක, ඔවුන් මානසික ආතතියකින් පෙළෙන පරාජිතයන් කර ඇති වටපිටාවක ඔන් ලයින් අධ්‍යාපනයේ මාසික ගුරු ප්‍රතිය ඉල්ලා අධ්‍යාපන ලේකම්වරයා විසින් නිකුත් කරඇති වාර්තාව හරහා එකතු කරගන්නා දත්තවලින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ කුමණ ආකාරයේ ප්‍රගතියක් දැයි ඒකාබද්ධ ගුරු සේවා සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිතව විමසා තිබේ.

පැවැත්වූ ඔන්ලයින් සැසි ප්‍රමාණය, ඒ සඳහා සහභාගී වූ සිසුන් ගණන වැනි තොරතුරු ඉල්ලන මෙවැනි වාර්තා හරහා බලාපොරොත්තුවන ප්‍රගතිය කුමණකාරයක එකක් ද යන්න ගැටලුවක් බව කියන එම සංගමය මාර්ගගත අධ්‍යාපනය සඳහා ගුරුවරුන්ට හෝ ශිෂ්‍යයන් වෙත කිසිම පහසුකමක් ලබා නොදී මේ ආකාරයේ ප්‍රගතිය විමසීමේ සදාචාරය කුමක් දැයි ප්‍රශ්න කර සිටී.

මෙලෙස වාර්තා ඉල්ලමින් ගුරුවරුන් පීඩාවට පත්කිරීමත් එම වාර්තා භාවිතා කරමින් ගුරුවරුන් අධික්ෂණය සඳහා සූදානම්වීමත් සිදුකරන්නේ නම් එය බරපතළ තත්ත්වයක් බවද එම සංගමය අධ්‍යාපන ලේකම්වරයාට කියයි.
එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.



ලේකම්,
අධ්‍යාපන අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

ලේකම්තුමණි,

ඔන්ලයින් අධ්‍යාපනයේ ප්‍රගතිය ඉල්ලා සිටීම

2021/6/3 දිනැති අධ්‍යාපන ලේකම්වරයා විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත නිකුත් කරන ලද ලිපිය මගින්, ඔ
න්ලයින් අධ්‍යාපනයේ මාසික ප්‍රගතිය පිළිබඳ වාර්තා සපයන ලෙස දන්වා ඇත.
එහිදී පැවැත්වූ ඔන්ලයින් සැසි ප්‍රමාණය, ඒ සඳහා සහභාගී වූ සිසුන් ගණන වැනි තොරතුරු ඉල්ලා ඇත. මෙවැනි වාර්තා හරහා බලාපොරොත්තුවන ප්‍රගතිය කුමනාකාරයක ප්‍රගතියක්ද යන්න ගැටලුවකි.

දරුවාගේ අධ්‍යාපනයේ ප්‍රගතිය වෙනුවට සංඛ්‍යා ලේඛන පුරවා ව්‍යාජ ප්‍රගතියක් පෙන්වා සිටීමක් පමණක් බව දැකිය හැකිය. 2021 මැයි මස 10 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අධ්‍යාපන අමාත්‍යාවරයා ඔන්ලයින් අධ්‍යාපනය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි සංඛ්‍යා ලේඛන පදනම් කරගෙන විය හැකිය.

පංති කාමරය තුළ දරුවා සමග ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධවන ගුරුවරුන් ලෙස අපගේ අත්දැකීම වන්නේ බහුතර සිසුන් මෙම ඔන්ලයින් ක්‍රමවේදය හරහා මග හැරී ඇති බවයි. පංතිය තුළ සිටින ඉතාම දක්ෂ සිසුන් පවා මෙහිදී අධ්‍යාපනයෙන් පිටමංව ඇත. ඔන්ලයින් පහසුකම් සහිත සීමිත සිසුන් පිරිසක් පමණක් අධ්‍යාපන ක්‍රියාවලියට සම්බන්ධවී ඇත.

අධ්‍යාපන විශේෂඥයින්ගේ මතය අනුව මෙරට සිසු ප්‍රජාවෙන් 60% කට වැඩි පිරිසක් මේ වනවිට පාසල් අධ්‍යාපන ක්‍රියාවලියෙන් පිටමංවී ඇති අතර මනෝ වෛද්‍යවරුන් පවසන්නේ එසේ පිටමංව ඇති සිසුන්ගේ මානසික තත්ත්වය පරාජිත ස්වභාවයක් ගන්නා බවත් ඔන්ලයින් අධ්‍යාපනයට සම්බන්ධවන සිසුන් හා ගුරුවරුන්ද සීඝ්‍ර ලෙස විවිධ මානසික ආතතීන්වලට ලක්වන බවයි. එනම් මානසික රෝගීන් බවට පත්ව ඇති බවයි.

නමුත් ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇති වටපිටාවක ඔබ ඉල්ලා සිටින ප්‍රගතිය ඉතාම අතාර්කික හා අයුක්තිසහගත බව පෙන්වාදීමට කැමැත්තෙමි.

තවද ප්‍රගතිය පිළිබඳව තොරතුරු ගුරුවරුන්ගෙන් ඉල්ලීමට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමුඛ අධ්‍යාපන බලධාරීන්ට ඇති සදාචාරාත්මක අයිතියද අපි ප්‍රශ්න කර සිටිමු. වසර 23 ක් පුරාවට ගුරුවරුන්ට හිමි වැටුප රජය විසින් කොල්ලකමින් සිටින අතර වැටුප ලෙස සොච්චම් වැටුපක් ගුරුවරුන් වෙත ලැබේ. ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය මෙවලම් හා අන්තර්ජාල සම්බන්ධතා මිලදී ගැනීමට සිදුව ඇත්තේද එම සොච්චම් වැටුපෙනි. ණය බරින් මිරිකෙමින් ඉතා අවම ජීවන කොන්දේසි යටතේ දිවිගෙවෙන ගුරුවරයකුගේ වැටුප ඒ වෙනුවෙන් වැයකිරීමට සිදුව ඇත. මෙරට ගුරුවරුන්ගෙන් කී දෙනෙකුට අවම වශයෙන් ස්මාර්ට් දුරකථනයක් හෝ පවතින්නේ දැයි අධ්‍යාපන අමාත්‍යාංශය විමසීම් කර නොමැත. එසේ නොමැති සිසුන්ට හා ගුරුවරුන්ට කොපමණ ප්‍රමාණයකට අධ්‍යාපන අමාත්‍යාංශය පහසුකම් සපයා තිබේද? එවැනි තත්ත්වයක් යටතේ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා කිසිඳු ගෙවීමක් නොකරන බවට ඔබතුමා පුවත්පතකට කර ඇති ප්‍රකාශය ඉතාමත් වගකීම් විරහිතය. මහිදී ඔන්ලයින් ක්‍රමයට ඉගැන්විය යුතු යැයි ගුරුවරුන් වෙත නියෝග නිකුත් කරන බලධාරීන් අවශ්‍ය උපාංග අන්තර්ජාල ප්‍රවේශය පිළිබඳ සැලකිලිමත් නොවී ප්‍රගතිය පිළිබඳ වාර්තා ඉල්ලා සිටින්නේ කෙලෙසද යන්න ගැටලුවකි.

අනෙක් අතට අධ්‍යාපනයේ ප්‍රගතිය යනු අවසන් කළ විෂය කොටස් ප්‍රමාණය වන්නේ නම් එය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියද උල්ලංඝණය කිරීමකි. සාමාන්‍ය ක්‍රමවේද යටතේ මුහුණට මුහුණලා ඉගෙන ගනු ලබන විෂය කරුණු ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඉදිරිපත් කිරීම අධ්‍යාපනය යැයි අර්ථදැක්විය හැකිද? දරුවාගේ මනෝසමාජීය කුසලතා සංවර්ධනය සදහා අවශ්‍ය අධ්‍යාපන අවකාශය ඔන්ලයින් ක්‍රමවේදය හරහා කිසිසේත් බලාපොරොත්තුවිය නොහැකි බව අධ්‍යාපන ලේකම්වරයා ලෙස ඔබ වටහාගත යුතුය. කෙලෙස හෝ විෂය නිර්දේශය ආවරණය කිරීම නොව දරුවාගේ සැබෑ ඉගෙනුම් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය අවම හෝ උත්සාහය ගැනීමට අප සූදානම් විය යුතු බව ඉතා ඕනෑකමින් පෙන්වා දෙනු කැමැත්තෙමු.

අවසන් වශයෙන් මෙලෙස වාර්තා ඉල්ලමින් ගුරුවරුන් පීඩාවට පත්කිරීමත් එම වාර්තා භාවිතා කරමින් ගුරුවරුන් අධික්ෂණය සඳහා සූදානම්වීමත් සිදුකරන්නේ නම් එය බරපතළ තත්ත්වයක් බවද, එවැනි උත්සාහයකට අපගේ දැඩි විරෝධයද එල්ලකරන බවද දන්වා සිටිමු.

තවද වසංගතයෙන් පීඩාවට පත්ව සිටින සිසුන්, දෙමාපියන්, පීඩාවට පත්කරමින් සිදුකරන මෙම අදූරදර්ශී ඔන්ලයින් අධ්‍යාපන ක්‍රියාවලිය බරපතළ ව්‍යාධියක පෙර ලකුණු බව පෙන්වා දෙනු කැමති අතර යන්නන් වාලේ නොයා අධ්‍යාපනඥයින්, විෂය ප්‍රවීණයින් සම්බන්ධ කරගනිමින් නිවැරදි අධ්‍යාපන ක්‍රියාවලියකට ඉඩකඩ ඇති කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
ස්තුතියි.
මෙයට,

ලේකම්
සංජීව බණ්ඩාර
ඒකාබද්ධ ගුරු සේවා සංගමය

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් මරණ 51යි… ආසාදිතයන් 2361

Next Post

මන්නාරමට අසාධ්‍ය වූ කැස්බෑවුන් 02ක් ගොඩගසයි… එක් කැස්බෑවෙක් මරුට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

Comments 1

  1. kasunid9416 says:
    වසර 5ක් ago

    ගමේ පාසලේ බනිස් ගෙඩිය අරන් දීලා උගන්න ගුරුවරු !!!! දුකයි !!!!

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.