බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඔන් ලයින්  ගැන ඈත වන්නියෙන්  ඇහෙන ගුරු දෙගුරු කතා…

by editor
මැයි 15, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

කොවිඩ්  වසංගතයත් සමඟ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය හිස එසෙව්වේය. එය සාර්ථක ද අසාර්ථක ද යන්න තර්ක කිරීම අනවශ්‍ය වන්නේ පත් වී ඇති තත්වය හමුවේ හැකි අයුරින් එයට මුහුණු දිය යුතු බැවිනි .

නමුත් මේ ක්‍රමය තුළ දුෂ්කර, අති දුෂ්කර පළාත්වල දරුවන්  තම දෙමව්පියන් හා ගුරුවරුන් මුහුණ දී තිබෙන්නේ  මහා ඛේදවාචකයකටය.

අධ්‍යාපන බලධාරීන් වට්සැප් ගෲප්වලට විදුහල්පතිවරු හා ගුරුවරු ඇඩ් කර ගත් පසු පවසන්නේ කුමන ක්‍රමයෙන් හෝ දරුවන් වෙත අධ්‍යාපය ලබාදිය හැකි වැඩ පිළිවෙළක් සකස් කර ගන්නා ලෙසත්, ඒවා දිනපතා ඔවුන් ට වාර්තා කරන ලෙසත් ය.

ගුරුවරියක ලෙස මේ කටුක අත්දැකීම් විඳිමින් සිටිමි. මගේ දරුවන්ගේ මෙන්ම මා සහෘද ගුරුවර ගුරුවරියන්ගේ අත්දැකීම් අසමින් විඳිමින් හිඳිමි. මේ ඒ අධ්‍යාපනයේ සංකීර්ණ මානුෂික ස්වරූපය පිළිබඳ අත්විඳිමින් හිඳිනා කතාවය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

“මගෙ පන්තියෙ වට්සැප් ඉන්නේ දරුවො හය දෙනයි. ඒත් මං ගෲප් එක ක් හැදුවා. අනික් දරුවන්ට පැවරුම් ඉස්කෝලේ ළඟ බුක් ෂොප් එකෙන් තිබ්බා. ඒත් හොයල බලද්දි දැනගන්න ලැබුනෙ දරුවො කීපදෙනෙක් විතර ක් පැවරුම් අරන් ගියා කියලයි. ඒ දරුවන්ට මොනවා හරි ප්‍රායෝගික ගැටලු ඇති …”  මා හිතවත් ගුරුවරියක් වරෙක මා සමග කීවාය.

ෆෝන් නැති කොහෙන් හෝ හොයාගත් ෆොන් කබලක් තිබුණත් ඉන්න තැන්වලට සිග්නල් නැති දරුවන්ද එමටය.

“දරුවන්ට පැවරුම් දාන්න කියල ඉහළින් කතා කරල කියනවා. ඒත් ගෲප් එක දිහා බැලුවම දුක හිතෙනවා.  ඒ තරම් වැඩ ගොඩක් දරුවන්ට පවරන්න මං කැමති නෑ . මං සතියකට සැරයක් ක්‍රියාකාරකම් පැවරුමක් ගෲප් එක ට ඇඩ් කරනවා. මට විශ්වාස යි . දරුවො කැමැතෙන් ඒක කරයි. මොකද මේ විදිහට ඔන්ලයින් උගන්වන්න ගියොත් දරුවො ලෙඩ වෙයි. අනික ඉස්කෝලේ පන්ති කාමරේදීත් අපි දරුවන්ට වැඩ කරවන්නෙ විවිධ උපක්‍රම මඟින්.  එහෙව් එකේ මේ ඔන්ලයින් මොන කෙහෙම්මලක් ද… ?”

තවත් මැදිවියේ ගුරුවරියක්  අපේ ගැටලු ගැන ඇති වූ සංවාදයක දී පැවසුවාය.

ශිෂ්‍යත්වයෙන් දිවයිනේ ඉහළ ම ප්‍රතිඵල ලබාගන්නා ඈත පිටිසර පාසලක ගුරුවරයෙක් මෙලෙස පැවසුවේ ය.

“අපිත් ඉන්නේ අති දුෂ්කර පළාතක. ගැටලු එමටයි… ඒත් රවුටර් නැති දරුවන්ට අපි මැදිහත් වෙලා රවුටර් අරන් දුන්නා… ගස් උඩ රවුටරේ රඳවල  සිග්නල්  අරන් දුන්නා… අපි දැන් වැඩ… දිනපතාම…. මොන අභියෝග මැදින් හරි ඉලක්කය ට යනවා….මයි.”

ඔහුගේ හඬ දැඩි අධිෂ්ඨාන ශීලි බවින් යුක්ත ය.

“ගෙදර තියෙන්නෙ එක ෆෝන් එක යි . දරුවො තුන් දෙනා යන්නෙ ඉස්කෝල තුනකට. එකම වෙලාවෙ ඔන්ලයින් පන්ති වැටුනම අසරණ වෙනවා… දරුවො ගහ මරාගන්න හදනවා… ෆෝන් තුනක් ගන්න වත්කමකුත් නෑ …”

මවක් තම අත්දැකීම් පැවසුවේ එලෙසය.

“මට දරුවො දෙන්නයි. වට්සැප් එකට උදේ ඉඳන් ගුරුවරු පැවරුම් දානවා. ඒවා ප්‍රින්ට් කර ගන්න බුක්ෂොප් එකට ගියාම එතන පෝලිම. ප්‍රින්ට් අවුට් ගන්න රුපියල් 500ක් විතර යනවා… අම්මෝ … පැවරුම් ගොඩ.. එතකොට මේ ළමයි මේ සේරම කරන්න ඕනද.? . අනික දවස ගානේ රුපියල් 500 ගානේ වියදම් කරන්න කොහෙ තියන සල්ලිද අප්පා ….”

තවත් මවක් එලෙස පැවසුවාය ….

සිසුවියක් මට කතා කර කිව්වේ දැන් පන්තිවලට එක් විය හැකි බවත්   අම්මා කණ කර උගස් කර මල්ලීට ත්, තමාටත් ස්මාර්ට් ෆෝන් දෙකක්ම ගෙනා බවත්ය..

“මිස් පාඩම් සේරම ඔන්ලයින් කරන්න එපා .මට ස්මාර්ට් ෆෝන් එක ක් නෑ .” පොඩි එකියක් කතා කර කීවාය.

“ශිෂ්‍යත්වෙ පාස් නිසා ටැබ් එකක් තියෙනවා .ඒත් දවස ගානෙ ඩේටා දාන්න විදිහක් නෑ ටීචර් .” ඒ තවත් දරුවෙක් කියූ කතාවකි.

සිග්නල් නෑ ..රවුටරේ ගහේ එල්ලන්න ගිහින් මගෙ අත පැන්නා ටීචර් ..” තව පොඩි එකෙක් අත කඩාගෙනය.

“අපිට මොන ඔන්ලයින් ද සර්..පණ ගැටගහගෙන ඉන්නවාත් ඇති..” වල් අලින්ගෙන් බේරී හේනක් කුඹුක් කරගෙන දිවි ගැටගසා ගන්නා තාත්තා කෙනෙක් දන්න විදිහට කොටා මගේ හිතවත් ගුරුවරයෙකුට මැසේජ් කර තිබිණි.

“ගොඩක්  ගුරුවරුන්ගේ ෆෝන් පිරිලා තියෙන්නෙ මෙහෙම මැසේජ් වලින්…“  මා මිත්‍ර ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් කීවේය.

ඇත්තටම මගේ දුරකථනයත් පිරී ඇත්තේ මෙවැනි පණිවිඩවලිනි.  විටෙක මා හඬා නොවැටී ඉන්නේ ආයාසයෙනි.

අපි වගේ  ගුරුවරුන්ගේ  ඒ අත්දැකීම ගැන දැනගන්න…

මහත්වරුනි… පුලුවන් වෙලාවට වන්නි හත්පත්තුව පැත්තේ අපේ ඉස්කෝලෙකට ඇවිත් යන්න…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් නිවෙස් තුළම මිය යයි…

Next Post

ඇසෑමයේ අලි රංචුවේ මරණවලට හේතුව ඇත්තටම අකුණක්මද?

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.