බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය ලිය වරුණ

ඇසුනත් කට පොපියන යාපනේ කෑම ගෙදරදී හදමු 01

by editor
ජූනි 15, 2020
in ලිය වරුණ
Share on FacebookShare on Twitter

වෙනස් ‍වෙනස් කෑම ජාති ‍හොයන ‍අ‍පේ කෑම දාසලා අත‍ර ‍‘සයිවර්‘ කෑම ජාති හරි ජනප්‍රියයි ‍නේ…හැබැයි ‍‘සයිවර්‘නම් ඉතින් ‍තෝ‍සේ, ව‍‍ඩේ, පරාටා තමයි කියල හිතන්න ඉන්න අයට කියන්න ති‍යෙන්‍‍නේ ඊට වඩා රස රස කෑම ජාති ‍ගොඩක් එයාලා හදනවා කියලයි. අද කියලා ‍දෙන්නේ යාපන‍යේ සාම්ප්‍රදායික වට්ටෝරු වලින් පිළියෙළ කර ගන්න පුළුවන් එ‍හෙම කෑම ජාති ටිකක් ගැන…‍මේ කෑමවල වි‍ශේෂත්වය තමයි ඔවුන්ටම අනන්‍ය සුවඳ හා රස. අපරා‍දේ කියන්න බෑ ‍ගොඩක් කෑම ජාති වල සැරත් ඉස්තරම්…

ඒ සුවඳ, සැර, රස පදමට හදා ගන්න ඔවුන්ටම ආ‍වේණික රහස් කළමණා ටිකකුත් ති‍යෙනවා. යාපනයේ හදන ‍බො‍හොමයක් කෑම වලට පොල් භාවිත කරනවා. මූලිකම ‍දේ ‍ඔවුන් ‍ගේ කෑම වලට ‍යොදා ගන්‍‍නේ ‍ගෙ‍දරම හදා ගන්න තුන පහ වර්ගයක්. ‘ජැෆ්නා කරි පවුඩර්‘ඔයාලා අහලත් ඇති. කන්නත් කලින් අ‍පේ රස නහරවල් පිනා යන සුවඳ ගන්නත් ඔවුන් ළඟ රහසක් ති‍යෙනවා. අපි අර ‘ගරම් මසාලා‘ කියල කියන්‍‍නේ ඒ සුවඳ කාරකයටම තමයි. හැබැයි ඒකත් ඔවුන් ‍ගෙදරම හදා ගන්නවා. ඊළඟ ‍දේ තමයි ‍තෙල් දාන කෑම වලට ‍‍භාවිත කරන්‍‍නේ, පිරිසුදු ‍පොල් ‍තෙල්, තල ‍තෙල් නැතිනම් ගි‍‍‍‍තෙල් තමයි. දැන් ඔයාලාට හිතාගන්න පුළුවන්නේ ‍කටට ‍කෙල උනන ඒ කෑම ජාති හැ‍දෙන්‍‍නේ ‍කෙ‍හොමද කියලා

මෝදහම්, පිට්ටු ‍කොත්තු,  ඉස්සෝ කරිය, කකුළු කරිය, රසම් සහ ගිතෙල් ආප්ප වැනි කෑම ජාති හදා ගන්න විදිහ නම් ‍මේ කෑම වට්‍ටෝරුවට ඇතුළත් ක‍ළේ නැත්‍‍තේ ඒවා ‍බො‍‍හෝ ‍දෙනා අහලා දැනටමත් වරක් හෝ රස විඳලා ඇති යැයි හැඟුණු නිසා. කෑම වට්‍ටෝරු ටිකට යන්න කලින් අර රහස් කලමණා ‍හත‍රෙන් ‍දෙකක් හදා ගන්න හැටි කියල දීලා ඉන්නම්කෝ…

jaffna කරි පවුඩර්

jaffna කරි පවුඩර් එක හදන්න ඕනෑ කරන්‍‍නේ ‍කොත්තමල්ලි ග්‍රෑම් 200, වියළි මිරිස් කරල් ග්‍රෑම්200, ගම්මිරිස් ග්‍රෑම් 50, සූදුරු ග්‍රෑම්50,මහදුරු ග්‍රෑම්50, උළුහාල් ග්‍රෑම් 15, කහ කුඩු ‍මේස හැඳි 1යි , කරපිංචා ඉති තුනයි. ‍මේ කළමණා සියල්ල ‍වෙන ‍වෙනම කබලේ බැද ‍ගෙන යන්තම් රන්වන් පාට ‍වෙද්දි ලි‍පෙන් බා නි‍වෙන්න හරින්න. පසුව සියල්ල එකතු කරලා කුඩු කර ‍ගෙන හුලන් ‍නොවඳින වීදුරු බඳුනක අසුරා ගන්න. ගරම් මසාලා හදා ගන්‍‍නේ කුරුඳු, කරාබුනැටි, එනසාල්, සාදික්කා එහෙම කබ‍ලේ යාන්තමට බැදලා කුඩු කර‍ගෙනයි.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

1. උප්පු මා –

රුලං පිට්ටු කිව්‍වොත් කවුරුත් දන්නවා…

උතුරුක‍‍රේ බොහොම ජනප්‍රියයි. යාප‍නේ උදවිය උදේ කෑමක් විදියටයි උප්පු මා පිළියල කරන්‍‍නේ…හැබැයි ඉතින් දව‍සේ ඕනෑම ආහාර ‍වේලකට ‍යොදා ගන්න පුළුවන් ‍පෝෂ්‍යදායි කෑමක් තමයි ‍මේ….

අවශ්‍ය ‍වෙන්‍‍නේ –

රුලං කෝප්ප දෙකක්
කෑලි කපපු කැරට් ගෙඩි තුනක්
පොඩියට කපපු බෝංචි කෝප්ප තුනක්
හීනියට ලියපු ගෝවා ‍ගෙඩියකින් කාලක්
සිහින්ව කපා ගත් ලූණු ගෙඩියක්
කරපිංචා ඉති ‍දෙකක්
අබ තේ හැඳි බාගයක්.
ලුණු
‍පොල් ‍තෙල් ස්වල්පයක්
බටර් තේ හැඳි දෙකක් (අවශ්‍ය නම්)

භාජනයකට ‍තෙල් ඩිංගක් දාලා රත් කරන් අබ ටික එකතු කරගන්න. සටස් පටස් ගාලා අබ ඇට ටික පිපිරෙද්දී ලූණු ටික දාන්න ගන්න ඕ‍නේ. ලූණු බැදීගෙන එද්දී බෝංචි එක්කාසු කරන්න. ‍මේ ඔක්කෝම කර ගන්න ඕ‍නේ සැරින් සැ‍රේ කලවම් කරන ගමන්. ‍මද ගින්නේ තමයි පිස ගන්නත් ඕනේ. බෝංචිවල පාට වෙනස් ‍වේ‍ගෙන එද්දි ‍රස අනූව ලුණු ඩිංගකුත් එකතු කරලා ඒ ටික ‍වෙනත් භාජ‍නේකට දාගන්න.

ආයිත් අර ‍තෙල් රත් කරපු භාජ‍නේටම ‍තව තෙල් චුට්ටක් දාලා කැරටුයි ගෝවායි එකතු කරන්න. පදම බලලා ලුණුත් එකතු කරන්න. මේකත් මද ගින්නේ හොඳට තැම්බුණාම, ලි‍පෙන් බා ‍ගෙන කලින් හදපු බෝංචි, ලූණු මිශ්‍රණයට එකතු කරලා පැත්තකින් තියා ගන්න.

දැන් රුලං ටික භාජනයකට ‍දාලා රෝස්ට් කර ‍ගෙන ඒකත් පැත්තකින් තියා ගන්න‍කෝ. ආයිත් වෙනම ම භාජනයක් අරන් රුලං කෝප්ප එකට වතුර කෝප්ප දෙක ගා‍නේ අනුපාතෙන් වතුර එකතු කරලා ලුණු තේ හැඳි තුන් කාලක් වගේ දාලා, කරපිංචා ටිකත් එකතු කරගන්න. තව ටිකක් රස වැඩි කර ගන්න බටර් එකතු කළාම හරි. ‍මේ මිශ්‍රණය නටාගෙන එද්දී රෝස්ටඩ් රුලං ටික එකතු කරලා මද ගින්දරින් පිස ගන්න. රුලං ටික තැම්බුණහම මුලින්ම හදාගත්තු එළවලු ටික ටි‍කෙන් ටික එකතු කරලා කලවම් කරගන්න. ‍මේ කෑම වට්‍ටෝරු‍‍වේ රහස් රසකාරකය තමයි සීනී … ඉතින් අවශ්‍ය නම් සිනි ඩිංගක් ඉහලා කලවම් කර‍ගෙන බලන්න‍කො රහ….
රස බලලා ඕ‍නේ නම් තව ලුණු ටිකකුත් උඩින් ඉහ ගන්නත් පුළුවන්. ඕනි නම් වියලි මිදි , කජු ව‍ගේ ඒවා දාල තව රස වැඩි ‍කර ගන්නත් පුළුවන්.

මස් මාලූ, බිත්තර නැතිව මුකුත්ම කන්න බැරි අයට නම් ඉතින් ‍මේකටම තමන් කැමැති වර්ගයක් බැදලා එකතු කරගත්ත‍ට ර‍සේ ‍වෙනසක් ‍වෙන්‍නේ නැහැ… රුලං පිට්ටු කන්න ව්‍යංජන අවශ්‍යම නැහැ…නමුත් එලවලු කරියක් නැතිව මස් හරි මාලු හරි කරියක් එක්ක බඩ කට පු‍රෝ ගන්නත් පුළුවන්.

 2. එළු මස් කරිය

යාප‍නේ සුප්‍රසිද්ධ ඉස්‍‍සො කරිය, කකුළු මස් කරිය තරම්ම ‍සුවිශේෂී ව්‍යංජනයක් තමයි එළු මස් කරිය. කලින් අපි හදපූ උප්පු මා එක්ක වුණත් රහ බලන් පදමට ගැල‍පෙනවා.

අවශ්‍ය දෑ –

කුඩා කැබලිවලට කපා ගත් එළු මස් ග්‍රෑම් 250
පෙති කපා ගත් ලූණු ‍ගෙඩි භාගයක්
පෙති කපා ගත් සුදු බික් හතරක්
කරාබු නැටි හතර පහක්
අගල් භාගයක පමණ තලා ගත් ඉඟුරු කැබැල්ලක්
බැදපු මිරිස් කුඩු තේ හැඳි එකහාමාරක්
මිරිස් කුඩු තේ හැඳි ‍දෙකක්
ගම්මිරිස් කුඩු තේ හැඳි එකහාමාරක්
කහ තේ හැන්දක්
කුඩාවට ඇලයට කපා ගත් අමු මිරිස් හතර පහක්
‍වේලුණු කරපිංචා ‍කොළ හය හතක්
අමු කරපිංචා ‍ඉත්තක්
අඟලක පමණ කුරුඳු කැබැල්ලක්
එනසාල් හතරක්
තලා ගත් කරාබුනැටි හතරක්
ගොරකා ‍හෝ විනාකිරි තේ හැන්දක්
තෙල් ‍‍තේ හැඳි පහක්
පොල් කිරි කෝප්පයක්
වතුර කෝප්පයක්
ලුණු

දැන් මධ්‍යම ප්‍රමාණ‍යේ බඳුනක (මැටි හට්ටියක් නම් වඩා ‍හොඳයි) මිරිස් කුඩු, බැදපු මිරිස් කුඩු, කළු ගම්මිරිස් කුඩු, අමු කරපිංචා, කහ සහ ලුණ, ‍ගොරකා ‍හෝ විනාකිරි මස් කැබලි සමඟ මිශ්‍ර ‍කොට පැත්තකින් තියන්න.  ඒ ව‍ගේ මැටි හට්ටියකට ‍තෙල් ටිකක් දාලා රත් කර ‍ගෙන සුදුළූණු සහ ඉඟුරුඑකතු කරලා විනාඩියක් ‍දෙකක් බැ‍ද ගන්න. කරපිංචා කොළ සහ කරාබු නැටි, එනසාල් සහ කුරුඳුත් ඒකටම දාලා හොඳින් මිශ්‍ර කර ගන්න ඕ‍නේ. ළූණු එකතු කර‍ගෙන විනාඩි පහ හයක් විතර රන් වන් පාටට එනකල් බැද ගන්න.

දැන් එකතු කරගන්න ඕනේ අමු මිරිස්. ඊට පස්‍‍සේ කහ සහ තව මිරිස් කුඩු චුට්ටක්. දැන් තමයි ‍මේ මිශ්‍රණයට අපි කලින් මිරිස්, ගම්මිරිස් එ‍හෙම අත ගාලා පැත්තකින් තියා ගත්තු එළු මස් ටික එකතු කර ගන්න කියාපු ‍වෙලාව. ‍මේ ටික ‍හොඳට කවලම් කරන්නත් ඕ‍නේ. ‍තව මිනිත්තු පහ හයක් එ‍හෙමම බැදෙන්න දීලා වතුර ටික එකතු කර ගන්න. ව්‍යංජනය කලවම් කර විනාඩි පහ‍ළොවක් විතර මද ගින්‍‍නේ පිස ගන්න. ඔය කියපු ‍වෙලාව ළං ‍වෙද්දි අර එකතු කරපු වතුර ටි‍කෙන් ටික හි‍දෙනවා ‍පෙ‍නෙයි. එක‍කොට තමයි ‍පොල් කිරි එකතු කර ගන්‍‍නේ.‍ පොල් කිරි එකතු කළාට පස්සේ තව විනාඩි පහ‍ළොවක් විතර පිස ගන්න ඕ‍නේ. දැන් මස් කරිය පදමට හැඳිලා නම් ලුණු එ‍හෙම මදි පාඩු බලලා එකතු කරලා  ලි‍පෙන් බා ගත්තු රසම රස එළු මස් කරිය උඩින් ලස්සනට ‍තෙල් පෑ‍දෙනකල් විනාඩි පහක් විතර ප‍සෙකින් තියන්න.

තවත් රස බේරෙන කෑම වර්ග 08 ක් හෙට පලවන ඊලඟ ලිපියෙන්….

Tags: නවතම
Share88Tweet43
Previous Post

මාළඹේ-කොළඹ සැහැල්ලු දුම්රිය තවත් වසර පහක් ප්‍රමාද වේ

Next Post

විදෙස්ගත ශ්‍රමිකයන් 20,000ක් භාරගන්න ජවිපෙ සූදානම්

Related Posts

ලිය වරුණ

අමාරු කාලෙට අපූරු කෑම… කෙහෙල්බඩ වලින් සියඹලා වලින් ඖෂධීය කෑම හදමු…

ජූනි 13, 2022
අරුණි විජේවර්ධන
පුවත්

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022
Apsari Thilakarathna
ලිය වරුණ

ජීවිතය ඉගෙන ගන්න දෙන්න.. දරුවන්ට සියල්ල ලබා දීම සෙනෙහස නොවේ…

දෙසැම්බර් 3, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.