බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සෞභාග්‍යයේ  දැක්මට පාසලක් හදනවා නම් ධම්මික  – දිලිත් ජෝඩුව  අගුළු කඩාගෙන පාසලට රිංගුවේ ඇයි

නුගේගොඩ විජයාරාම ආදි සිසු අනුශාසක හිමි අසයි

by editor
මැයි 5, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

නුගේගොඩ විජයාරාම විද්‍යාලය සහ ඉඩම කොළඹ දේවි බාලිකා විද්‍යාලයට පවරා දීම ජාතික අවශ්‍යතාවක් මත රජයේ සෞභාග්‍යයේ දැක්මට අනුව සිදුවන වැදගත් කාර්යයක් නම් පසුගිය දවසක ප්‍රකට ව්‍යාපාරිකයන් දෙපළක් වන  ධම්මික පෙරේරා  සහ දිලිත් ජයවීර මහත්වරුන් බලහත්කාරයෙන් ඉබි යතුරු කඩා අයුතු ලෙස ඇතුළු වී මෙම විද්‍යාල භූමිය නිරීක්ෂණය කරන්නට  පියවර ගැනීම තමන්ට ප්‍රශ්නයක් බවත් රටේ විද්‍යා අංශයේ උසස් පෙළ සිසුන්ට ඇති පහසුකම් වැඩි කරන්නේ නම් පාසල් වැහෙන තතත්වයට පත් නොකොට නව සංකල්පයක් යටතේ මෙම පවතින විජයාරාම පාසලම වැඩි දියුණු කිරීමේ හැකියාවක් පවතින බවත් එම විද්‍යාලයයේ ආදි සිසු සංගමයේ පැවිදි අනුශාසක පූජ්‍ය ගංගොඩවිල මුදිත මනෝ හිමියෝ පවසති.

දේවි බාලිකා විද්‍යාලයයේ විද්‍යා සහ ගණිත අංශය ව්‍යාප්ත කිරීම සඳහා ශ්‍රි ජයවර්ධනපුර කලාපයට අයත් නුගේගොඩ ශ්‍රි විජයාරාම විද්‍යාලය දේවි බාලිකා විද්‍යාලයට පවරා දීම සම්බන්ධයෙන් මේ වනවිට අනුමත වී ඇති කැබිනට් පත්‍රිකාව පිළිබඳව අදහස් දක්වමින් මුදිත මනෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළේ 1953 පටන් පැවැති මෙම විද්‍යාලය දියුණු කරනු වෙනුවට ප්‍රදේශයේ දානපතියන් ධන පරිත්‍යාගයෙන් ඉදිකොට විශාල සිසුන් සංඛ්‍යාවකගේ ඇස් පෑදු මෙම පාසල සම්පූර්ණයෙන්ම දිය කොට එය දේවි බාලිකා විද්‍යාලයට ලබා දීම පසුපස ක්‍රියාත්මකවන ව්‍යාපාරි බලවේග සම්බන්ධයෙන් කුකුසක් පවතින බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මුදිත මනෝ හිමියෝ මෙසේද පැවසූහ.

“ අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහත්තයා මෙම කැබිනට් පත්‍රිකාව සකස් කර තිබෙන්නේ පසුගිය මාර්තු මාසේ 29 වැනිදා. මෙම ව්‍යාපාරික දෙපළ මේ විද්‍යාලයයට බලහත්කාරයෙන් ඇතුළුවෙලා තිබෙන්නේ ඊටත් කලින්. රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට අනුව උසස් පෙළ විද්‍යා අංශයේ සිසුවියන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් මෙය කළ බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙනවා. එවැනි වැඩපිළිවෙළක් නම් මොකටද රජයේ නිසි පියවරවලින් තොරව බලහත්කාරමින් හොර රහසේ කටයුතු කළේ්. මේ සම්බන්ධයෙන් විදුහල්පතිනිය සහ අධ්‍යාපන අධ්‍යක්ෂ මිරිහාන පොසියට පැමිණිලි කළත් පොලිසිය මෙය විමර්ශනය කර තිබෙන්නේ ඊට මාසකයට පසුව. කොහොම වුණත් එතනන් එහාට සිදුවිය යුතු පිළිවෙත ඉදිරියට ගිහින් නෑ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කොහොම නමුත් මේ වනවිට මෙම පවරා ගැනීම සඳහා පළාත් ආණ්ඩුකාරයාගේ අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙන්නේ දේවි බාලිකා විද්‍යාලයයට වසරකට උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා 3000ක් පමණ ඉලලුම් කරන බවයි. ඔවුන්ගෙන් අවස්ථාව සැලසෙන්නේ 200කට බවත් ඉතිරි 2800කට එම වරම අහිමි වන නිසා මෙම විද්‍යාලය පුළුල් කිරීමට අවශ්‍ය බව සඳහන් වෙනවා. අපට ප්‍රශ්නයක් තිබෙනවා මෙම දරුවන් මෙතෙක කලක් ලංකාවෙ වෙනත් පාසලකින් උසස් පෙළ කළේ නැද්ද කියල. අනෙක 1953 සිට පවතින මේ පාසල විනාශ නොකර ඔය ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකිද කියන ප්‍රශ්නය අපට අහන්න වෙනවා.

මෙහිදී අප දැනට මේ පාසලේ සිටින සිසුන් සම්බන්ධයෙන් මේ ක්‍රියාවලියේදී අවධානය යොමු කර ඇති ආකාරය සැලකිල්ලට ගත යුතුයි. මහාචාර්ය ජී.එල් පීරිස් අධ්‍යාපන ඇමතිතුමා මේ කැබිනට් පත්‍රිකාව මුලින්ම අමාත්‍ය මණ්ඩලයට දාන්නේ අප්‍රියෙල් මාසේ 04 වැනිදා. එහි තිබෙනවා මෙම පාසලේ දරුවන් ගේ අනාගතය සම්බන්ධයෙන් ඔවුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් අවශ්‍ය කටයුතු  කළ යුතුයි කියල. නමුත් මේ කැබිනට් පත්‍රිකාව යළිත් අප්‍රියෙල් මාසේ 19 වැනිදා එන්නේ සංශෝධනය වෙලා. එහි තිබෙන ආකාරයට දැනට විජයාරාම පාසලේ සිටින දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ වගන්තිය සංශෝධනය වෙලා. එයත් සැලකිය යුතු කරුණක්.

කොහොම වුණත් මේ කැබිනට් පත්‍රිකාවෙම තිබෙනවා විජයාරාම පාසලේ සිටින දරුවන් ට කෝට්ටේ සී.එම්.එස් විද්‍යාලය හෝ ඔවුන්ගේ දෙමාපියන්ගේ අභිමතය පරිදි සුදුසු විකල්ප පාසලක් ලබා දීමට. එමෙනම් මේ දරුවන්ට එම පාසලට පවතින දුර නිසා ඔවුන්ට වසර දෙකකක් යන තුරු ධම්මික පෙරේරා සහ ඔහුගේ බිරිඳ ප්‍රශිලා මහත්මිය නමින් ඇති ධම්මික ප්‍රශිලා පදනම මඟින් නොමිලේ ප්‍රවාහන පහසුකම් දෙන බවද සඳහන් කරනවා. එනම් අවුරුදු දෙකෙන් එහාට ඒ ළමයින් ගැන බලන්නේ කවුද යන ප්‍රශ්නය මේ කැබිනට් පත්‍රිකාව තුළම තිබෙනවා. ED/Act/21/10 දරණ මෙම කැබිනට් පත්‍රිකාවේ ම සඳහන් වෙනවා, මෙම දේවි බාලිකා විද්‍යාලයයේ විද්‍යා ගණිත අංශය හදන්න ධම්මික පෙරේරා මහතා මිලියන 100ක මුදලක් ලබා දෙන බව.

රටේ විද්‍යා ගණිත අධ්‍යාපනයේ පවතින ප්‍රශ්නයක් විසඳන්න ඔවුන් උදව් කිරීම ගැන අප සතුටු වෙනවා. නමුත් ඔවුන් මේ ඉදිරිපත් කරන්නේ ඊට හොඳම විසඳුමද යන්න අපට ගැටලුවක් බව එහිමියෝ පැවසූහ.

ප්‍රදේශයේ දානපතියන්ගේ ගේ පරිත්‍යාගයෙන් ගොඩ නැගුණු විජයාරාම විහාරයේ ආශිර්වාදය ලැබුණු මෙම පාසල විනාශයට පත් කිරීමේ තීරණය වෙනුවට අවශ්‍ය නම් රජයට මෙවැනි පාසල් කිහිපයක් හෝ උසස් මට්ටමින් නිර්මාණය කොට මෙරට විද්‍යා ගණිත පමණක් නොව සමස්ත සියලුම සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාත්මක විය හැකි බව උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් නිසා මාන්කුලම රෝහලම වැසේ… ලෙඩ්ඩු මුලතිව් රෝහලට..

Next Post

ක්ලබ් – ස්පා – සූදු පොළවල් හදිසි පරීක්ෂාවකින් 75 ක් අත්අඩංගුවට

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.