බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ඇමේසන් වනයේ ස්වදේශිකයන් රැකගන්න කොවිඩ් එක්ක යුද වදින වැන්ඩා

ගෝත්‍රික පවුල් 700ක් රැක ගන්න අනවරත අරගලයක යෙදෙන ඇමේසන් වනයේ හෙදියගේ කතාව

by editor
ජූනි 12, 2020
in ජීවිතය, පුවත්
වැන්ඩලීසියා ඕටෙගා ඩොස් සන්තෝස්

වැන්ඩලීසියා ඕටෙගා ඩොස් සන්තෝස්

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

පිරටපුයා ගෝත්‍රයට අයත් විසෙන්ටේ පිරටුපුයාට අධික ලෙස උණ වැලඳී තිබුණා.  හුස්ම ගැනීමටත් අපහසු වුණා. ඒත් 69 හැවිරිදි මේ මහළු මිනිසා ඔහුගේ නිවහන පිහිටි ඇමසන් වැසි වනාන්තරය හැරයාම තරයේම ප්‍රතික්ෂේප කළා. එක්තරා හෙදියක් ඔහුට කිට්ටු වුණා. හැකි ඉක්මනින් රෝහලට නොගියා නම් මරණය නිසැක බව ඔහුට ඒත්තු ගැන්වීමට එම ගෝත්‍රයටම අයත් එම පුහුණු හෙදියට ඔහුට නොසෑහෙන්න බැණ වදින්නට පවා සිදුවුණා.

ඇය වැන්ඩලීසියා ඕටෙගා ඩොස් සන්තෝස්, එසේත් නැතිනම් ඇගේ අසල්වාසීන්ට අනුව ‘වැන්ඩා‘.

බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරයේ පවුල් 700ක ගෝත්‍රික ජන සමූහයක් වන ඉන්ඩිජෙනස් ස්වදේශීක ජනවාර්ගිකයන් කොවිඩි වසංගතයෙන් මුදවා ගැනීමට ඇයට ස්වේච්ඡාවෙන් වැඩ කරන්නටයි සිදුවෙලා තිබුණේ. තම ආදි වාසී ප්‍රජාව මේ මාරක වසංගතයෙන් රැක ගැනීම වැන්ඩාගේ එකම හීනය බවටත් පත්වුණා.

එකිනෙකට වෙනස් ගෝත්‍රික ජන සමූහ 35ක් පමණ ජීවත්වෙන ඇමසන් වැසි වනාන්තරයේ බ්‍රසීලයේ කොවිඩ් වසංගතයේ තෝතැන්නක් බවට  පත්වීමේ ලකුණු පහළ වෙමින් තිබුණා. ඇරත් මේ තත්ත්වය නිසා බ්‍රසීල ආදි වාසීන් සදහටම වඳ වී යාමේ අවදානමකුත් ඇතැයි එරට රජය අනතුරු අඟවා තිබුණා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

වැන්ඩා සිය ගෝත්‍රික ප්‍රජාව රැක ගැනීමේ හුදෙකලා සටන ආරම්භ කරන්නේ එවැනි පසුබිමකයි. ග්‍රාමීය පරිසරයකට හුරුපුරුදුව සිටියත්, වාරිමාර්ග සහ විදුලිය එහි බොහෝ නිවාසවලට තිබුණේ නෑ. කොවිඩ් වසංගතයෙන් බරපතළ ලෙස රෝගාතූර වූවන් රැගෙන යාමට එහි පැමිණීම පවා ගිලන්රථ නිරන්තරයෙන්ම ප්‍රතික්ෂේප කරන තත්ත්වයකුයි තිබුණේ. මහජන සෞඛ්‍ය සායන නම් පැත්ත පළාතෙවත් තිබුණේ නෑ.

මාරක වෛරසය බ්‍රසීලය පුරා පැතිරෙන්නට පටන් ගෙන ඇති නිසා නගරවලත්, ගම්වලත් ඒ අවට වෙසෙන ආදිවාසීන්ගෙත් ජීවිත භයානක ඉරණමකට ගොදුරු වෙමින් තිබුණා. මේ වසංගතය නිසා ස්වදේශීක මරණ කිහිපයකුත් වාර්තා වුණා. නමුත් නාගරික පළාත්වල සිදුවන මරණ සංඛ්‍යාව ගණනය කළොත් අවම වශයෙන් ආදිවාසී ජීවිත විස්සකට වැඩිය මේ වනවිටත් අහිමිවී ඇතැයි ඇතැම් වාර්තා මගින් පෙන්වා දුන්නා. ඒත් නිවැරැදි දත්ත කවුරුවත් දැන සිටියේ නෑ.

‘අපේ ජනතාව කොවිඩ් වසංගතයෙන් මිය යමින් සිටින්නේ. ඔවුන්ට කිසිම පහසුකමක් ලැබී නෑ.‘ කොලොම්බියා දේශ සීමාවේ පිහිටි ඇමසන් නදියේ ඉහළ කෙළවරේ පදිංචිව සිටින මේ පිරටපුයා ගෝත්‍රයට අයත් 32 හැවිරිදි වැන්ඩා එසේ කියනවා.

32 හැවිරිදි වැන්ඩා උපන්නේ ඇමසන් නදිය අසබඩ පිහිටි අමතුරා ගම්මානයේ. ඇය හෙදියක ලෙස පුහුණුව ආරම්භ කළේ මීට අවුරුදු දහයකට පෙරයි. ඇයට ඊට පෙර නාගරික පළාතක සමේ පිළිකා රෝගයෙන් පීඩා විඳින පුද්ගලයන්ගේ ආවතේව කිරීමේ අවස්ථාවක් ලැබී තිබුණා. ඉන් පන්නරය ලැබූ ඇය නිරතව සිටින්නේ  දැන් තම ගෝත්‍රය කොවිඩ් වසංගතයෙන් මුදවා ගැනීමේ සටනකයි.

ඇය සටන ආරම්භ කළේ වසංගතයේ පැතිරීම ආරම්භ වීමත් සමගයි. ඇය පළමුව කළේ වට්ස්ඇප් කණ්ඩායමක් හරහා කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් සොයා ගැනීමයි. සති කිිහිපයකින් ඇය තම ගෝත්‍රිකයන් අතර කොවිඩ් වසංගතය ආසාදනය වූ රෝගීන් 40ක් පමණ නිරීක්ෂණය කළා. ගිලන් රථ සොයා ගත නොහැකි නිසා ඇය මේ රෝගීන් රෝහල් කරා යොමු කළේ කුලියට ගත් පැරැණි මෝටර් රථයකින්.

වැන්ඩා සිය රෝගීන්ට වේදනා නාශක පෙති සහ අනිකුත් මූලික ඖෂධ ලබා දුන්නා. ඒ වගේම වෛරසය බෝවීම වළක්වාගැනීමට වුවමනා කරන උපදෙස් ටිකකුත් දුන්නා. ඇය එවැනි රෝගීන් සිටින නිවාසවලට (සැබැවින්ම ඒවා පැල්පත්) ඇතුළු වුණේ ආරක්ෂිත කබායක්, අත්වැසුම් හා මුව ආවරණ සහිතවයි. සමහර වෙලාවට බ්‍රසීල ගෝත්‍රිකයන්ට ආවේනික මැකෝ කුරුල්ලන්ගේ පිහාටුවලින් සකස් කළ සම්ප්‍රදායික හිස්වැසුමකුත් පාවිච්චි කළා.

‘කුසගින්න මේ අහිංසක මිනිස්සුන් සොයා ආවේ වෛරසයටත් කළිනුයි. ‘ වැන්ඩා කියනවා. සමාජ දුරස්ථභාවය කොවිඩ් වසංගතය වළක්වාගැනීමට උපකාරි වුණත් එවැනි ක්‍රමවේද ගැන ගෝත්‍රිකයන් සැළකිල්ලක් දැක්වූයේ නෑ. ගෘහ සේවිකාවන් විදියට රැකියාව කරන ගැහැනුන් වගේම කම්කරුවන් විදියට රැකියාවේ නිරතව සිටින පිරිමින්ටත් සමාජ දුරස්ථභාවය කියන්නේ ඔවුන්ගේ ආදායම් මාර්ග අවහිර වීමක්.

‘අපිට මහජන ආධාර නොලැබුණු නිසා ආහාර හා සනීපාරක්ෂක කට්ටල පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මම සමාජ මාධ්‍ය ඔස්සේ පටන් ගත්තා.‘ වැන්ඩා ඉන් නොනැවතී  සිය ප්‍රජාවට අවශ්‍ය මුව ආවරණ මැසීමට කාන්තාවන් කිහිපදෙනක් සිය මවගේ නිවසට ගෙන්වා ගත්තා. එමගින් එක් මහන මැෂිමකින් දිනකට මුව ආවරණ 30ක් පමණ මසා නිම කිරීමට හැකිවුණා.

වැන්ඩාගේ ගෝත්‍රික ප්‍රජාව පදිංචිව සිටි පළාතේ ප්‍රධානතම නගරය වූයේ මනුස් නගරයයි. වතාවක් බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමැතිවරයා මේ නගරයේ පිහිටි රෝහල කරා පැමිණියා. ඒ මොහොතේ වැන්ඩා තම ප්‍රජාවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ඉල්ලා තවත් කාන්තාවන් පිරිසක් සමග රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා. ‘ස්වදේශිකයන්ගේ ජීවිතවල වටිනාකම‘ ඔවුන්ගේ සටන්පාඨය වුණා.

විරෝධතාව සාර්ථක වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස රෝහල් පරිශ්‍රය අසළ ස්වදේශිකයන් වෙනුවෙන් වෙනම වාට්ටුවක් ස්ථාපිත කරන්න රෝහල් බලධාරින් පොරොන්දු වුණා. මේ දිරිය කාන්තාවගේ ඉලක්කය ස්වදේශිකයන් කොවිඩ් වසංගතයෙන් මුදවා ගැනීම පමණක් නොවේ. ඇගේ සිහිනය බ්‍රසීලය තුළ ඔවුන්ට වටිනාකමක් ලබාදී පොදු පහසුකම් සියල්ල සපුරාලීමයි.

Tags: නවතම
Share134Tweet43
Previous Post

නිලූකා ඒකනායකත් සජිත්ගේ ලැයිස්තුවෙන් ඉවත් වෙයි

Next Post

වැඩිම ඡන්දදායකයෝ ගම්පහින් – දිගම පත්‍රිකාව දිගාමඩුල්ලෙන්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.